ඉන්න ඇත්තො

3 ඇරඹුම.....

What about sunrise
What about rain
What about all the things
That you said we were to gain...
What about killing fields
Is there a time
What about all the things
That you said was yours and mine...
Did you ever stop to notice
All the blood we've shed before
Did you ever stop to notice
The crying Earth the weeping shores?

Aaaaaaaaah Oooooooooh
Aaaaaaaaah Oooooooooh

සින්දුව අහන්න බලන්න

1995 මයිකල් ජැක්සන් කියන අසහාය ගායකය ලියපු, කියපු මේ සින්දුව ඇහෙද්දි ඉස්සරනම් එච්චර දෙයක් දැනුනෙ නෑ. ඒත් ඒ සින්දුවෙ ගොඩක් ලොකු තේරුමක් තියෙනව කියල දැනුන නිසා ඒකම මගෙ බ්ලොග් එක ලියන්න පටන් ගන්න හිතුව.. සමහර අය කැමති නෑ ජැක්සන්ගෙ සින්දු අහන්න සින්දු කියද්දි බෙරිහන් දෙන නිසා.. ඒත්... කැමතිනම් අහල බලන්න ඒකෙ ලොකු තේරුමක් තියෙනව අපිට ගැලපෙන...
2009  ඇමරිකානු ජාතික රෝලන්ඩ් එමරිච් අධ්‍යක්ෂනය කල 2012 චිත්‍රපටිය බැලුවනම්, වර්තමාන කාලෙ වෙන දේශගුණ විපර්යාසත් එක්ක ඇත්තටම තව අවුරුද්දකින් ඒ චිත්‍රපටිය යතාර්ථයක් වෙයිද කියල බයක් දැනෙනව..
ඉතින් නිව්ටන්ගේ නියමයන්ට අනුවනම්, අපි කරන හැම දේකටම සමාන වූත්, ප්‍රතිවිරුද්ධ වූත් ක්‍රියාවක් තියේනව කියල ඉගෙනගෙන තියෙනව.. ඒ වගේම ගෞතම බුදු රජාණන් වහන්සේගෙ ධර්මයට අනුව, අපි වපුරණ දේ අපි වපුරණ තරමට අස්වැන්න විදියට අපි නෙලා ගන්නව...
ඔය කොයි නියමයත් දියුණුයි කියල හිතන මනුසතාටත්, අනෙකුත් සියලුම සත්වයන්ටත් අදාලයි..

ඉතින්, අපි කවදවත් තැකීමක් නොකරන අප අවට පරිසරය, අපි ආදරය නොකරන - අපිට ආදරය කරන සොබා දහම වෙනුවෙන් අපි මොනවද කරල තියෙන්නෙ..?

ඇත්තටම ඒක අපේ හෘද සාක්ෂියෙන් අපිම ඇහුවොත්, කීයෙන් කී දෙනෙක්ට සතුටු වෙන්න පුලුවන් උත්තර ලැබේවිද...?
අවුරුද්දට එකම එක දවසක් එක ගහක් හිටවල, ඉතුරු දවස් 364ටම ගස් කපල අපිට පුලුවන්ද ගහකොලට ආදරේ කරන්න...?

ගහකොලට, සොබා දහමට ආදරේ කරන හැම කෙනෙක්ම එකතු කරන්, දිගු ගමනක් යන්න හිතාගෙනයි අද "සොබා" පටන් ගන්න හිතුවෙ.. මේක ලියන අදහසින් ඉන්නකොට මන්චි (බුද්ධික මල්ලි) දවසක් චැට් එකේ නේච එක ගැන මොනව හරි ලියමුද කියල ඇහුවම පොඩි හඉයක් ආව... පොඩි කාලෙ ඉඳලා කම්පියුටර් කෑලි එක්ක ඔට්ටු වෙච්ච බුද්ධියාට එහෙම අදහසක් ආවනම් තම මම වගේ හිතන එවුන් ඇතිනෙ කියල පටන් ගත්ත... ඉතින් මේක ඉස්සරහට යන්නනම්, බුද්ධ්යා වගෙ හිතන උන්, ලොකුවට ලියන එක කෙසේ වෙතත් මේකට පොඩි කොමෙන්ටුවක් හරි දාල පොඩි "සප්" එකක් දෙනවනම් තමයි හොඳ..


 ආදරේ, විරහව, නැත්නම් හින්දි නිලියො, නලුවො ගැන පිටුවක් ලීවනම් බලාගෙන ඉද්දි හිට් කවුන්ට් එක නගිනව වගේ මේකනම් කියවන්නෙ නැති වෙයි...ඒත් ඉතින් සිත් ඇත්තෝ බලත්වා කියල ඔන්න එහෙනම් මුල පිරුව...

3 comments:

  1. ජය වේවා...! අපි මෙහි එමු... අනිවාර්‍යයෙන් කියවමු... දිගටම ලියන්න මල්ලි....

    ReplyDelete
  2. සොබා එකේ තිබුන වාක්‍යයක් හොයාගෙන මෙතනට ආවේ.. ඇත්ත කතාව.. කොමෙන්ට් නැතිවුනාට කමක් නැහැ..නිදහසේ අදහස් ලියමු.. ලිවුවම හිත නිදහස් වෙනවනේ .. අඩු ගණනේ කීපදෙනේක්වත් කියවාවි .. ඔන්න ඔහොමයි මම හිතන්නේ.

    ReplyDelete
  3. ඇත්තම ඇත්තයි කතාව... වෙන මොනව කරන්නද.....
    හිත නිදහස් කරගන්න ලියනව ඇරෙන්න...
    ස්තුති ගොඩාක් කියමනට...

    ReplyDelete

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...