ඉන්න ඇත්තො

2 මං ආසා ගී - මා දෙස නෙත් නොපියා බලාපූ


මා දෙස නෙත් නොපියා බලාපූ
හෙමිහිට බලාපොරොත්තු ගෙනාපූ
වැඩිදුර මාත් එක්ක නොආපූ
මතකෙක සොඳුරු තැන් ගොඩ ගසාපූ
ඔබ තවමත් ඇය තමයි...
ඔබ තවමත් ඇය තමයි...
මගෙ හිත හදාපූ...
හිතුමතේ පාවෙනා හිත හැඩියිලු...
ක්ෂිතජයේ ගෑවිලා මොකටද දුකයිලු..

පපුවට තුරුලු වී හිඳ හඩාපූ
ළං වී තොඳොල්  බස් මට දොඩාපූ
හිත ළඟ  හීනෙන් නිදි වරාපූ
සිහිනෙක සැබෑ සුවය මට ගෙනාපූ
මට තවමත් සුවඳ දෙයි...
මට තවමත් සුවඳ දෙයි...
මලකින් හමාපූ..

වසන්ත දුක්ගන්නාරාල (දුකා)ලියාපු, රොමේෂ් සුගතපාල ගායනා කරාපූ.. මේ ගීයට මම ගොඩක් කැමතියි... මම හරියටම කියන්න දන්නෙ නෑ ඇයි කියල... ඒත්.. මම ගොඩක් කැමති ගීයක්....  මේක ගායනා කරන ගායකයගෙ සම්පූර්ණ නම ඇත්තටම දැන ගත්තෙ අදමයි... නැත්නම් අපි අහල තිබුනෙ රොමේෂ් ලක්ශාන් කියලනෙ... ඇත්තටම ඒ එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක්නෙ..
ගීයෙ සංස්කරන දෙකක් මට හම්බුනා... එකක් දමිළ මිශ්‍ර එකක්... අනික සම්පූර්ණම සිංහල..

2 comments:

  1. :) මමත් මේකට ආසයි. හේතුව, හැම පේලියක්ම ඉවර වෙන්නේ ගොඩක් වෙලාවට "පු" සද්දෙන්නේ... :) මට ගොඩක් වෙලාවට සිංදුවල නම් අමතක වෙනවා. ඒත් මේක නිසා නං එහෙම ප්‍රශ්නයක් වුනේ නැහැ මොකද "පු සිංදුව" කියපුවම හැමෝම සිංදුව අඳුනන නිසා...

    ReplyDelete
  2. ඇත්තම කීවොත් මාත් ඕකට කියන්නෙ පූ සිංදුව කියල තමයි..

    ReplyDelete

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...