ඉන්න ඇත්තො

1 මං ආසා ගී - රන් මුදුවට වැටුනා කඳුළු බිඳක්

රන් මුදුවට වැටුනා කඳුළු බිඳක්
මගෙ දෙනෙතින් එක දවසක්
ඔබ වෙන්වුනු දින සිට මේ වන තෙක්
මා දැවුනා දහස් වරක්
මට සිතෙන ලෙසට ඔබ හට ඇත්තේ
තෙත්මනයක් නොමැති සිතක්
ඔබ උරුම කළේ ඇයි මට රිදවුම් දී
හිරු සඳු නොමැති ලොවක්...


ඔබ සොයමින් පෙර බවේ පතාගෙන
කවදාවත් වෙන් නොවේ කියාගෙන
සපැමිණි බව හැඟුනා
ලබැඳි වූ තරම් ඔබෙන් තොර වෙන
ලොවක් නැතැයි සිතුනා
ලෙන්ගතු කම දැනුනා
...

සෙනෙහස මගෙ පපුතුරේ රුවාගෙන
හැමදාමත් ඔබ මගෙයි සිතාගෙන
අප අතිනත් බැඳුණා
නමුදු මා පැතුව පැතුම් සියල්ලම
සිහිනයක්ව ගිය දා
බැඳි අතිනත් බිඳුනා...



චන්දන ලියන ආරච්චි ගායනා කරන මේ ගීතය බොහෝ කාලෙකට ඉස්සර අහපු, අහම්බෙන් නැවත අසන්නට ලැබුණු ආසා කරන ගීතයකි.
පද රචනය සහ සංගීතය කාගේදැයි නොදනිමි.
තවත් එක් අමිහිරි ආදර අත්දැකීමක් කියන මේ ගීතය ආසා කරන මෙන්ම තමන්ගේම අත්දැකීම් වන අය වෙනුවෙන් එකතු කරමි.




ගීතය අහන්න

 -------------------------------------------------------------------------------------------------------------


අකුරු කළේ "මල් සුවඳක්"... කියවලම බලන්න..සමහරවිට ඔයාගෙ අත්දැකීමක් වෙන්නත් පුලුවන්.. හිත රිද්දන්නනම් හිතුවෙ නෑ.. හිත රිදුන නම් සමාවෙන්න.. පුංචි දෙයක් හරි ලියල යන්න පුලුවන්නම් ගොඩක් හොඳයි..

0 ඔබ කැමති ද අබිසරුලියක් මුණ ගැහෙන්න ?

මගේ අදහසක් නොවුනත්, මගේ හිතෙත් හැමදාම තිබුණු ප්‍රශ්ණයක් වෙන කෙනෙක් ලියල තිබුණු නිසා මේක උපුටා ගැනීමක් හැටියට නැවත පළ කරන්න හිතුව.
හිමිකරුට අසාධාරණයක් නොවේ යැයි සිතමි.
ගණිකා වෘත්තිය නීතිගත කිරීමක් සඳහා උඩගෙඩි දීමක්, සාධාරණීකරනයක් කිරීමක් වැනි අදහසක් මට නැත. එහෙත් කතෘට ඇති ප්‍රශ්නාවලියම මටත් ඇති හෙයින් මෙය පළකිරීම යෙහෙකැයි සිතුනි.

මාගේ ගැටළුව ඇත්තේ අබිසරුලියන් සම්භන්ධයෙන් පමණක්ම නොවේ... සම්බාහන මධ්‍යස්තාන වල සේවය කරන තෙරපිවරියන් සම්භන්ධයෙන්ද ඒ හා සමානම ප්‍රශ්ණාවලියක් මට ඇත.

සිතා බැලීම සහ පිළිතුරු සැපයීම ඔබ සතුයි...

-------------------------------------------------------------------------------------------------------------

මම ඔබෙන් කෙලින්ම මෙහෙම අහන්නම් “ඔබ කැමති ද අබිසරු ලියක් ව මුණ ගැහෙන්න ?”

සමහරු ඒක මගෙන් ම නැවත විමසන බව මම දන්නවා. මගේ පිළිතුර අවංකව ම කීවොත් ඔව් මම කැමතියි. මම කැමතියි එතරම් වයස නැති කෙනෙක් ව මුණ ගැසෙන්න. මට තියනවා ඇයත් සමග කතාවක්. මුලින් ම මම අහන්නේ පැයකට කීයක් මම ගෙවන්න ඕන ද කියලා. මොකද මම එයාගේ කාලය ට මිලක් ගෙවන්න ම ඕන.

ඇත්තටම අබිසරු ලියකට ආදරයක් නැද්ද ? ආදරේ කරන්න කෙනෙක් නැද්ද ? නැතිනම් ආදරේ දැනෙන්නේ නැතිද ? නැතිනම් පොඩි කලේ ඔයා මම අනාගතයේ දී කරනවා කියල හිතා ගත්තේ මේ රස්සාව ද? මට මේ දේවල් එයා එක්ක කතා කරන්න තියනවා. ඇත්තටම එහෙම කෙනෙක් ගෙන් ම මේවා අහන එක තමයි වඩා ම සාධාරණ කියල යි මට හිතෙන්නේ.

අපි හැමෝම කරන්නේ ජිවත් වෙන එක. එකට අපි සල්ලි හම්බ කරන්න ඕනි. නැතිනම් ඉල්ල ගන්න ඕන. ඒත් නිකං සල්ලි දෙන්නේ කවුද? එක අතකට ගණිකාවක් කරන්නෙ ත් අපි කරන්නෙ ත් එකම දේ නේද? අපි ළඟ තියන යමක් අපි වෙන කෙනෙක් ට මුදල් වලට විකුණන එකනේ අපි කරන්නේ. එත් අපි විකුණන්නේ අපි ඉගන ගත්ත දේ අපේ දැනුම. එයා විකුණන්නේ උපතින් ලැබුණ  දේ එයාගේ ශරීරය. දෙගොල්ල ම කරන්නේ විකුණන එක. එත් විකුණන දේ වෙනස් නේද?

මට අහන්න ඇත්නම් එළිපිට සමාජය ඔයා ව පිළිකුල් කරනවා කියල දැන දැනත් ඇයි ඔයා මේ දේම තෝරා ගත්තේ කියලා. එයා මොනවා කියයි ද. තව ටිකක් සරල ව බොක්කට ම වදින්න ඇහුවොත් ඔයා 5 වසරේ දී ගුරුතුමී අහන කොට දුවේ කවුරු වෙන්න ද කැමති කියල, ඔයා දුන්න පිළිතුරත් මේකද? සමහර විට ඇය බිම බලා ගෙන ඔලුව දෙපැත්තට වනල “නැහැ” කියල කියාවි. එහෙම නම් අද ඇය අබිසරු ලියක් වුණේ කොහොමද? ඇයට අනවශ්‍ය නමුත් වෙන අයට අවශ්‍ය රස්සාවක් කරන්න වුණේ කොහොමද ඇයට. ඇය ඇත්තටම මේක කරන්නේ කැමැත්තෙන් ද ? නැතිනම් ඇයට කරන්න වෙලා ද ?

ඇයට අපිට වගේ මිතුරන් මිතුරියන් ඇසුරු කරන්න අවස්ථාවක් තියනවා ද? නැතිනම් ඇගේ ජීවිතයේ ඉන්නේ ලිංගික ආකර්ශකයින් විතරමද? එහෙම නැතිනම් ඇය දිවා සමාජය ඉදිරියේ කරන්නේ රඟපෑමක් ද?

මගේ හිත නම් කියන්නේ එහෙම රාත්‍රී සරනා කිසිම ලඳක් 5 වසරේ ගුරුතුමී අහන අනාගත රැකියාව නම් වූ සරල ගැට‍ළුවේ දී  “මම අබිසරු ලඳක් වෙනවා” කියලා කිසිම කෙනෙක් කියන්න නැතිව ඇති. එහෙම නම් කොහොමද මෙහෙම දෙයක් වෙන්නේ ? කොතැන ද වරදක් සිදු වුණේ ? හා පුරා කියල පටන් ගත්ත පළමු ආදරෙන් ද ? රස්සාවක් සොයා ගෙන නගරයට පැමිණි අවස්ථාවේ ද? තමන් බොක්කෙන් ම love කරපු කෙනා එක්ක තනි වෙන්න ගියපු නිසාද ? එහෙම නැතිනම් facebook එකෙන් email එකෙන් අඳුර ගත්ත කෙනෙක් එක්ක විනෝද වෙන්න ගියපු නිසාද ?කොතැන ද වැරදීමක් වුණේ ? ඒකට වගකියන්න අවශ්‍ය ඇය පමණක් ම ද ? ඔබ කියන්නේ සමාජය අතිශය සාධාරණයි නිවැරදියි කියල ද ?

නැහැ මම හිතන්නේ නැහැ එහෙම. ඇයගේත් වැරදි ඇති නමුත් මම කියනවා ඇයට වඩා වැරදි සමාජයයි. මම  මුලින් කීව වගේ ම අපි හැමෝම කරන්නේ ජීවිකාව වෙනුවෙන් අපි ළඟ තියන දෙයක් මුදල් කර ගැනීම. ඇය කරන්නෙත් ඒ දෙය ම නම් ඇයත් මේ සමාජයේ ම කොටසක් නේද ? නිගරු කිරීම හෝ පහත් කොට සැලකීම සාධාරණ ද?

"ෂෙනෙශ් දිසානායක"
---------------------------------------------------------------------------------------------------------
මුල් ලිපියට

0 මං ආසා ගී - මේ... හිත තනියෙන්

මේ... හිත තනියෙන් 
නුඹ එනකන් 
හිටිය තරම්
නෑ.... මං දන්නා 
වෙන කවුරුත් 
නුඹව තරම්
ආදරයෙන් 
එදා ඉඳන්......

කඳුලක් ළඟ නැවතුන ඇහිපිය
දුරකට යවමින් 
හුස්මත් මට අමතක කරවන
මතකය හොයමින්
ආයේ... හීනේ මැද්දෙන් 
ජීවිතේ අලුතෙන් ලියන තරම්

වරුවක් ළඟ මුමුණන ඔය හිත
මගෙමද හිතමින් 
තනියක් නැති දවසක් එනකල්
තව මග බලමින්
ආයේ... හීනේ මැද්දෙන්
ආදරේ අඳුනා තියෙන තරම්

මේ... හිත තනියෙන් 
නුඹ එනකන් 
හිටිය තරම්...


රචිතා වාකිෂ්ඨගේ පදරචනයට,  තිළිණ රුහුණගේ සංගීතය මුසුකොට ආත්මා ලියනගේ ගායනා කරන මේ.. හිත තනියෙන් ගීතය තනි වූ ආදරයක අත්දැකීම් කියයි..

ගීතය මෙතැනින්

0 මං ආසා ගී - දුක වැඩි නැතේ

දුක වැඩි නැතේ කඳුළැලි පිරේ
ඔබ නැති මොහොතේ...
සැනසුම මගේ ඔබ ගෙන ගියේ
ඇයි හොර රහසේ...
කවදාවත් නෑ.. අපි හමුවන්නේ
මට යන්නට බෑ මතකෙන් ඔබගේ....

දිවිය මගේ තිබෙන තුරා
පෙම් කෙරුවේ ඔබට තමා
යන්තම්වත් සෙනෙහේ නැතිවද දැනුනේ
තවමත් මතකයි දිව්‍රා මගෙ බව කීවා...

පියවි ලොවේ ඉන්න සදා
හුරු කෙරුවේ ඔබම තමා
සත්තයි රත්තරනේ ඔබ ගිය දිනයේ
හිතකින්වත් නෑ ඔබ හට සරදම් කරලා...


සජිත් චතුරංගගේ පද රචනයක් රදීෂ් වැන්දබෝනාගේ සංගීතය මුසුව, රුවන් හෙට්ටිආරච්චි විසින් ගායනා කරන "දුක වැඩි නැතේ" ගීතය ආදරයේ එක් කෙළවරක දුක සිහි ගන්වයි....

ගීතය මෙතනින් අහන්න

0 නුඹේ සහයෝගය අවැසි මොහොතක...

මිතුරනි...

හදිසි අක්මා බද්ධ කිරීමක් වෙනුවෙන් දායකත්වය දැක්වීමට කැමති, "ඕ පොසිටිව්" වරගයේ රුධිරය ඇති අයෙක් ඉතා ඉක්මනින් අවශ්‍ය වී ඇත..

ඔබ දන්නා, හඳුනන කෙනෙක් ඒ සඳහා කැමත්තෙන් සිටී නම්
0785700635  අංකයට හැකි ඉක්මනින් දැනුම් දෙන්න...

මෙවන් කටයුත්තක් මහඟු පුණ්‍යකර්මයක් වුවද, ඔහුගේ හෝ ඇයගේ ක්‍රියාව අගයනු වස් මුදල් ත්‍යාගයක්ද පිරිනැමීමට අදහස් කරගෙන සිටිමු. (මෙම දානය මිල කළ නොහැකි වග දනිමු )

මෙ හැකි පමණින් මිතුරන් අතරේ බෙදා හැරීමෙන් සහයෝගය දක්වන්න...
ස්තුතියි..




පසුව ලියමි (2017-02-08)

අවසානයේ සියලු දයාබරයන් හැරදමා,  ජීවත් කරවීමට වෙර දැරූ සියලු ප්‍රයත්න නිෂ්ඵල කරමින් ඔහු නික්ම ගියේය....

කිසි දිනෙක,
තමන්ට හෝ තමන්ගේම අයෙක්ට දෙයක් සිදු වන තුරුම
අපිට සැබෑ වූ යතාර්ථය තේරුම් නොයනු ඇත..
එය තේරුම් යන අවස්ථාව වනවිට
බොහෝ විට අප ප්‍රමාද වූවා වන්නට ඉඩ ඇත...



1 ලබන්නා වූ 2016 වසර


මේ සටහන තබන වේලාව වන විට තවත් පැය 33 ක් එහෙමත් නැත්නම් දවසකුත් පැය 9ක කාලකින් 2015 වසර නිමවී, 2016 නව වසර උදා වෙනව.
දැනුම තේරුම් ඇති හැම කෙනෙක්ම හෙට රාත්‍රියේම ඉඳන් ලබන්නා වූ නව වසරට සුභ පතන්න පටන් ගන්න එක සාමාන්‍ය දෙයක්..

ඒත්, හිතන්න පුංචි දෙයක් කියන්නම්... ටිකක් අසුභවාදී අදහසක් කියලත් කෙනෙක් කියන්න පුලුවන්..
ඒත් මට හිතෙන්නෙ තිත්ත උනත් ඇත්ත මේකයි කියල..
ඇත්තටම කෙනෙක්ට උපන්දිනයට, විවාහයට, විවාහ සංවත්සරයට,නව රැකියාවකට, රැකියාවේ උසස්වීමකට,  නව වසරට ආදී බොහෝ දේට සුභපතන එක පුරුද්දක්... ඒක සමහරු සමහර වෙලාවකට රැළ්ලටත් කරනව...

නමුත්, කෙනෙක්ට කුමන හෝ දේකට සුභ පතනව නම්... ඒක අවංක සිතින්, කරන්නාවූ සුභ පැතුමක් විය යුතුයි... මොකද ඒක එහෙම එකක් උනොත් විතරයි, ඒක ප්‍රාර්ථනයක් වෙන්නෙ... නැතුව "සුභ නව වසරක් වේවා" (අනේ කරුමේ ) කියල හිතුවොත් ඒ වචන කියන්න නාස්ති කළ කැළරි ප්‍රමාණයත් අපරාදේ වේවි...


ඉතින්, නව වසර උදා වන මේ මොහොතේ, කෙනෙක්ට නව වසර සුභ වෙන්න ප්‍රාර්ථනා කරන විට දෙවරක් නොව දහස් වසරක් සිතන්න...හැබෑවටම ඔහුගේ හෝ ඇයගේ නව වසරේ සාර්ථකත්වය ඔබ අවංක සිතින් ප්‍රාර්ථනා කරන්නේද...? එය එසේනම් පමණක්, ඔබගේ වචන, වැය කරන ශක්තිය අපතේ නොයයි.. එසේ නොමැතිනම් ..... ඔබේ ශක්තිය සුරක්ෂිතව තබා ගන්න... එය ඔබට පසු කලෙක උපකාරී වන්නේය..

ගෙවන්නා වූ 2015 වසරේ දුක්, කම්කටුළු, ලෙඩරෝග පරදා...
ලබන්නා වූ 2016 වසර සැප, සතුට, ජයග්‍රහණ පිරි, අතමිට සරු නිදුක් නිරෝගී සාර්ථක සුභ නව වසරක් වේවා...

1 මං ආසා ගී - සුපෙම් හැඟුම් ඔබෙන් එපා

සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ...

තරි එළියෙන් රුදු රාත්‍රි කාලයේ
දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
කිසිදින අපි හමු නොවන බව දනිම්
සිහිනය මිය ය යුතූය මේ ලෙසින්...

දිවයුරු සැඟවෙන මොහොතක තනි වී
ඉකිබිඳිනෙමි වියරු වී පාලුවෙන්
ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා
නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්... 


ඈත සමුදුරේ යන නෞකාවන්ට, මෑත ගොඩබිමේ ඇති පහන් ටැඹ කොතෙකුත්නම් තනි රකිනවද?
නමුත් කිසිම දවසක, පහන් ටැඹට නෞකාව වෙතවත්, නෞකාවට පහන් ටැඹ වෙතටවත් ළඟා වනු නොහැකිය..

ඒත්... ඔවුන් දෙදෙනාට, දෙදෙනා නොමැතිව තම අරමුණු කරා යාම අපහසුය.

ප්‍රදීපා ධර්මදාස සහ ලක්ෂ්මන් විජේසේකර දෙපළ ගායනා කරනමේ ගීතය තුළින් 
කිසිදා එක් නොවන, 
එහෙත් දුරින් සිට එකිනෙකා දෙස බලා සිටින, 
එකිනෙකාගේ අරමුණු ඉටු කිරිමට දිරි දෙන දෙපළක් ගැන කියැවේ...

ගීතය මෙතැනින් අසන්න..