ඉන්න ඇත්තො

4 [103] ආදරණීය කල්ලා....

මේ ෆොටෝ එක ශෙයාර් කල හැමට තුති.
මේ රූපෙ දැක්කම ආයෙ අලුතෙන් එක වචනයක්වත් ලියන්න ඕනෙ නෑ. මොකද මේ කවුද කියන්න, මේ උතුම් මනුස්සයගෙ ගති ගුණ මොනවද කියන්න මේ රූපෙ දකින ඕනෙම කෙනෙක් දන්නව. ඒ හින්ද අලුතෙන් දෙයක් එකතු කරන්නෙ නෑ.. ඒත් මේ ෆොටෝ එක අද මගෙ මූණු පොතේ දැක්කම මගෙ බ්ලොග් එක වචනයක් හරි ලියන්න ඕනෙ කියල හිතුව.
"අපේ කල්ල ස‍ර්"
සාමාන්‍ය අපිට පොදු ධර්මතාවය අනුව, "හොඳ මිනිස්සු ඉක්මනට යනව, නරක පව් කල අය ඉතිරි වෙනව" කියන එක ඇත්ත කරල අපේ කල්ල සර් අපි අතරින් සමු ගත්ත.
අපි ස‍ර්ට මොනතරම් නම් විහිලු කරන්න ඇද්ද..? ඉස්සර ගතිකෙ පන්ති කරන්න ආවම අපි මේ බයිසිකලේට අපි මොන තරම්නම් වද දෙනවද..? බලු නගුට මල් ගහල, ගඩොල් තියල. ඒත් සර්ට නෙවේ කවදාවත් තරහ ගියෙ. මේ HPල (හොඳ පුතා) එක්ක බෑ කිය කිය බයිසිකලේ සුද්ද කරනව පන්ති ඉවර වෙලා.
කල්ල සර් අපිට දෙයක් කියල දෙන්න පාවිච්චි කල ක්‍රමය වෙන කාටවත් තිබුනෙ නෑ. ඒක විධානයක් උනත්, "කල්ල" දීපු විදියට අපිට තේරුණේ යාලුවෙක් කියන දෙයක් වගේ. ඉතින් අපිට හිතුනෙ නෑ කවදාවත් ඒක නොකර ඉන්න...
ඒ එයාගෙ විදිය.
මට අද වගේ මතකයි අපේ යාලුවෙක්ගෙ පියා මියගිය පුවත අපි දැනගත්තෙ ඉස්කෝලෙ පටන් ගත්තම. ඒත් යන්න විදියක් නෑ පන්තියෙ ඔක්කොටම. ඒත් නේවාසිකාගාරෙ පිටිපස්සෙන් පාරක් තියෙන බව අපිට මතක් කරල දුන්නෙ කල්ල සර්. (සර් එහෙම දෙයක් කීවෙ නෑලු ඕං)

"කල්ල" ගැන කියන්නනම් ඉතින් මගෙ බ්ලොග් එක දවස ගානෙ ලීවත් මදි. චන්ද්‍රසේන සර් ඇත්තටම හැම කෙනෙක්ටම යාලුවෙක් වගේ හිටියෙ.
ඒ නිසා මේ ෆොටෝ එක මම ඔයාල එක්ක බෙදා ගන්නම්... බලන්න දන්න කියන කෙනෙක්ද කියල. "චන්ද්‍රසේන සර්" කියනවට වඩා "කල්ල සර්" කීවම තමා ඕනෙ කෙනෙක් දන්නෙ. කලු මූණෙ තිබුන සිරියාවන්ත සුදු හිනාව අදටත් කාටත් මතක ඇති.

අපේ ආදරණීය කල්ල සර්, නුඹට නිවන් සුව...!!!

4 comments:

  1. ඔබට නිවන් සුව අත් වෙවා................

    ReplyDelete
  2. http://tikakhinawenna.blogspot.com/2010/10/blog-post_06.html මේ පැක්කා මම ලියපු එක....

    මලියදේවයට පණ පොවපු මිනිසෙක් කිව්වොත් එය තමයි නිවැරදි....

    ReplyDelete
  3. සර් ගැනනං මම දන්නෙ නං නෑ...
    කල්ලා සර්ට නිවන් සුව!!!!!!!!!!

    ReplyDelete
  4. එතුමන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...