ඉන්න ඇත්තො

5 [102] බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිති...

දැනට අවුරුදු 5කට කලින් ඒ කියන්නෙ 2007 අගෝස්තු මාසෙ 7 වෙනිද මේ මූණු පොතට ආව මම 2008 අප්‍රේල් මාසෙ මව්බිමෙන් චුට්ටක් ඈත් වෙච්ච නිසා ගොඩාක් මූණු පොතට ඇබ්බැහි උනා. ඇත්තටම ඒ හින්දම ගොඩක් සමීපතම යාලුවො, කාලෙකින් (අවුරුදු 10-12කට විතර පස්සෙ) නොදැකපු දයාබර සමීපතම යාලුවො, ගොඩක් කිට්ටු උනා. කාත් කව්රුවත් නැතුව ඉන්නකොට ඒක ලොකු ශක්තියක් උනා. ඇත්තටම ඒ වෙනුවෙන් අදටත් මම මූණු පොතට ස්තුති කරනව හද පිරි සතුටින්.
අද 2012 සැප්තැම්බර් 15. මම මූණු පොතට ඇවිත් අවුරුදු 5යි, මාස 1යි, දවස් 8යි. මේ වෙනකොට මගෙ යාලුවො ලැයිස්තුවෙ 808 දෙනෙක් ඉන්නව.

ඒත් ඇත්තටම හිතට හරි දුකක් දැනෙනව.

ඒ....අවුරුදු 5යි, මාස 1යි, දවස් 8ට කී දෙනෙක් නම් දුරස් වෙලාද... නමට මිතුරු ලැයිස්තුවෙ හිටියත්, ඉඳල හිටල හරි "කොහොමද" කියල අහන අය කී දෙනාද ඉන්නෙ..?
ඒත් ඔය 808 දෙනාම දවසෙ කොයිම හරි මොහොතක මූණු පොතට ගොඩවෙනව. උදේ, දවල්, රෑ, මහ පාන්දර, ගමනක් යන ගමන්, ඔය කොයිම හරි වෙලාවක.. ඒ තමයි ඇත්ත. ඒත් ගොඩවෙන වෙලාව අනිත් අයගෙන් හංගන්න මේ අපූරු මූණු පොත හොයාගත්ත Mark Zuckerberg ඇතුළු කණ්ඩායමම ක්‍රම හදල තියෙන නිසා "තමන්ගෙ අයට" හොරෙන් මේ පැත්තෙ ගොඩවෙලා වෙන්නෙ මොනවද කියල බලල කැමති කෙනෙක්ට කතා කරල, පොඩි "ලයික්" එකක් දාල හොරෙන්ම යන්න පුලුවන් වෙලා තියෙනව....

ඔන්න ඕකයි ඇත්ත කතාව.

මටනම් හිතෙන්නෙ "
මිතුරෙක්/මිතුරියක්
" කියල කියන්නෙ ලැයිස්තුවක පිටස්තර ලෝකෙට පේන්න ඉන්නවට වඩා වැඩි අර්ථයක් තියෙන, වටිනාකමක් තියෙන කෙනෙක්. දෙවියන් හා සමාන චරිතයක්.

"මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවතී
බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිති.."

5 comments:

  1. ඔව් සමාජ ජාල මිතුරු සමාජය වර්ධනයට මෙන්ම මිතුරුකම් හෑල්ලුවටද ප්‍රධාන සාධකයක් වෙලා තියනවා.නමුත් භෞතිකමය මිතුරු සබඳතා තරම් ඩිජිටල් සබඳතා ප්‍රබල නෑ..ඇත්තම කාතව ඒකයි

    ReplyDelete
  2. අන්න ඇතත.ආසාවට කොහොමද අහන්නේ නෑනෙ.අපි යවන msg වලටවත් උත්තර නෑ.

    ReplyDelete
  3. ඕක ඔය පරිඝණකයට ලව් කරන්න පටං ගැනීම නිසා වෙන දෙයක්...

    ReplyDelete
  4. චමිලගෙ වචන බෙදීමෙ ගැටළු ටිකක් තියෙනව. ඒව බලල හදන්න. අර "පැනි", "සපැමින" වචන කෙසේ වෙතත් "වෙන" වචනෙ 'න' ණ කරන්න. --> වෙණ. වීණා වැයූ නෙ. ල ළ අතෑරල දාමු.

    මේක ලියන මම වැඩකරන්නෙ ඉංග්‍රීසියෙන්. මගේ වැඩ කරපු කිසිම තැනක සිංහලෙන් එක ලියුමක් වත් ලියල නැහැ. මේක කියවන ඔයාල වැඩිදෙනෙකුගෙත් තත්වය එහෙම වෙන්න ඇති. ඒත් මගේ සිංහල බසට තියෙන ආසාව, කැමැත්ත හැමදාම වැඩිවෙනව.

    මට ඔය 'බිතු සිතුවම් රූ වැනි' කියන යෙදුම ගැනනම් අවුලක් තියෙනව. බිත්තියෙ ඇඳපු රූප අනිත් පැත්ත හරවන්න බෑනෙ. එතකොට දාල ගිය යාළුවො කොහොමද 'බිතු සිතුවම් රූ වැනි' වෙන්නෙ?

    කොහොම වුනත් මේ post එකට ගොඩක් ස්තුතියි.

    ReplyDelete
  5. ජනරංජන, ධම්මික, තරියා අදහස් වලට ගොඩක් ස්තුතියි. ඇනෝ, ඔයාගෙ අදහස් වලටත් ගොඩක් ස්තුතියි.ගොඩක් දේ කියල දීල. හැබැයි ඉතින් අගේ තියෙන්නෙ ඔය ටික නමින්ම කීවනම් තමා.

    ReplyDelete

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...