නොමිලේ දෙනව කීවම එක සැරයක් නෙවේ, දෙතුන් සැරයක්ම හිතන්න වෙනව.

හේතුව අපේ රටේ සාමාන්‍යයෙන් "නොමිලේ" කීවොත් එක්කො කල් ඉකුත් වෙන්න සතියක්, දෙකක් තියෙන දෙයක්. එහෙම නැත්නම් විකිණෙන්නෙ නැති දෙයක්. කොහෙ හරි රටක තහනම් කළ දෙයක්.
ඉතින් ඒ හින්ද "නොමිලේ" බෝඩ් කෑල්ල දැක්කම හිතන්න වෙනව ඒක වටිනවද කියල.
ඒ කතාව එහෙම උනත්, කවදාවත්, මොන විදියෙන්වත් මිල කරන්න බැරි අමිල වස්තුවක් තියෙනව, ඒත් නොමිලේ දෙන්න පුලුවන්.
මොකද්ද ඒ..???
ඒ තමයි අමිල, අවංක සිනාව.
කතාවට කියන්නෙත් රවනවාට වඩා බොහොම අඩු මාංශපේශී ගානක් තමයි හිනා වෙන්න මහන්සි කරවන්නෙ කියල. (ඒ ගණන 43ට 17ක්, 62ට 26ක් වගේ විවිධ අදහස් තියෙනව. ඒ කොහොම වෙතත්, ඒක රවනවාට වඩා නම් ගොඩක් අඩු ගානක්)
එක පුංචි
හිනාවකින් ගොඩක්
දේ කියන්න
පුළුවන්. සමහරක්
වෙලාවකට වචන
වලින් නැතිවෙන
දෙයක්, එක
සිනාවක් නිසා
ඇති වෙන්න
පුළුවන්.
ඒත් ඉතින් කරුමෙක මහතනම්......
අපේ ගොඩක් අය ඒ නොමිලෙ දෙන්න පුලුවන් දේ හරි අගේ කරන එකයි.
කෙනෙක්ට උදේක මුණගහුනම, හිනාවකින් සංග්‍රහ කරන එක තරම් සුන්දර දෙයක් තවත් නෑ.
ඒත් අද... කීයෙන් කී දෙනාද එහෙම කරන්නෙ?
විදුලියෙන් ක්‍රියා කරන බෝනික්කො වගේ, කන් දෙකේ "බීරි මාක් කණේ මූදි කුට්ටම්" දෙකක් ගහගෙන, කලු කන්නාඩි දෙකක් දා ගත්තම මූණට මුලිච්චි වෙන උන්ට හිනා වෙනව තියා...
පාරෙ යන්නෙත් හරි අමාරුවෙන්.
ඔහොම ගියොත් වැඩි කල් යන්න කලින්,
අපේ රටේ
"සිනා සෙන්න උගන්වනු ලැබේ" කියල දැන්වීම දකින්න ලැබෙන කාලෙ වැඩි ඈතක නෙවේ...