ඉන්න ඇත්තො

2 2600 සම්බුද්ධත්ව ජයන්තිය..

අපි 2600 සම්බුද්ධත්ව ජයන්තිය සමරනව. ප්‍රධාන තේමාව "පිළිවෙතින් පෙළගැසෙමු" යන්නයි.. බුදුන් උපන් දේශයටත් වඩා අපි බුදු දහම වෙනුවෙන් කැප වෙලා කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑ.. පහුගිය දවස් වල 2600 සම්බුද්ධත්ව ජයන්තිය සමරන්න නා නා විද උත්සව, බෝධි පූජා, පිංකම් බහුලව තිබුන.. ඇත්තටම හරිම අලංකාරයි.. බුද්ධාලම්බන ප්‍රීතිය ඇති වන විදියේ දේවල්.
ඒත්....
ඊයෙ දවසෙ මූණු පොත පෙරළද්දි දැක්ක ඡායාරූප කීපයක් නිසා මට මේක ලියන්න හිතුන... ඒකයි දවස පටන් ගත්ත ගමන්ම අනිත් දේවල් ඔක්කොම පැත්තක තියල, මේක ලියල ඉවර කරන්න හිතුවෙ... මම දන්නව මම මේක ලීව කියල කිසිම වෙනසක් වෙන්නෙ නෑ.. ඒත්, අඩුම ගානෙ මේක කියවන ඔයාල නිකමට හරි හිතයිනෙ "අනේ කාලේ, වනේ වාසේ" කියලවත්.. මට මගෙ හිත නිදහස් කර ගන්න පුලුවන් එහෙම උනාම..
ඔයාල දන්නවනෙ, පහුගිය කාලෙ යුරෝපීය ජාතිකයන් බුදු දහමට ගරහන දේවල් කොච්චර කලාද කියල... තවමත් එහෙම දේවල් වෙනව.. අඩ නිරුවත් කාන්තාවන් බුදු පිළිම ළඟ ඡායාරූප ගන්නව... බුදුන්ගෙ රුව රැගත් බිස්කට් හදල කනව, බාර් වලට බුදුන්ගේ පිලිම ගන්නව.. මේ වගේ නොයෙක් දේ කරනව... තවමත් ඒ දේවල් සිද්ද වෙනව.
බුදුදහමට ඇලුම් කරන යුරෝපීයන් ඉන්නව.. ඒත් එක්තරා සුලු පිරිසක් තමයි මෙහෙම දේ කරන්නෙ...
හරි, ඒ අපේ අය නෙවෙයිනෙ... ඒ සුදු ජාතිකයො..
දැන් මම කියන්න හදන්නෙ මම දැක්ක දේ... ඇත්තටම මම මේ දේ දැක්කෙ ඡායාරූප වලින්.. ඡායාරූප ශිල්පියාට දොස් කියන්න බෑ.. එයා එයාගේ රාජකාරිය හරියට කරල... 
පහුගිය දවසක සුද්දන්ගෙ රටේ, ඒ කියන්නෙ එංගලන්තෙ ඉන්න අපේ කලු සුද්දො (මම හිතන්නෙ ඒ නම වැරදි නෑ) 2600 සම්බුද්ධත්ව ජයන්තිය සමරන්න ඉතා අලංකාර උත්සවයක් සංවිධානය කරල.. මොකක් හරි අපේ බොදු සංවිධානයකින් ඒක කරල තියෙන්නෙ... ඉතින් ගොඩක් උගත් අය තමා ඉන්න ඇත්තෙ.. උත්සවයෙ ඡායාරූප දැක්කමනම් ඒකෙ ඉන්නව ලංකාවෙ ඉන්න උගත් ඇමති වරයෙක්, භික්ෂූන් වහසේලා සහ විශාල උගතුන් පිරිසක්..
මම ඔයාලට බලන්න ඒකෙන් ඡායාරූප 3ක් තෝර ගත්ත... මම මේ ලිපිය ලියන්නෙ කාටවත් පහරක් ගහන්නවත්, රිද්දන්නවත් නෙවෙයි.. මට ඒක දැකල ඇති උන දුක මෙහෙම ලියල හරි තුනී කර ගන්න.. මට හිතා ගන්න බැරි අපේ උගත්යැයි කියන්නා වූ ඇත්තනුත් මේ වගේ දේවල් කරන්න අනුබල දෙනවානම්, මේ වගේ දේවල් අනුමත කරනවනම්, තව කුමන කතාද...?
ඡායාරූප ගැන මා කිසිත් නොකියමි... ඒවා ගැන කතා ගෙතීම, අර්ථ දැක්වීම මෙය කියවන ඔබ සතුයි.. අපේ ලොව්තුරා බුදුරජානන් වහන්සේගේ පිළිමයක් වේදිකාව මත තබාගෙන, නර්තනයේ යෙදෙන ලඳුන් ඡායාරූප වල දැක්වේ.. ඒවා ඉතා උද්යෝගයෙන් බලා සිටින ප්‍රබුද්ධ පිරිස දැක්වෙන ඡායාරූපද එහි අඩංගු වීය...
එක් අතකට බුදුන්ට ලේ නෑයන් සිටින අපේ රටේ කලු සුද්දන් කරන මේ විකාර ගැන ඒ තරම්ම පුදුම විය යුතුද කියන එකත් ප්‍රශ්නයක්..
අන්තිමේ..මට එක සිංදුවක් මතක් උනා.
මේ රටේ මිනිස්සු, තනිකර කෙලින්නෙ පිස්සූ...?


2 comments:

  1. තේරුමක් නෑ කතා කරලා. ඔය ලොකු ලොකු උදවිය මහා ලොකු කතා නම් කරනවා. හැමදාමත් වෙන්නේ ඔය කට්ටිය කූබි රිංගන පොඩි ගුල් වහන්න හදන එක... අනේ මුන්ගේ මොලේ තියෙන්නේ කොහෙද දන්නේ නෑ..... උගත්කම තිබ්බට බෑ අයියා. බුද්ධිමත් වෙන්න ඕනේ...... කතා කරලා තේරුමක් නෑ...... :(

    ReplyDelete
  2. පින්තුර දැක්කම මට සිහි උනේ තණ්හා රති රඟා මර දුතියන්ගේ නැටුම් ! හාමුදුරුවරුත් පිස්සු කෙලින මේ කලේ කළු සුද්දෝ මේවා කරන එක පුදුමයක්ය !

    ReplyDelete

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...