ඉන්න ඇත්තො

4 රුපියලෙන් රුපියල එකතු කරල.....

ඉස්සරනම් කීවෙ සතෙන් සතේ එකතු කරල කියල... ඒත් මම ඒක වෙනක් කලා... හේතුව කෙනෙක්ගෙන් සතයක් ගන්නවට වඩා අද රුපියල් 10ක් ගන්න එක ලේසි නිසා.. වෙන දෙයක් නිසා නෙවෙයි.... සතයක් හොයන්න අමාරුයි...


කැටයම්, ආරුක්කු මොකුත් නැතුව කෙලින්ම කියන්නම් අද කතාව... අනේ සමාවෙලා හිතන්න එපා මම රස විඳින්න තියෙන දේක ඇඩ් දාන්න යනව කියල... එහෙම හිතෙනවනම් දැන්ම මගෙ බ්ලොග් එක වහල දාන්න.... මගෙ කිසි අමනාපයක් නෑ.... අබමල් රේණුවක් තරම්වත් නෑ..
මම මේක් ලියන්නෙ ටිකක් විතර හිතේ දුකෙන්.... ඒ ඇයි කියනවනම්.... මේක බලන ඔයාල සමහර විට දැනටමත් දන්නව ඇති මම ඔය දාල තියෙන රූපෙ දැක්කම මේ දවස් වල අපේ රටේ එක කොනක ඉඳන් ඒ කියන්නෙ දකුණේ දෙවුන්දර තුඩුවෙ ඉඳන්, උතුරෙ පේදුරු තුඩුව වෙනකල් පුරා දවස් 27ක්, කිලෝමීටර 670ක පා ගමනක් යනව කියල...
ඒකට හේතුව, ගිනස් වාර්තාවක් තියන්නවත්, තව එක විකාර දවසක් සමරන්නවත් නෙවෙයි.... ඒ අපේම රටේ, අපි වගේ දෙවියනේ කියල ලෙඩක් දුකක් නැතුව ජීවත් වෙන්න හිතුවත්, ඒ වාසනාව අහිමි වෙච්ච, ජීවිතය පුරාවටම විඳවන තවත් පොඩි පැටව් පිරිසක් වෙනුවෙන් යාපනේ හදන්න යන ළමා පිළිකා වාට්ටුවට අරමුදල් එකතු කරන්න....
පහුගිය දවසක මහරගම පිළිකා රෝහලේ පොඩි පැටව් වෙනුවෙන් කල සත්කාරයේදි දැක්ක දේවල් අදටත් මතක් වෙනව.... අපේ රටේ එහෙම තියෙන එකම තැන මහරගම... ඉතින් තවත් ඒ වගේ තැනක් තියෙනවනම් කොච්චර වටිනවද.... අම්මල, තාත්තල කොච්චරනම් දුරක් ගෙවාගෙන මහරගම එනවද....  
ඉතින් කවුරු, කොහොම, මොන විදියට කලත් වැඩේ අනර්ඝයි.... 
ඉතින් මමත් හිතුව මමත් එක දවසක් ඒ වෙනුවෙන් ඇවිදිනව කියල... දවස් ගානක් ඇවිද්දොත් මටත් හිඟා කන්න වෙනව.. මොකද මගෙ රස්සාව නැති වෙනවනෙ ආපහු එනකොට... ඉතින් එක දවසක් (කිලෝමීටර 26ක්) දඹදෙණිය ඉඳල, කුරුණෑගලට යන පා ගමනට මමත් එකතු වෙනව කියල හිතුව... කරන්නෙ පිනක් නිසා බැරි වෙන එකක් නෑ කියල පොඩි විස්වාසයක් තියෙනව... (කලින් ඔය වගේ විශ්වාසෙ නිසාම මහන්සි තිබුනත් ලේ දීල කරදරයක් නැතුව හිටිය අවස්තා තියෙනව.)

මේක කියවන ඔයාලගෙන් පොඩි ඉල්ලීමක් කරනව මම.....  හැබැයි වැදගත්ම දේ.... මේ මම ඉල්ලන දේ ඔයාල සැරයක් දෙකක් නෙවෙයි, සිය දහස් වාරයක් හිතන්න..... බැරි වෙලාවත් ඔයාලගෙ හිත කීවොත් එහෙම කරන්න කියල විතරක්, මම ඉල්ලන දේ කරන්න...

මම දන්නව මේක කියවන බහුතරයක් සල්ලි කාරයො නෙවෙයි කියල... මම වගේම මාසෙ වියදම අමාරුවෙන් හොයා ගන්න අය... ඒත් අපි සමහර දවස් වලදි සල්ලි වියදම් කරනව තේරුමක් නැති දේවල් වලට.... අන්න ඒ වියදම් කරන මුදලෙන් පුංචි රුපියල් 100ක් (එක රුපියල් 100ක් මේ අරමුදලට ගොඩක් වටිනව.... ඒ පුංචි එවුන්ට ගොඩක් වටිනව) මේ වාට්ටුව ඉදි කරන අරමුදලට දෙන්න....
හැබැයි මම ආයෙමත් කියනව ඔයාලගෙ හිත කීවොත් විතරක් ඒ දේ කරන්න...එහෙම උනොත්, දවසක ඔයාලටම සතුටු වෙන්න පුලුවන් වෙයි අපිත් ඒ වෙනුවෙන් දෙයක් කලා නේද කියල.... 
එහෙම කරන්න ඕනෙ කියල හිතුනොත්, උඩින් තියෙන පින්තූරෙ උඩ හරි මෙතන හරි ක්ලික් කරන්න..
ඔයාලට ඕනෙ විස්තර එතන තියෙනව.....

මම දැන් මේක ඉවර කරන්න ඕනෙ.... මම ඉල්ලපු දේ නොකලයි කියල ඒ පොඩි එවුන් ඔයාල එක්ක තරහ වෙන්නෙ නෑ.... මම තරහ වෙන්නෙ නෑ.. (මම තරහ උනා කියලනම් ඉතින් මක් වෙනවද..?) 
හැබැයි එක දෙයක් තියෙනව.....
ඒ දේ කරන්න පුලුවන්නම්.....,
අන්න ඒ පොඩි එවුන් තව එක දවසක් හරි සතුටෙන් ජීවත් වෙයි...
අපේ රටේ අයියල, අක්කල, නැන්දල, මාමල අපි වෙනුවෙන් කල දේ කියල..
ඒ පොඩි එවුන්ගෙ අම්මල, තාත්තල ඔයාලට හැමදාම පින් දේවි...
ඒකෙන් දවසක ලැබෙන සතුට......, 
බර බෝලයක් විසි කරල බෝතල් පෙරළලවත්, මූන පාට කරන් කාටවත් හුරේ දාලවත්, ලබන්න බෑ කියල.., ඔයාලටම දැනේවි....

4 comments:

  1. ඇත්තටම හොද වැඩක්.. දැන ගන්න පුලුවන්නම් මට කවදද දබ දෙනියේ ඉදන් කුරු යන්නේ කියලා.... මමත් බැන්ක් එකෙන් නිවාඩුවක් ගන්න පුලුවන් උනොත් අනිවා එනවා....
    ඔන්න අපි ෆලෝ කරලම යනවා අයේ එන්නම්කෝ
    ජය

    ReplyDelete
  2. ගොඩක් පින් දේවා වචනෙත් ඇති..
    12 වෙනිද තමයි දවස... පටන් ගන්නෙ දම්පැලැස්සෙන්... 26 Km යනව..

    එන්න අමාරුනම් බැංකුවෙ ඉන්න එකේ, කීයකින් හරි ආධාරයක් දුන්නත් කමක් නෑ..

    කොහොම උනත් ගොඩක් පින්...

    ReplyDelete
  3. අපිටත් ඕකේ යන්ඩ එන්ඩ බැරිද?

    ReplyDelete
  4. කිසි ප්‍රශ්නයක් නෑ... එන්න පුලුවන්..

    ReplyDelete

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...