ඉන්න ඇත්තො

4 පින්....

උදෙන්ම සොඳුරු සුව අසපුවට ගොඩවැදුන.... ඒකෙ තිබුන වටිනා ලිපියක් කියවන අතරෙ මටත් මතක් උනා ලියන්න දෙයක්.. මේ කියවපු ලිපිය තරම් නම් වැදගත් නැති වෙයි. ඒත් ලියන්න හිතුන කියවන අයටත් පිනක් කරගන්න හිතෙන්නවත් කියල..
වෙන කිසි දෙයක් නෙවෙයි.... පහුගිය දවසක, මහරගම පිළිකා රෝහලේදි කල පුණ්‍ය කටයුත්තක් ගැනයි..
මගෙ සහෝදරීත් වෘත්තියෙන් ගොඩක් කාර්ය බහුල උනාට, හිටපු ගමන් අමුතු දේවල් කරන්න හිතනව.. පහුගිය දවසක එයාට උවමනාවක් තිබුන මහරගම පිළිකා රෝහලේ ඉන්න වයසක උදවියට ඒ අය ආස කරන සින්දු අහන්න.. ඉතින් මගේ අපාය සහය මිත්‍ර ඔස්තාර්ටත් (බුද්දික දයාරත්න) කතා කරල වැඩේ ලෑස්ති කරන්න හැදුවෙ... අපරාදෙ කියන්න බෑ නිරෝශා විරාජිනී නම් කියපු ගමන් නොමිලෙ සින්දු කියන්න පොරොන්දු උනාලු...
ඒත් ඉතින් සාමාන්‍යයෙන් මොකක් හරි හොඳ දෙයක් කරන්න හදද්දි ගොඩක් බාල්දි පෙරලෙනවනෙ... කොහොම හරි වැඩේ අවුල් උනා... ඒක කරන ස්ථානය ප්‍රශ්නයක් උනා. ලෙඩ්ඩුන්ට ඒක අහන්න දෙන එක ප්‍රශ්නයක් උනා... කොහොම හරි වැඩේ ඉවරයි..


මොකොම හරි, අපේ අක්කත් වැඩේ නිකන්ම අත ඇරියෙ නෑ. පහුගිය මැයි මාසෙ 21 වෙනිද කලින් අදහස වෙනස් කරල,වෙනත් දෙයක් කලා..
ඇත්තම කීවොත් පින්කම් 3ක්.
ස්වාමින් වහන්සේ නමක් රෝහල් බිමට වඩම්මල අපූරු බණක් කියෙව්ව. පුලු පුලුවන් ලෙඩ්ඩු ගොඩක් අය රෝහලේ බෝධිය ගාවට ඇවිත් බණ ඇහුව.... අපිට ඕනෙ කලේ එන්න බැරි අයට තමන්ගෙ වාට්ටුවෙ ඉඳගෙන බණ අහන්න සලස්වන්න.... ඒත් ඉතින් අපේ අවාසනාව කියන්නෙ කලින් වැඩ කරනව කියල තිබුන රෝහල් ශබ්ද විකාශන ජාලය අක්‍රියයි කියල අපිට කීවෙ එවෙලෙ.. ඉතින් මක් කොරන්නද... ඔන්න ඔහොමයි රජයේ ආයතන කියල හිතාගෙන තියෙන විදිය වැඩේ කලා.
ඉන් පස්සෙ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්න පුංචි ලමයි එක්ක සින්දුවක් දෙකක් කියල ඒ අයට තෑගි බෝග දීල, එයාලත් එක්ක සතුටු උනා... එයාලගෙ සෙල්ලම් ගෙදර කියන තැන තමයි අපි ඒක කලේ... එතන්ට එන්න අමාරු පොඩි අයට වාට්ටු වලටම ගිහින් තෑගි දුන්න.... ඒ අය ගොඩක් සතුටු උනා..
ඉන් පස්සෙ තවත් ස්වාමින් වහන්සේ නමක් වඩම්මල, පහන් පත්තු කරල, අධිෂ්ථාන පූජාවක් කලා.. ඒකටත් ගොඩක් රෝගීන් සහභාගී උනා...
ඇත්තටම මේ කාර්ය සාර්ථක කර ගන්න ගොඩක් අය උදව් කලා... අක්කගෙ, අය්යගෙ යාලුවො, අක්කගෙ ඔෆිස් එකේ අය ගොඩක් ඇවිත් හිටිය... ඒ හැම කෙනෙක්ම පුලුවන් උපරිමයෙන් මහන්සි වෙලා වැඩේ සාර්ථකව ඉවර කලා..
එදා ඒ වැඩේට උදව් කල, සහභාගී උන හැම කෙනෙක්ටම ගොඩක් පින්.. ගොඩාක් ස්තුතියි..
ඔය අතරෙ ඔය වැඩේ කරනකොට, අපි තෝර ගත්ත දවස මාරු කරගන්න, නැත්නම් කරදර වෙයි කියල අක්කට තර්ජනාත්මක දුරකතන ඇමතුම් දෙන්නත් කට්ටිය හිටිය... එයාලත් පුණ්‍ය කටයුත්තක් කරන්නම තමයි එහෙම කරල තියෙන්නෙ... අනික ඒ අය රෝහල් කාර්ය මණ්ඩලේම කොටසක් වෙච්ච එක තමා පුදුමෙ.. පින් කරන්න වෙහෙසෙන තරම්... ඔහොමහරි අපි ඒ වැඩේ සාර්ථකව කලා...
හැමෝටම සතුටුයි...
මේක කියවන ඔයාලගෙන් ඉල්ලන්නෙ, අපි පින් කරනව කියල කරන සමහර බොරු වැඩ වලට වඩා, මහරගම පිළිකා රෝහලේ ඉන්න පුංචි ළමයි එක්ක එක වරුවක් ගත කරන්න පුලුවන්නම් ඒ අය සතුටු කරල, ඒක මහාම මහ ලොකු පිනක්..... 
චුට්ටක් හිතල බලන්න.....
























































































































































































4 comments:

  1. අනේ පිං අතේ වැඩක්ම තමයි... දවසක් තාත්තා කියපු කතාවක් අහලා මමත් ඔතනට යන්න ගොඩක් කැමැත්තකින් හිටියා (ඇත්තටම හිතේ ඇතිවුන දුකට) ඒත් දැන් නං මට යන්න වෙන්නෑ... ඒ ගැන නං දුකයි

    ReplyDelete
  2. ඒ මොකද යන්න වෙන්නෙ නෑ කීවෙ කිඩෝ..?

    ReplyDelete
  3. එදා ඒ පුන්චි මල් කැකුලු එක්ක ගත කල මොහොත හරි ම සුන්දර යි...

    මට ආරාධනා කරලා මාව සහාබාගි කරගත්තු මගේ අයියටත්, අක්කටත් ගොඩාක් පින්....

    මේ මල් කැකුලු වලට අප සැවොම ඉක්මන් සුව පතමු...

    ReplyDelete
  4. ඇත්තටම පින් කියන්නේ ඔබ මේ දුන් අහංසක සතුටටයි , ඒ සතුට විඳිනු දුටු ඔබේ සතුටටයි ..මම වසර 7ක් තිස්සේ පිළිකා රෝගී දරුවන් එක්ක , හරිම සංවේදී කාළයක් ගෙව්වා ....

    ReplyDelete

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...