ඉන්න ඇත්තො

0 [118] හන්තාන අරණේ...

බලා වැලපෙමි
නෙළාගනු බැරි 
හන්තාන 

සිහිනේ....

දරා නෙත් අග
දොවා සිත් මල
ගොතනු මැන 
ළඳුනේ... 
සංසාර සිහිනේ...

වැහි පබළු යට
රඟමඩල මැද
ඔබේ දෑතේ 
තුරුලු වෙන්නට

බිසෝ හැර ගිය 
ළසෝ රඟහල
අමාවක අඳුරේ

නොයනු මැන
ළඳුනේ...

බලා වැලපෙමි
නෙළාගනු බැරි 
හන්තාන 
සිහිනේ....

වඩින තුරු සඳ
දුරින් ඉන්නම්
තරි ඇදුරු පෙම්
ගී අහන්නම්...

සොඳුරු ඒ සඳ
දියේ එන්නම්
ඉඳිනු මැන 
සොඳුරේ....

හන්තාන අරණේ...



සංගීතයට ආගම්, ජාති, කුළ, වයස් භේද නෑ. ඒ වගේම තමා ප්‍රවීන, නවක භේදයකුත් නෑ.

ආගම්, ජාති, කුළ, වයස භේද වලින් හිත් පුරෝගෙන රංඩු වෙන අපේ රටේ, ඒ සියළු දේට හොඳ පිළිතුරක් විශාරද අමරදේව ශූරින් සහ තරුණ පරපුරේ උමාරියා එක්ව ගායනා කළ මේ "හන්තාන සිහිනේ"..
දෑස් පියාගෙන සවන් දෙන විට සිහිනයක්ම බඳු "හන්තාන සිහිනේ" අහලම බලන්න...