ඉන්න ඇත්තො

5 සුන්දරත්වය...

මගේ විජිතය බ්ලොග් අඩවියේ "ඩෙනිම සහ ගැහැනු ලමයකුගේ සුන්දරත්වය" කියන පෝස්ට් එක අහම්බෙන් කියවන්න හම්බුනා. මම මීට කලිනුත් මීට ටිකක් සමාන පෝස්ට් එකක් ලීව "ඇයි" කියල. ඒකට ගොඩක් ගල්, මල් ආව. ඒත් මේක කියෙව්වම මටත් හිතුන ආයෙම ඒ වගේ එකක් ලියන්න කියල. එදා මම ලීවෙ ඇත්තටම මම දුටු දෙයක් ගැන. ඒත් අද මම ලියන්න යන්නෙ මම දුටු, දකින (මම විතරක් නෙවේ, ඔබ උනත් නිතර දකින, ඇස පිනවන) දෙයක් එක්ක මට ඈති වුන ප්‍රශ්ණයක් ගැන.

මුලින්ම කියන්න ඕනෙ මම කාටව්ත් මඩක් ගහන්න, රිදවන, එහෙමත් නැත්නම් හෑල්ලු කරන්න නෙවෙයි මේ ලියන්නෙ... ඕනෙම කෙනෙක්ට, සභ්‍ය විදියට මේක විවේචනය කරන්න අයිතිය තියෙනව... කිසි ගැටලුවක් නෑ. ඕනෑම සභ්‍ය අදහසක් මම පල කරනව කිසි කොස්සක් නැතුව.

ගෑණු ළමයි විලාසිතා කරන්න ඕනෙ කියන අදහස මමත් තදින්ම විස්වාස කරනව.. මොකද ඉතින් වයසට ගිහින් විලාසිතා කරන්න ගියොත් මිනිස්සු නාකි විසේ කියන්න ඉඩ තියෙනවනෙ.. අනික තරුණ කාලෙ කරන්න ඕනෙ දේවල් ඒ කාලෙදි කරන්නත් ඕනෙ. නැත්නම් කිසි ගතියක් නෑ. (ගෑණු ළමයි කියන්නෙ කොහොමත් විලාසිතා තමා). ඒ නිසා ඒ ගැන කිසි තර්කයක් නෑ. අත් දෙකම උස්සල මම එකඟයි ගෑණු ළමයි විලාසිතා කරන එකට.

"ෆැෂන්" එහෙම නැත්නම් "විලාසිතා" කියන්නෙ ඈත්තටම මොකද්ද...?

මම නිකමට වගේ ගූගල් දෙයියන්ගෙන් ඇහුව. ඒ දෙයියො මාව විකි දෙයියො ගාවට යොමු කරා වැඩිදුර තොරතුරු ගන්න කියල. ඔන්න ඉතින් ඒ දෙයියන්ට අනුව;

Fashion is a general term for a popular style or practice, especially in clothing, footwear, accessories, makeup, or furniture. "Fashion" refers to a distinctive; however, often-habitual trend in a look and dress up of a person, as well as to prevailing styles in behavior. "Fashion" usually is the newest creations made by designers and are bought by only a few number of people; however, often those "fashions" are translated into more established trends. The more technical term, "costume," has become so linked in the public eye with the term "fashion" that the more general term "costume" has in popular use mostly been relegated to special senses like fancy dress or masquerade wear, while the term "fashion" means clothing generally, and the study of it. For a broad cross-cultural look at clothing and its place in society, refer to the entries for clothing, costume, and fabrics.

එහෙම බැලුවම තේරෙන දේ තමයි අපි විලාසිතා කරන්නෙ ලස්සන වෙන්න. අවධානය ගන්න. (මට තේරෙන හැටි වැරදිද මන්ද..?) හැබැයි ඒක අපි අපිට ඔබින විදියට, තැඅට ඔබින විදියට කරන්න ඕනෙ. එහෙම නොවුනොත් වෙන්නෙ අපි විහිලුවක් වෙන එකයි..එහෙමත් නැත්නම් අර මම කීව බ්ලොග් එකේ කියල තියෙන ජාතියෙ විදියට මිනිස්සු හිතන එකයි.

අද කාලෙ තියෙන විලාසිතා ගොඩක් බැලුවොත්, ඒව කරන්න වැඩි වියදමක් යන්නෙ නෑ. මොකද රෙදි යාරයක් ගත්තම නවතම විලාසිතා සහිතවම විලි වහගෙන තව පොඩි ළමයෙකුට ඇඳුමක් මහන්නත් ඇති.එහෙම නැතුව සමහරු වලලු කරටම දිගට අඳිනව. ඒත් ඉතින් ටිකක් ඈතින් අඩිය තියල ඇවිදින්න බෑ. මොකද එහෙම ඇවිද්දොත් අනිව මේ දවස් වල කුවෙණිට ඇති වෙලා තියෙන ප්‍රශ්නෙ ඇති වෙනව. තව අය ඉස්සරහෙන් බැලුවම හරිම විනීත විදියට පේන්න අඳිනව.. හැබැයි පිටිපස්සෙන් බැලුවොත් තමා අවුල. මොකද අර පිටකොටුවෙ විකුනන පිට නෑ කියන ඉස්ටයිල් එක නියමෙටම පෙන්නනව.

අපේ රටට වඩා ගොඩක් විලාසිතා කරන්නෙ යුරෝපීය රටවල කියලයි මට හිතෙන්නෙ... (මම වැරදි ඇති සමහරවිට). හැබැයි ඒ රටවල විලාසිතා නිර්මානය කරනකොට ඒවා අඳින කාල වකවානු අනුවයි විලාසිතා නිර්මානය වෙන්නෙ. ඒ කියන්නෙ සීත කාලෙට ඔබින විදියට ඇඟ වැහෙන ඇඳුම්, රස්නෙ කාලෙට ඇඳුම් අඩුවෙන් යනාදී පිළිවෙලටයි එයාල ෆැෂන් කරන්නෙ.

ඒත් වැඩේ කියන්නෙ අපේ අක්කල ෆැෂන් කරන්නෙ එහෙමනම් නෙවෙයි. අපේ අක්කල ෆැෂන් කියල වැඩියෙන් කරන්නෙ අඩුවෙන් අඳින එක. කොච්චර සීතල උනත් අඳින්නෙ අඩුවෙන්.. වැඩියෙන් ඇඟ පේන්න අඳින එක තමයි ෆැෂන් කියල හිතන්නෙ. (මේ මට හිතෙන හිතෙන විදිය. වටපිට බැලුවම වැඩියෙන් දකින්න තියෙන්නෙ එහෙම දේවල්. ඉතින් එහෙම හිතන එක අසාධාරණද...?)

කාන්තා ශරීරය කොහොමත් සුන්දරයි කියල කවියොත් ගොඩක් වර්ණනා කරනව. ඒත් ඒ නිරුවත් සිරුරම නෙවෙයිනෙ. ඒත් අපේ අය අඳින විදියට හිතෙන්නෙ වැඩියෙන් පෙනුන තරමටයි වැඩියෙන් සුන්දරව පේන්නෙ කියල. මටනම් හිතෙන විදියට ෆැෂන් කියන්නෙ එකක්. ඇඟ පෙන්නනව කියන්නෙ තව එකක්. ඒ දෙක පටල ගන්න හොඳ නෑ. 

අතීතයෙත් ශිෂ්ඨාචාරගත් මිනිස්සු ඇඳුම් භාවිතා කරන්න පටන් ගත්තෙ තමන්ගෙ විලි වහගන්න. ඉතින් ක්‍රමක්‍රමයෙන් ශිෂ්ඨාචාර දියුණු වෙනකොට ඒ ඇඳුම් විකාශනය වෙලා අංග සම්පූර්ණ ඇඳුම් භාවිතා කරන්න පුරුදු උනා. එහෙම දියුණු වෙච්ච අපි, ආයෙත් යන්න හදන්නෙ පරණ ගල් යුගයටමද..? ඇඳපු ඇඳුම් එකින් එක අඩු කරල, යාන්තම් විලි (විතරක්) වැහෙන තරමට පොඩි රෙදි කෑල්ලක් විතරක් අඳින තරමටම අපි දියුණු වෙලාද...?

කාන්තා සුන්දරත්වය ඇඟ වැහෙන්න ඇන්ද කියල අඩු වෙන්නෙ නෑ කියන එකයි මගෙනම් හැඟීම. එහෙම වෙන්න වෙන්න ඒකට තව අගයක් ලැබෙනව. නොපෙනෙන දේවල් වැඩි වැඩියෙන් පේන්න පේන්න ඒ අගය අඩු වෙනව කියලයි මටනම් හිතෙන්නෙ. (හැබැයි එහෙම පේන්න අඳිනකොට වෙන අගයක් ලැබෙනව වෙන්න පුලුවන්. ඒත් ඉතින් ඒ සුන්දරත්වය, ලස්සන නම් නෙවෙයි.)


 ඉතින් ඇයි අපි විහින් ඒ තත්වෙට වැටෙන්න හදන්නෙ..? 

ඔය ඔලු ගෙඩි ඇතුලෙ තියෙන මොළගෙඩි වලින් චුට්ටක් හිතල බලන්න..... 

ෆැෂන් නැත්නම් විලාසිතා කියන්නෙ, 

ඇඟ වැඩිපුරම පෙන්නන එකමද..?

  

5 comments:

  1. සම්පූර්ණයෙන්ම එකඟයි. අද කාලේ ගොඩක් ගැණුළමයි හිතාගෙන ඉන්නේ ඇඟ වැඩිපුර පෙන්වන එක තමයි fashion කියලා. බොහොම සංයමයෙන් ලියපු හරවත් ලිපියක්.

    ReplyDelete
  2. සම්පූර්ණයෙන්ම එකඟයි. අද කාලේ ගොඩක් ගැණුළමයි හිතාගෙන ඉන්නේ ඇඟ වැඩිපුර පෙන්වන එක තමයි fashion කියලා. බොහොම සංයමයෙන් ලියපු හරවත් ලිපියක්.

    ReplyDelete
  3. විලාසිතා කරද්දිත් මතක තියාගන්න ඕනේ "තැනේ හැටියට ඇණේ ගහන්න ඕනේ" කියන සිද්ධාන්තය :)

    ReplyDelete
  4. විලාසිතා මන බදිනා විලාසිත...

    ReplyDelete
  5. 100% එකගයි මචන්.නියමෙට ලියලා තියෙනවා හිතට වදින විදිහට.මේ දේවල් ගැන තරුණ පරපුර සෑහෙන්න හිතන්න ඕන කාලයක් මේක..කිසිම වග විබායකින් තොරව දකින දකින හැම කුනුගොඩම කොපි කරන අපේ අයට ඇත්තටම තමන් ඉන්නා තැන ගැන දැනගන්න මේක හොද ලිපියක්....

    ReplyDelete

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...