ඉන්න ඇත්තො

7 කව්ද මේ...?

හැමදාමත් සීරියස් දේවල්ම ලියන හින්ද, හිතුන ටිකක් වෙනස් දෙයක් ලියන්න කියල...
ඒක නිසා පොඩි වෙනසකටත් එක්ක මේක ලියන්න හිතුව.. හැබැයි ඔන්න කවුරුත් තරහ වෙන්නනම් බෑ.


අපි හැමදාමත් කොම්පියුටර් වගේ උදේට ඔන් වෙනව... හවසට ඕෆ් වෙනවනෙ... ඒක තමා සතියෙ දවස් 5ම කරන්නෙ.... ඉතින් වැඩ වැඩ වැඩ.. ඉවරයක් නැති වැඩ.. මහාමේරුව ඔලුවෙ තියා ගත්ත වගේ ඔලුවෙ බර... ඔන්න ඕක නිසා වැඩ වලින් ටිකක් ඈත් වෙලා නිදහසේ විනෝද වෙන්න කියල පොඩි විනෝද චාරිකාවක් යන්න අපේ කට්ටිය තීරණය කලා. වැඩේ ඕගනයිසින් පාට් එක සෙට් උනේ අපේ අලුතෙන් ආව නංගිලා මල්ලිලා ටිකකට තමයි ඔන්න..
කොහොම කොහොම හරි වැඩ අස්සෙම වැඩේ සෙට් කලා. නිකන්ම ගිහින් එනවට වඩා පොඩි තරඟයක් තිබ්බොත් ගතියක් තියෙන නිසා ඒව ඒ විදියට සෙට් කරල තිබුණ.. ඒවට දෙන්න තෑගිත් සෙට් කලා. (ඕගනයිසින් කොමිටියෙ සාමාජිකයො වැඩියෙන්ම හිටිය කණ්ඩායම තමයි ඉතින් අන්තිමේ දිනුවෙ. ඒක වෙනම කතාවක්.) කොහොම හරි වැඩේ ලස්සනටම කෙරුන.
අපි ගමන ගියෙ ඔහියෙ, නතර උනේ "World's End Lodge". ඒක නිවාඩුවකට නියම තැන.(මම එහෙම කීවෙ එතන්ට ජංගම දුරකතන වැඩ කරන්නෙ නැති නිසා.. ඒකනම් පුදුම සහනයක්...) කොහොමහරි අපේ කොමිටියෙ නංගිල, මල්ලිලා ගමනට කලින් ඉඳල සෑහෙන කට්ටක් කෑවනෙ.. මොකද සෙට් එකම අලුත්... තාම පරිවාස කාලෙනෙ.. ඉතින් ඔක්කොම පරිස්සම් කර ගන්න ඕනෙනෙ.. "මරණ ඉරි" පහු උනොත් ජොබ් එක කේස්.. ට්‍රිප් එක සවුත්තු උනොත් ඉඳල ඉවරයි.. කොහොම හරි වැඩේ කරගෙන ගියා.. ඒ අතරේ අපේ පරණ කට්ටියත් සමහරු පුලු පුලුවන් විදියට සප් එක දුන්න...
ඉතින් අපි කොහොම හරි ගමන ගියා කියමුකො.. දැන් ඔය වගේ ගමනක් ගියාම ඉතින් අම්මල නෑනෙ ගෑණු ළමයි බලා ගන්න. ට්‍රිප් එක දවස් දෙකක්නෙ.. එයාල, එයාලවම බලා ගන්න ඕනෙ.. මොකද ඔෆිස් එකේ බහුතරය පිරිමි නිසා, ගෑණු ළමයින්ගෙ ඕනෙ එපාකම් හොයල බලන්න ටිකක් දැනුම් තේරුම් ඇති කෙනෙක් ඉන්නම ඕනෙ. එහෙම කෙනෙක් නෑ කියල ඉතින් එයාල නොගිහින් ඉන්න බෑනෙ. 
අනේ ඉතින් අපේ ඔෆිස් එකේ ඉන්න ගෑණු ළමයි ටිකත් ආව කොහොම හරි. වැඩිහිටියො හිටියෙ නැතුවමත් නෙවෙයි. අපි ඒක අමතක කරමුකො.
කොහොම හරි අපි ගමන ගියා.
ඉතින් වැඩේ කියන්නෙ, අපිට හිටියනෙ ගෑණු ළමයි බලාගන්න කෙනෙක්... අපරාදෙ කියන්න බෑ ගෑණු ළමයින්ට කිසි අඩු පාඩුවක් වෙන්න දුන්නෙ නෑ මේ මලය.
කෑම-බීමද, නවතින තැනද, කිසිම අඩුපාඩුවක් නම් වෙන්න දුන්නෙම නෑ. හැමදේම හොයල බලල කලා. කිසි කෙනෙකුට අඩු පාඩුවක් වෙන්න දුන්නෙ නෑ... කොහොමින් කොහොමින් හරි පව් කොල්ලට නමකුත් වැටුන කියමුකො ඉතින්.. ඒකත් එසේ මෙසේ නමක් නෙවෙයි... දෙවි කමක්...
"බඩු බාර දෙවියො" 
(ඔය විශේෂණ පදේට මම එච්චර කැමති නම් නෑ... ඒත් ඉතින් නම ඒකනෙ.)
අපරාදෙ කියන්න බෑ, ඒ නමට ගැලපෙන උපරිම විදියට වැඩ කලා.. කොටින්ම කීවොත් සමහර ගෑණු දරුවන්ට උදෙන්ම දැක්කම "අනේ දෙයියො දැක්ක වගේ" ඉබේම වගේ කියවුනා.
කොල්ල හොඳ එකා... කිසි වරදක් නැති එකා... 
අපේ ඉතින් දුෂ්ඨයො හිට්යෙ නැතුවමත් නෙවෙයි...  
දන්නවනෙ ඉතින් කොල්ලෙක් කෙල්ලො ටිකක් එක්ක ඉන්නකොට හිතේ දුක ඇති වෙන එවුනුත් ඉන්නවනෙ.. එහෙම හිත රිදුන එවුන් ටිකක් තදට විහිලු කලේ නැතුවමත් නෙවෙයි..
හැබැයි ඉතින් අපේ මලය වෙලාවකට අර "වර්ණපාල තියරිය" අනුගමන කරනවද කියල හිතෙනව...කියන්න කියන්න තව තව උදව් වැඩි වෙනව... කමක් නෑ ඉතින්... මොක උනත් කොල්ල හොඳ එකා.

අපේ මේ දෙයියො කොයිතරම් තමන්ගෙ දේව කාරිය කරනවද කියනවනම් ආරන්චියෙ හැටියට ට්‍රිප් එකෙන් පස්සෙත් කෝල්ස් එනව කියල තමයි කියන්නෙ... ඒ අපේ ඔෆිස් එක ඇතුලෙන් නෙවෙයි.. පිට පලාත් වල , ඒත් දෙවියන්ගෙ පිහිට පතන ඈයො..

කොයි හැටි වෙතත්, අපේ "බඩු බාර දෙයියො" හොඳ එකා.. කාටවත් කිසි කරදරයක් නැතුව, තමන්ගෙ වැඩේ කරගෙන යනව..
ඇත්තටම හොඳ එකා.

0 මනුස්සකම...

කලින් ලියපු හැම දේකටම වඩා වෙනස් දෙයක් ලියන්න හේතුවක් ඇති උනා... කවදාවත්ම මෙහෙම දෙයක්නම් ලියන්න හිතුවෙ නෑ..ඒත් අඩුම ගානෙ මේක කියවන අයගෙන් එක්කෙනෙක් හරි ටිකක් හිතන්න පුරුදු වෙන්න පුලුවන්.. ඒ නිසා ලියනව..  සමාවෙලා ටිකක් කියවල බලන්න..
සාමාන්‍යයෙන් සිකුරාදා දවසෙ 7.15 මඩකලපු කෝච්චියෙ ගෙදර යන එක මගෙ පුරුද්දක්.. එදා (2011-09-08) සිකුරාදා නොවුනත්, පුරුදු කෝච්චියෙ ගෙදර යන්න කොටුවට ගියා.. පුරුදු විදියටම කන්න, බොන්න අරන් කොච්චියට ගොඩ උනා. මම යන්නෙ දෙවෙනි පන්තියෙ... (ලොකු කමකට නෙවෙයි... කරදර අඩුයි.. ඒකයි..)
හැබැයි එදානම් වැඩේ අවුල්.
ගාල කඩා ගත්ත හරක් රැලක් වගේ කෙල්ලො, කොල්ලො ටිකක් නැග්ග මම නැගපු පෙට්ටියටම... කන් දෙක අගුල් වැටුන වගේ උන්ගෙ සද්දෙට. අර කවුද පඩි ගත්ත වගේ කියන කතාවනම් ඇත්තයි කියල මට හිතුන..කොටින්ම එලියෙ යන කෝච්චියක සද්දෙවත්, යකඩ කටෙන් කෑ ගහල කියන දෙයක්වත් ඇහෙන්නෙ නෑ.. හිතාගන්න පුලුවන් ඇතිනෙ..වැඩේ කියන්නෙ ඒ එක්ක නැගපු ගුරුවරුත් ඊට දෙවෙනි නෑ.. හැබැයි ඉතින් වරදකුත් නෑ.. මොකද ගුරුවරු උනාම ළමයිට වඩා සද්ද වෙන්න ඕනෙනෙ.. ඉතින් මුන්ගෙ තිබුන සද්දෙ එක්ක බලපුවම, එයාට ඊට හයියෙන් කෑ ගහන්න ඕනෙ..
කමක් නෑ, බීරි මාක් කනේ මූඩි කුට්ටමක් මගෙ බෑග් එකේ තියෙනවනෙ, කොම්පුටරෙත් ගහගෙන සින්තුවක්වත් අහනව කියල හිතුව.. ඒ එක්කම එක සිංහල අය්ය කෙනෙකුත් නැගල වාඩි උන මගෙ ළඟින්.. එයත් කතා කලේ මේ සද්දෙ ගැන තමයි..
කොහොමහරි කෝච්චිය යන්න ළඟයි... අනේ අවුරුද්දක විතර පොඩි එකෙකුත් වඩාගෙන අම්මෙකුයි, තාත්තෙකුයි නැග්ග අපි හිටිය පෙට්ටියට..දැන් එයාල හිටගෙන.. වාඩි වෙන්නනම් ඉඩක් නෑ.. හිටිය හැම එකාම එයාල දිහා බැලුවෙ මොන එහෙකට මේකට නැග්ගද මන්ද කියල වගේ... රටේ ජනගහනයෙන් බහුතරය ගැහැණු වගේ, මේ පෙට්ටියෙත් හිටිය බහුතරය ගැහැණු... හැබැයි, ඒ එකෙක්වත් ජීවිතේ කවදාවත් අම්මෙක් වෙන්නෙ නැති එවුන් ගානට තමයි හැසිරුනේ..
හිටගෙන යන එක අමාරු බව මම දන්නව... ඒ මදිවට පොඩි එකෙක් වඩාගෙන හිටගෙන යන එක තව අමාරුයි..තවත් බලා ඉන්න බැරිම තැන මම නැගිට්ට. බබත් අරන් වාඩි වෙන්න කියල මම එතනම හිටගත්ත... මගෙත් කට හොඳ නෑනෙ, තියෙන තරහට මාව වෙවුලනව... "මේකෙ යන එවුන්ට කවදාවත් ළමයි හම්බෙන්නෙ නෑනෙ" මගෙ කටට බ්‍රේක් තිබුනෙම නෑ. ඒ කතාව ඇහුනම වටේම හිටිය එවුන් (සමාවෙන්න ඕනෙ මම හැම වෙලේම "එවුන්" කියන වචනෙ පාවිච්චි කලාට.. උන්ට ඒ ආමන්ත්‍රණයත් හොඳ වැඩී) මගෙ මූණ බැලුව..  ඇත්ත කියන්නයි, බිම ඉඳ ගන්නයි බය වෙන්න ඕනෙ නෑ කියල කතාවකුත් තියෙන්නෙ.. මොකද උන් මාව මරන්නද.. මගෙ දිහා බලපු හැම එකගෙම මූණ දිහා මමත් බැලුව..මම බැලුව සැර වැඩිද මන්ද... ඒක ඉවස ගන්න බැරි වෙච්ච ඉස්සරහම හිටිය උන් 4 දෙනා මගෙ දිහා බලල මොනවද කීව.. භාෂාව තේරුණෙ නැති උනාට ඒ බැනෙ මට කියන එක මට තෙරුණ. ඒ මදිවට මුන් උන්ගෙ එතනම හිටිය ගුරුවරයටත් කතා කරල ඒ විදියටම මාව පෙන්නල මොනවද කීව...
මම කෙලින්ම අර ඉඩ දුන්න අයගෙන් ඇහුව "මුන් බණින්නෙ මට නේද" කියල. මොකද එයාල මුස්ලිම් ජාතිකයො.. එයාලට තෙරෙනවනෙ.. ඒ අය හරි අහින්සක විදිය හිනා වෙලා කීව "ඔව්" කියල.
ඒ ගමන මට ආව කේන්තිය කියන්න මට වචන නෑ.. 
මම කෙලින්ම උන්ගෙ පැත්තට හැරිල, උන්ට තේරෙන භාෂාවෙන්, "උඹල හිතාගෙන ඉන්නෙ කවදාවත් උඹලට ලමයි හම්බෙන්නෙ නෑ කියල. මට උඹලගෙ භාෂාව තෙරුනෙ නැති උනාට ඒ වාඩි වෙච්ච අයට ඒක තෙරෙනව... මම දන්නව උඹල බැන්නෙ මට කියල. උඹල වගේ නැහැදිච්ච එවුන්ට ඉස්කෝලෙදිවත් මනුස්සකම උගන්නල නෑ. කොහෙද ටීචර්ලත් ඒකටම එකතු වෙල හිනා වෙනවනෙ..." කියල කෑ ගැහුව. මම එහෙම කියන කොට හැම එකාම නැගිටල බැලුවෙ අර වාඩිවෙන්න සීට් එක දින්න අය දිහා.. උන් හිතුවෙ නෑ ඒ අයට උන්ගෙ කතාව තේරෙයි කියල..අනික හිතන්න නැතුව ඇති තනි මම කවදාවත් කතා කරයි කියල.
ඒ ගමන හැම එකාම බිම බලා ගත්ත.. ටිකකින් එතන්ට ආව එතන හිටිය ගුරුවරුන්ගෙන් ප්‍රධාන කෙනා කියල හිතන්න පුලුවන් ටීචර් කෙනෙක්... ඇවිත් ඇහුව ඇයි කියල... මම පැහැදිළි කරල කීව මුන්ට ඉස්කෝලෙ මනුස්සකම කියන්නෙ මොකද්ද කියලවත් උගන්නල නෑ කියල.. අනික අනිත් ගුරුවරුන්ට කියල දෙන්න ළමයිට ආදර්ශයක් වෙන්න හැසිරෙන්නෙ කොහොමද කියල.. ඒ ගමන ඒ ගුරුවරී මගෙන් සමාව ඉල්ලල එයාගෙ ගෝල බාලයන්ට මොනව හරි හයියෙන් හයියෙන් කීව... ඒ ගමන මට හිනා වෙච්ච එවුන්ම මට වාඩි වෙන්න සීට් එකක් දුන්න... ඒත් මම කීව මට හිටගෙන යන්න පුලුවන් තාම කියල.. 
ඔය අතරෙ තමන්ගෙ ඉස්කෝලෙ කෙල්ලන්ට කාඩ්බෝඩ් වීරයො වෙන්න හදන මෝඩ කොල්ලො දෙතුන් දෙනෙක් ආවෙ නැතුවම නෙවෙයි සිංහල මිනිස්සුන්ට බැණ බැණ මට ගහන්න.. ඒත් ඒක දුර දිග යන්න දුන්නෙ නෑ අර කලින් කීව ගුරුවරිය... ඒක එහෙම නොවෙන්න, කතාව ඊට පස්සෙ යන්නෙ ජාතිවාදී කතාවක් හැටියටනෙ.. ඒ නිසා මම ඒ ගැන ගොඩක් හිතුව..
කොහොම හරි මම කුරුණෑගලින් බැස්ස.. අර ලොකු ගුරුවරී කීවෙනම් ළමයි "Played 3 matches." ඉතින් මහන්සිනෙ... නැගිටල යන්න බෑ කියලයි... හැබැයි උන්ට එහෙම එකක්නම් තිබුනෙ නෑ... දෙමටගොඩ, කැළණිය හරියෙ ඉඳල මම බහිනකොටත් උන් එකෙක්වත් සීට් වල වාඩි වෙල හිටියෙ නෑ... සින්දු කීව. නැටුව..
ඔන්න "මනුස්සකම". අපි මහලොකුවට කතා කරන්නෙ මනුස්සකම අගයන සමාජයක් ගැන.
ඒ ටීචර් කියපු විදියට එයාල "කල්මුනේ විද්‍යාලයෙ". ඔයාල දන්න කෙනෙක් ඉන්නවනම් වැරදිලාවත්, කියන්න ඉස්කෝලෙ ළමයිට කෙසේ වෙතත්, ගුරුවරුන්ට මනුස්සකම ගැනත්, තමන්ගෙ සිසුන් ඉස්සරහ ආදර්ශමත් විදියට හැසිරෙන හැටිත් උගන්වන්න කියල.. එහෙම නැතුව වැටුන එකා පාගල, තමන්ගෙ ගමන යන්නව්ත්,ජාති-ආගම් බේද වපුරන හැටිවත් උගන්වල සමාජෙට අමනුස්සයො බිහි කරන්න එපා කියල.. 
 
එහෙම නැත්නම්;
ලොවේ සැමා, 
එකම දැයේ දූ දරුවන් වේවා... 
වාද නැතී, 
බේද නැතී, 
ලස්සන ලොව හෙට අපට උදා වේවා 
සින්දුවක් විතරක්ම වෙයි. 
 

1 දැනුනෙ නෑ තවම මට...නොඑන වග

දෑසම 
රිදෙනකල්
බලාගෙන හිටියාට
නුඹ,
නොඑන වග
දැනුනෙ නෑ 
තවම මට...

"ගිහින් එන්නම්"

නුඹේ හඬ
ඇහෙනවා තවම
දැන් එතැයි
හැඟෙනවා සිතට

ඒත්,
රැය පහන් වන තුරුම
බලා උන්නත්,
තැලුනු හද
රිදුම් දුන්නත්,


නුඹ 
නොඑන වග
දැනුනෙ නෑ 
තවම මට...
රිදුම් දෙන හදට...