ඉන්න ඇත්තො

5 ඇයි අපිටත් බැරි.....

ලියන්නනම් ගොඩක් දේ තියෙනව... පටන් ගන්න තැනක් හිතා ගන්න බෑ...

ඒත් මම මුලින්ම හිතුවනම් හරියටම හරි.....
මෙහෙම බ්ලොග් එකක් ලියන එකේ ආදරේ ගැන හරි, විරහව ගැන හරි නැත්නම් නලු නිලියන් ගැන ඕපදූප හරි ලීවනම් උණු කැවුම් වගේ හිට් කවුන්ට් එක නගිනව.... ඒත් අඩුම තරමෙ සිංහල බ්ලොග් කියවන එක්කෙනෙක් හරි මේක කියවයිනෙ... ඒ හින්ද මම ලියනව... හිතෙ තියෙන දේවල් කියා ගන්න බැරුව හිතේ තද කරන් ඉන්නවට වඩා මෙහෙම හරි නිදහස් කරල දානව.. අහල ඇතිනෙ අර රජ්ජුරුවන්ගෙ බූරු කන් දැකපු කරණවෑමියට අන්තිමේ කරන්න සිද්ද වුන දේ...

දැන් ඉතින් ආයෙම ඡන්දයක් තියන්න යනව කියන එක එලියෙ තියෙන තාප්පයක් , ලයිට් කණුවක් දැක්කනම් ඕනෙම පොඩි දරුවෙකුටත් තේරෙනව...
අපේ රටේ පාරක් අයිනෙ ගෙයක් තියේනම්, තාප්පයක් බඳිනකොට නිකන් කටු බිත්තියක් විතරක් තිබුනොත් ඇති.. මොකද ගොඩක් අය ස්වෙඡ්චාවෙන්ම ඒ තාප්ප පින්තාරු කරල දෙනව. ඒ අතින්නම් අපි හරිම වාසනවන්තයි..

බැරි වෙලාවත් කඩයක් වහල තිබ්බොත් දවස් දෙකක්, තුන් වෙනි දවසෙ කියතක් අරන් යන්න ඕනෙ දොරවල් අරින්න.. මොකද හොරු කඩයි කියල ඒවයෙ කොල අලවනවනෙ අපේ බාප්පල... 
කට්ටියක් අපිට අධ්‍යාපනය දෙන්න වෙහෙසෙනව තාප්ප, බෝක්කු, ලයිට් කනු වල එල්ලිලා...ඒ අය අවුරුද්දෙ 365 දවසෙම වෙහෙසෙනව...

තවත් පිරිසක් අපිට සේවය කරන්න එන්න වෙහෙසෙනව.... එයාලනම් ඉතින් එක කාලෙකට විතරක් තාප්ප, බෝක්කු , ලයිට් කනු අලංකරනයට එකතු වෙනව..
මේ දවස් වලනම් එළියට බැස්සම හැම පැත්තෙන්ම විරිත්තන් ඉන්න අයම තමා ඉන්නෙ.. කමක් නෑ ඉතින්.... මොකද අපිට සේවය කරන්න එන්නෙ ඉතින් ඔය විරිත්තන්නෙ..
ප්‍රශ්නෙ තියෙන්නෙ ඔය අපිට විරිත්තන අය දන්නෙම නැතුව අපේ සොබා දහමටත් විරිත්තන එකනෙ... එයාල හිතන්නෙ මේක අපේ විතරයි කියලනෙ.... එයාල ඉන්නෙ වීදුරු ගෙවල් ඇතුලෙනෙ... හැබැයි ඉතින් කතාවක් තියෙනව වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්න එපා කියල... ඒත් ඉතින් ඕකත් තෙරෙන්නෙ නැති එක නොවැ අවුල...

අනේ ඉතින් මාස ගානක් මහන්සි වෙලා, අපිට සර්වන්ට් කෙනෙක් හොයා ගන්නකොට අපේම වටපිටාවට පොලිතින්නම් කොච්චර එකතු වෙලාද...? කෝටි ගනන් වියදම් කරල පොස්ටර් මාරයෙක් ගේනව තාප්ප වල මවපු රූ රටා මකන්න.. ලයිට් කණු වල එල්ලිච්ච අයව පුලු පුලුවන් විදියට ඇදල දානව... ඇයි ඉතින් එයාල බස්සන්න ගිහින් විදුලි සැර වැදුනොත් හරි ජන්ජාලයක්නෙ වෙන්නෙ...
සමහර කණු වලට දැනට අවුරුද්දකට හමාරකට කලින් නැග්ග අයත් ඉන්නව බහින්න අමතක වෙල... අනේ පව් ඉතින්, එයලට කාක්කො එහෙමනම් සලකනව මදි නොකියන්න..
ඔය හැම කෙනෙක්ම හිතාගෙන ඉන්නෙ පරිසරේට ආදරේ කරන්න ඕනෙ පරිසර දිනේදි විතරයි කියල.. අනිත් දවස් වලට හිතුමතේට ඕනෙ දෙයක් කරන්න පුලුවන්... නගර සභාව ඉන්නෙ ඒව සුද්ද කරන්න... පරිසර අධිකාරිය ඉන්නෙ ඒව රකින්න... අපිට මොකෝ කියල....
බලාගෙන යද්දි ඒකත් ඇත්ත... ඒ අයට ඉතින් පඩියක් ගෙවන එකේ කරන්න වැඩක් තියෙන්නත් එපායැ.. අපි හැමෝම "අපේ පරිසරය" කියල හිතාගෙන වටපිටාව පරිස්සම් කරොත්, අර කියපු අයට රස්සාවල් නැති වෙනවනෙ... ඉතින් එතකොට විරැකියාවට විසදුම් හොයන්න වෙනවනෙ... බලන්නකො මෙයාල හිතන දුර..

අනේ මන්ද ඉතින්... කොහොමෙන් කොහොමෙන් හරි අන්තිමේ වෙන්නෙ අපේ පරිසරයට කුණු කන්දක් එකතු වෙන එකයි... කුණු කියන්නෙ හිරියට රටක සංවර්ධනය මනින එක මිනුම් දණ්ඩක් වගේ කොළඹට ඇතුල් වෙනකොටම ලොකු කුණු කන්දක් ගොඩගහල තියෙනව දැකල ඇතිනෙ . ඒක කූරු ගගා තව තවත් ගොඩ වැඩි කරගන්නෙ නැතුව අපිටත් පුලුවන්නම් මොකක් හරි ප්‍රතිචක්‍රීකරණ වැඩසටහනක් කරන්න.... මම කියන්නෙ කාබනික පොහොර හදන එකම විතරක් නොකර.... වීදුරු, පොලිතීන්, ප්ලාස්ටික් වගෙ දේවල් වලින්... ඒක කොච්චර වටීද එහෙනම්...?



ඒ කොහොම වෙතත් ඇයි අපිට බැරි ඔය දේවල් පාවිච්චි කරන්න කලින් ඒ ගැන හිතල බලන්න.... ?

අපි ප්‍රසිද්ධ වෙන්න පෝස්ටර් අලවනකොට ඇයි බැරි දෙපාරක් හිතන්න... අනිත් එකාට වඩා ඉස්සරහින් ඉන්න ඕනෙ නිසා ඊට වඩා වැඩියෙන් පාට දාලා ප්‍රින්ට් කරනව... ඉතින් ඕවගෙ මොන තරම් විෂ තියෙනවද කියල කවුද දන්නෙ.... කවුරුත් ඒක හොයන්නෙ නෑනෙ.... කඩදාසි දිරනවනෙ... පොලිතින් වගෙ නෙවෙයිනෙ.... අපිනම් පොලිතින් එල්ලන්නෙ නෑ... එහෙම කියල සමහරු නානාවිද පෝස්ටර් ගහනව... ගහනව නෙවෙයි , තාප්ප නාවනව....
ඉතින්,
ඇයි අපිට බැරි ඕක ඔච්චරටම ඔනෙනම්, නගරෙ මැද ලොකු දැන්වීම් පුවරුවක් ගහල, ඒකෙ විතරක් ඕව අලවන්න...?
ඒක අලවන අයටත්, බලන අයටත්, ගලවන අයටත් ලේසිනෙ....
අනිත් එක කොච්චර ලස්සනද... බෝක්කු අස්සෙ, ලයිට් කනු වල, තාප්ප ගානෙ ඉදන් විරිත්තනවට වඩා... එහෙම උනාම එකෙන් පරිසරයට වෙන හානි අවම කර ගන්න අපිට පුලුවන් වෙයි...

ඇයි අපිට බැරි මෙච්චර දියුණු ලෝකෙ, මිනිස්සුන්ට අපිට ඕනෙ පණිවිඩය දෙන්න පරිසර හිතකාමී ක්‍රමයක් හොයා ගන්න.... මොකක් හරි ක්‍රමයක්....

මිනිස්සුන්ව හදන්නම බැරිනම්, ඇයි අපිට බැරි සිංගප්පූරුව වගේ පරිසර හිතකාමී නීති පනවන්න.... කොලයක් බිම දැම්මත් දඩ....

අම්මප ඇයි අපිට බැරි හිතන්න අපේ පරිසරය අපි රැක ගත්තොත් ඒකෙ ප්‍රතිපලය, වාසිය අති විඳින්නේ අපිමයි කියල......?

5 comments:

  1. ඇයි අපිට බැරි ඕක ඔච්චරටම ඔනෙනම්, නගරෙ මැද ලොකු දැන්වීම් පුවරුවක් ගහල, ඒකෙ විතරක් ඕව අලවන්න...?
    ඒක අලවන අයටත්, බලන අයටත්, ගලවන අයටත් ලේසිනෙ....
    අනිත් එක කොච්චර ලස්සනද... බෝක්කු අස්සෙ, ලයිට් කනු වල, තාප්ප ගානෙ ඉදන් විරිත්තනවට වඩා... එහෙම උනාම එකෙන් පරිසරයට වෙන හානි අවම කර ගන්න අපිට පුලුවන් වෙයි...

    හොඳ අදහසක්, හැබය් අපේ තියා අපේ දරු මුණුපුරන්ගේ කාලයකවත්.........

    ReplyDelete
  2. සිරා කථාව බං...
    මේ දවස වල නම් පාර අයිනේ තියෙන හැම තාප්පයකම වගේ මේ අය විරිත්තන් ඉන්නවා..

    දකින්න ආසාවේ බෑ ඒ අජූත මූනවල් ටික... :D

    ටියුෂන් කඩ කාරයෝ ගැන නම් වෙනම කථා කරන් ඕනි..

    ReplyDelete
  3. ඔබ්ස‍ර්වර්...
    අපි එහෙමවත් වෙන්න කියල ප්‍රර්තනා කරමු...

    සෝරෝ...
    නියම වචනෙ "අජූත මූණ"

    ReplyDelete
  4. මොකක්ද රජ්ජුරුවන්ගේ බුරු කන් දැකපු කරණවැමියාට වුනේ...????

    මරු ලිපිය...ඔයා කියන දේ සහතික ඇත්ත... වන්දේ දෙන් නැතුවම ඉන්න ඔනා කරන පරිසර දුෂණ වලට...එකට මෙහේ ඔහොම කලොත් දඩත් ගහනවා..එවා ගහන්න වෙනම බොඩ් තියෙනවාත් එක්ක...මෙවා ගැන නම් කතා කර පලක් නැත..

    ReplyDelete
  5. මටත් අහන්න තියෙන්නේ, මොකක්ද රජ්ජුරුවන්ගේ බුරු කන් දැකපු කරණවැමියාට වුනේ කියලා තමයි?

    ඇත්තටම මම ඒ කතාව දන්නේ නැහැ :)

    ඔෆිස් එකේ, වැඩ අඩු වෙලාවක කියන්න...

    හොඳ අදහසක්. ඒත් මම නං අදාල නිලදාරි ගැන වැඩිය කතා කරන්න යන්නේ නැහැ. කව්ද මෙව්වට වග කියන්නේ කියලා මගෙන් ඇහුවොත්, මම කියන්නේ, "අපිම තමයි" කියලා...

    පුලු පුලුවන් විදියට අපේ වට පිටාව හොඳට තියා ගන්න බලමු. නිලධාරි දිහා බලන් හිටියොත්, හුඟක් කල් අපිට බලන් ඉන්න වෙයි :)

    ලොකු දෙයක් කරන්න බැරි වුනත් අපි හැමෝම පුංචියට කරන දේ එකතු වුනාම ලොකු දෙයක් වෙන්නත් බැරි නැහැ නේ...

    ReplyDelete

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...