ඉන්න ඇත්තො

2 F - R - I - E - N - D - S

 
ලියන්න කියල ගොඩ දවසක් තිස්සෙ හිතාගෙන හිටිය දෙයක්.. අදනම් ලියනවමයි කියල හිතුව.. පහුගිය දවස් වල බ්ලොග් කියෙව්ව මිසක්, ලියන්න තරම් ඔලුවක් තියෙන්න නැතුව ඇති.... ඒකයි ලියන්න දේවල් අනන්ත තිබුනත් ඔහේ බලාගෙන හිටියෙ...
ඉස්සෙල්ලම සමාවෙන්න ඕනෙ, සිංහල බ්ලොග් එකේ ඉංග්‍රීසි හෙඩිමක් දැම්මට... ඒක දැම්මෙනම් හේතුවක් ඇතුව. සිංහල භාෂාවෙ FRIENDS කියන වචනෙට ලිංග බේදයක් තිබුනට ඒක ඉංග්‍රීසියෙදි නෑ.. අන්න ඒක නිසා මම ඒක පාවිච්චි කරන්න හිතුව..ඒක හොඳයි කියල හිතුන..මම FRIENDS කියන එක අර්ථ දක්වන්න යන්නෙ නෑ.. මොකද එහෙම කරන්න තරම් මහ ලොකු දාර්ශනිකයෙක් නෙවේ මම...
මට, මේක කියවන ඔයාලට, අපි හැම කෙනෙක්ටම යාලුවො කියන අය ඉන්නව..අපිට තේරෙන කාලෙ ඉඳල, අපි මරෙනකල්ම, අපිට යාලුවො ඉන්නව... අලුතෙන් යාලුවො හම්බෙනව...අපිට ඉන්න අය අපෙන් ඈත් වෙනව..(සදහටම, ඒ වගේම තාවකාලිකව) අපි කැමති අය අපෙන් වෙන් වෙනව... අපි අකමැති අය අපිට කිට්ටු වෙනව.... ඕක තමා ලෝක ස්වභාවය කියලයි බුදු හාමුදුරුවොත් දේශණා කරල තියෙන්නෙ... ප්‍රශ්නෙ තියෙන්නෙ අපිට ඕක තේරුම් ගන්න අමාරුයි...
හරි... ඒක එහෙමයි..මම කියන්න හැදුවෙ ඒක නෙවෙයිනෙ... 
මම කතා කරන ඔය යාලුවො අතරෙන්, කීයෙන් කී දෙනෙක්ද අපේ සැබෑම යාලුවො කියන එක අඳුන ගන්න කාටවත් පුලුවන්ද....? 
කතාවක් තියෙනව " සැබෑ යාලුවන් හදන්න බෑ.. උපදින්න ඕනෙ" කියල.. 

ඒ කියන්නෙ ඇත්තටම සැබෑ යාලුවො කියන අය හරියටම කියනවනම් තමන්ගෙම හදවතේ කොටසක් වගේ... එහෙමත් නැත්නම් දකුණු අත වගේ.... ඒ කියන්නෙ, එයාල අපි ළඟ ඉන්නෙ අපි හිනා වෙද්දි විතරක්ම නෙවෙයි...
චුට්ටක් හිතල බලන්න, අපිට වාහනයක් තියෙනවනම්, අපේ අතේ වියදම් කරන්න ඕනෙ තරම් සල්ලි තියෙනවනම්, අපිට යාලුවො කොච්චර ඉඳියිද...? හිතන්න පුලුවන්ද...? ඒ ඉන්න ඈයන්ගෙන්, අපිට වියදම් කරන්න සල්ලි අතේ නැති දවසට කී දෙනෙක් ඉතුරු වෙයිද..? 
හිතා ගන්නවත් පුලුවන්ද...? 
එහෙම දවසට, අර කලින් හිටිය එක්කෙනෙක්ගෙන් පුංචිම පුංචි උදව්වක් ඉල්ලල බලන්න කොයි තරම් වේගයෙන් අතුරුදහන් වෙයිද... ඒ උදව්ව නොකරන්න කොයිතරම් නම් හේතු එයාල ගාව තියෙයිද කියල..අපි ජීවිතේ ජයග්‍රහණ ලබනකොට, අපි දියුණු වෙනකොට, අපි වටේ ඉන්න යාලුවන්ගෙන් කීයෙන් කී දෙනාද අවන්කව සතුටු වෙන්නෙ...? එහෙම කරන්න පුලුවන් වෙන්නෙ ඇත්තටම අවංක මිත්‍රයෙක්ට විතරයි... අවංකවම වෙන කෙනෙක්ගෙ දියුණුව දිහා බලල සතුටු වෙන්න පුලුවන් එහෙම කෙනෙක්ටම විතරයි...
අද අපි ජීවත් වෙන ලෝකෙ හැම දේම ක්ෂණික වෙලා... ක්ෂණික නූඩ්ල්ස්, ක්ෂණික ඉඳි ආප්ප, ක්ෂණික පපඩම් වගේ...... ක්ෂණික මිතුරෝ...  හදිස්සියෙම මිත්‍ර වෙනව... විනාඩියයි.. දෙකයි.... (ඒක හොඳ ගුණයක් කියමුකො... මිත්‍රශීලී කම).. ගන්න පුලුවන් සාරය උපරිම උරාගත්ත.... මූඩිය කඩපු සෝඩ බෝතලේ වගේ නැති වෙලා යනව.... අපි තේරුම් ගන්නත් කලින් අලුත් යාලුව අතුරුදන් වෙලා ඉවරයි... ඕක තමා අද ලෝකෙ 'FRIENDSHIP' එක කියන්නෙ... මොකක් හරි දෙයක් ලබා ගන්න, එහෙමත් නැත්නම් කෙනෙක්ට රිදවන්න, කෙනෙක් වට්ටන්න කොට්න්ම කීවොත්, තමන්ගෙ වාසියටමයි මිතුරන් ඇති කර ගන්නෙ.. 
ඒත් සැබෑ මිත්‍රයන් කියන අය කවදාවත් එහෙම නෑ... ඒ අය කවදාවත්ම යාලුවෙක්ට උදව්වක් කරන්නෙ නෑ, ආපහු දෙයක් බලාපොරොත්තුවෙන්..  ඒ අයගෙ හිත් වල දෙබිඩි අදහස් නෑ.... යාලුවෙක් වෙනුවෙන් හිනා උනොත්, ඒ අවන්කවමයි. යාලුවෙක් වෙනුවෙන් සතුටු උනොත් ඒ අවංකවමයි... සතුටෙදි හිනාවෙන්න වගේම, දුකේදි අඬන්නත් පුලුවන් දේව ගති සැබෑ මිතුරන් ඇතුලෙ අඩුවක් නැතුවම තියෙනව... (ඒ බව මම අත්දැකීමෙන්ම දන්නව).. ඒකයි කියන්නෙ "සැබෑ මිතුරන් කියන්නෙ දෙවියන්ගෙන් ලද තිළිණයක්" කියල... සැබෑ මිතුරන්ට තමන්ගෙ අවංක මිතුරන් දැනෙනව... ඒ නිසාමයි... ඒ අය අපි ලඟ හැමදාමත් ඉන්නව කියල කියන්නෙ... 
නිමකමට කල්පනා කරල බලන්න, දවසක ගොඩක් දුකෙන් ඉන්න වෙලාවක තමන්ගෙ යාලුවෙක් ළඟ හිටියනම්, කතා කරන්න තිබුනනම් කියල හිතනකොට, තමන්ගෙ හොඳම යාලුවො කතා කරල නැද්ද කියල... හරියට ඉවෙන් දැනගෙන වගේ... ඕනෙම කෙනෙක්ට අඩුම ගානෙ එක අවස්ථාවක් හරි ඇති කියල මම හිතනව... මටනම් එහෙම කියන්න ඕනෙ තරම් අවස්ථා තියෙනව.. 
අන්න ඒක තමා සැබෑ මිතුරුකම කියන්නෙ... අද කාලෙ හොයා ගන්න අමාරුම දේ... සල්ලි වලට ගන්න බැරි දේ.. අපි කොච්චර FaceBook එකේ Friends ඇඩ් කරන් හිටියත්, දවසට email කොච්චර ආවත්, කොච්චර 'like' තිබුනත්, හිතල බලන්න එතනින් අවංක යාලුවො කීදෙනෙක් ඉඳියිද...? ඒක දැනෙන්න ඉතින් අපිට මොකක් හරි දුකක්, කරදරයක්, එහෙමත් නැත්නම් ලොකු ජයග්‍රහණයක් ලබන්නම ඕනෙ...
නැත්නම් ඉතින් අපි හැමදාමත් රැවටෙනව විතරයි... අපිට ඉන්න උඩින් මිතුරු-යටින් හතුරු මිතුරන් මූණට හිනා වෙලා, කකුලෙන් අදිනකල්, දිය රෙද්දෙන් බෙල්ල කපනකල් දන්නෙ නෑ..






2 comments:

  1. මෙක කියව්වාට පස්සේ මටත් කමෙන්ටුවක් දාන්නම ඔනේ කීයලා හිතුනා....
    මල් සුවදක් අයියා කියනවා වගේ අපිට සැබැ යාලුවො ඉන්නේ කී දෙනාද?
    සමහර බැදිම් තියනවා, ආදරය,සහෝදර කම, යාලු කම එකට බැදි ලා (නමක් කියනවන්ම් මන් කියන්නේ තමන්ගේ කම කියලා)එත් ඉතින්
    සල්ලී පස්සේ දුවන සමාජයක තමන් ගේ අය/ සැබැ යලුවන් ම්නීස්සුට අමතක වෙලා, උඩින් ම්තුරු යට්න් හතුරො...
    ඉතින් එහේම අය අතරේ තමන්ගේ කම දන්න යාලුවෙක් ඉන්න් එකත් ලොකු වාසනාවක්...එහෙම කීයන් නේ මටත් තමන්ගෙ කෙනෙක් ඉන්න නිසයී...

    ReplyDelete
  2. good ideas Pethum.Im totally agree with u...... now i know it better than my past.

    ReplyDelete

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...