ඉන්න ඇත්තො

2 ලෝක ජල දිනයට පසුව ලියමි

මේක ලියන්න ලෑස්ති උනේ මාර්තු මාසෙ 22...ඒ කියන්නෙ ලෝක ජල දිනේ දවසෙ... ඒත් කොහොමින් කොහොමින් හරි ඒක මග ඇරුන.... අපරාදෙ.... එදා ලියන්න හිතෙ තිබුණ දේවල්නම් දැන් හිතේ නැතුවත් ඇති... මොකද ඉතින් හිත කියන්නෙ එක විදියට ඉන්න කෙනෙක් නෙවෙයිනෙ... හරියට හුළඟ වගේ එහෙ මෙහෙ යන කෙනෙක්නෙ.... කමක් නෑ... ලියන්න හිටිය මූලිකම දේ මතක ඇති.... ලියලම බලමු.
එදා, හරියටම අවුරුද්දකට පස්සෙ අයෙම පරණ පුරුදු කෝච්චි ගමන (රත්මලානෙ ඉඳල දෙමටගොඩට) ඔෆිස් යන්න කියල හිතුව..පුංචි පුංචි හේතු ගොඩක් එකතු වෙලා හැදුන ලොකු හේතුවක් නිසා කාර් එකේ ගමන නැවැත්තුවා.. වාසි අවාසි දෙකම තියෙනව.... මට විතරක් නෙවෙයි.... ඒත්..... ඒක එහෙමයි...
උදේම (පාන්දර 7.45ට විතර) එලියට බැස්ස.... මොකද ඉස්සරනම් කෝච්චියක් තිබුන 8.16 ට ව්තර..
අපරාදෙ කියන්න බෑ ස්ටේෂන් එක එදා වගේමයි... එකම වෙනස බුදු පිළිමයක් හදල... වැලන්ටයින් දවසටනම් ඉතින් රේඩියෝ එකේ චැනල් ඔක්කොම මදි නොකියන්න පබ්ලිසිට්ය් එක දෙනවනෙ.. දෙමාපිය දිනේට, ගුරු දිනේට වගේ රෝසමලක් හරි විකුණගන්න පුලුවන් දිනයක්නම් ඉතින් රට පුරා අසූහාරදාහක් රේඩියෝ, ටීවී චැනල් ටික පබ්ලිසිටිය දෙනව... එහෙම උනානම් මිනිස්සු දැන ගන්නව එදා "ලෝක ජල දිනය" කියල...
ඒ හින්ද කාටත් හොරෙන් අපේ රටේ ප්‍රධාන උත්සවය අදාල ඇමතිතුමාගෙ අමාත්‍ය කාර්යාලෙත්, ලෝකෙම ප්‍රධාන උත්සවය දකුණු අප්‍රිකාවෙත් පැවැත්වෙන්න ඇති... ඒත් ඔය ඔක්කොම ඔහොම වෙද්දි, ජපානයේ ෆුකුශිමා නගරයෙ වැසියන්ට බොන්න වතුර ටිකක් ගන්න පැය ගනන් පෝලිමේ ඉන්න වෙච්ච කතාවත්, ඒ ඉඳලත් වතුර ලීටර් 2ක් විතරක් අරන් ගෙදර එන්න වෙච්ච කතාවත් අහන්න හම්බුනෙ කටින් කට ගිය "කට කතාවක්" විදියට නෙවෙයි, ඒ ගමේම ජීවත් වෙන මගෙම ගුරුතුමියගෙන් වෙච්ච එක හිතට ගෙනාවෙ පුදුම දුකක්... ඒ කතාව එයා කියනකොට මට මතක් වුනේ ලංකාවට සුනාමි ආව වෙලේ අපි වතුර බෝතල් එකතු කරන් ගිය හැටි. ළඟ පාතකනම් ඉතින් ජල දිනේට වතුරවත් අරන් යන්න තිබුන.... අන්න එහෙම උනානම් අර කලින් කීව අසූ හාරදාහක් චැනල් වලට මාකට් කරන්න තිබුන ඒක... දවස් ගානක් කිසි අවුලක් නැතුව දුවන්න තිබුන...කෝච්චිය යන්න පටන් ගන්න තවත් පරක්කු උනානම් තව ගොඩක් දේ හිතන්න තිබුන..


පුරුදු විදියට කෝච්චිය කොටුවට ආවම, උණු උණු එළකිරි එකකුත් අරන් නැග්ග රඹුක්කන කොච්චියට...
සමහරවිට ඉතින් බලාගෙන ඉන්න මිනිස්සු හිතනව ඇති මට පිස්සුත් කියල... මොකද අතින් කටින් එල්ලන් මදිවට තව දුම් දාන කිරි එකකුත් අතේ..ඕක ඉතින් පිට රටක සුදු එකෙක් කලානම් අවුලක් නෑ.. ප්‍රශ්නෙ තියෙන්නෙ මගෙ හම කලුයිනෙ... ඉපදුනෙ පොලොනරුවෙනෙ.... අපේ උන් ඉතින් කොච්චර වැඩ තිබුනත් අනිත් එකාගෙ ඇදයක් හොයනවමනෙ... 
අනේ එහෙමත් නෙවෙයි වෙන්න ඇති... විමසිල්ල කියන්නෙ ඒක වෙන්න ඇති...
හරි හරි.... ඇඩ් ඉවරයි...
කොහොමහරි රඹුක්කනත් ඔන්න යන්න හදන්නෙ... "දෙවෙනි වේදිකාවේ ඇති....... ජල කරාමය තදින් වසා යන්න...." අර "පළවෙනි වේදිකාවට පැමිනි දුම්රිය.. මේස උඩින් තියන්න" කීව වගේ කවුරු හරි කියනවනම්.... එහෙම උනානම් අනේ වතුර ටිකක් ඉතූරු කර ගන්න තිබුන...
අපේ අය ඉතින් ටිකක් හිතන්න කම්මැලිනෙ... නැත්නම් දවසට අහක යන වතුර බිංදු ගාන එකතු කරල බැලුවොත් එක කරාමෙට , කරාම දහයක් ගන්න පුලුවන් වෙයි.  
අනේ ඉතින් මක් කරන්නද.... 
"ඇලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරදක් නම්...." නන්දා මාලනී නැන්ද කියපු, 1988 මම අහපු සින්දුවක් මතක් උනා.
කොහොම හරි මම දෙමටගොඩට ආව.  අනේ දෙවියනේ මම එලකිරි එක බීපු කප් එක දාන්න කුණු බාල්දියක් නෑනෙ ස්ටේශන් එකේ... බැලුව හැමතැනම..... කොහෙවත් නෑ... හරි පුදුමයිනෙ... මටත් මොකද්ද අවාසනාවකට ඔහොම කුණු නිකන්ම කොහෙ හරි දාල යන්න නිකන් බැරි බැරි ගායක් තියෙනව.. සමහර වෙලාවට කෝච්චියෙදිනම් මම ඕන කුණු ගොඩක් මගෙ බෑග් එකේ ඔබා ගන්නව... ඒත් ඉතින් කිරි එක බීපු කප් එක එහෙම දා ගන්න බෑනෙ.... 
අම්මප දැන් මොකද කරන්නෙ....
කරන්න දෙයක් නෑනෙ... ඒකත් අරන් ගිය කෑම ගන්න කඩේට... එකෙ අනිව කුණු බාල්දියක් තියෙනවනෙ... ඉතින් ඒකට දැම්ම මුදලාලිගෙ ඇස් වහල..
කෑම එකත් අරන් එළියට බහිනකොටම දැකපු දසුන හරිම සුන්දරයි.... 
පොලිස් රාලහාමිලා දෙන්නෙක්... 
මොකද්ද ඒකෙ තියෙන සුන්දරත්වය...?
නෑ නෑ... ඒ විශේෂ දෙන්නෙක්.... 

"Police Environmental Protection Unit." 

අනේ... හරිම සුන්දරයි... දෙන්න හරිම සතුටෙන්.... ඇයි ඉතින් කුණු නෑනෙ....
අනේ ඉතින් කුණු බාල්දිත් නෑනෙ...දෙමටගොඩ පාලම යට හරි සුද්දයි..
ඇත්තටම මට හරි සතුටක් දැනුන... මොකද.... අපේ රටේ පොලිස් දෙපාර්තමේන්තුව එහෙම වටිනා කටයුත්තකට අනුයුක්ත කල එක... හරිම හොඳ අදහසක්.... හරිම හොඳයි....  
(පුංචිම පුංචි අවුලකට තියෙන්නෙ, සොච්චමකට ලොල් වෙලා "වැරදි කාරයො" නිදහස් කරන අපේ රාලහාමිලා කුණු ගොඩවල් ගොඩ ගැහෙන්න ඇරල බලාගෙන හිටියොත්නම් අපිට කියන්න කෙනෙක් නැති වෙනව....)
කොහොම හරි ඔන්න ඔය විදියට "ලෝක ජල දිනේ" හරි සතුටෙන් මටනම් ගෙවිල ගියා...
හවස් වෙද්දි ආපහු පුරුදු දුක කාමරේට එබිකම් කල එක වෙනම කතාවක්...


අන්තිමේ පුංචි දෙයක් මතක් කරන්නම්....
අපි කවුරුවත් කරනකල් බලා ඉන්නෙ නැතුව, ස්වයං පාලනයක් ඇති කරගෙන, අපේ වටපිටාව අපිම පිරිසිදුවත්, ලස්සනටත් තියා ගන්නවනම්.....
අනිත් අයට ඇඟිල්ල දික් කරන්න ඕනේ නෑ නේද..? 
ඇයි අපිට බැරි ඒක කරන්න.....?
කොහෙ හරි යන්න කලින්, මූනෙ පාට උලාගෙන, ක්‍රීම් උලාගෙන, විච්චූරණ ඇඳුම් ඇඳල හැඩ වෙන අපිට, අවට පරිසරයත් චුට්ටක් ලස්සන කර ගන්න අපට බැරි ඇයි..?

අපේ ගෙදර, මිදුල, වත්ත ලස්සන කරන ගමන් ඇයි අපිට හිතන්න බැරි අපි යන එන මහමගත් අපේමයි කියල......?
අනේ පින් අයිති වෙයි.... ඩින්ගිත්තක් හිතන්න.....

2 comments:

  1. ලොල්ය.. එල එල මචෝ.. උබනම් අදහන්න වටින පුග්ගලයෙක්.. :D :D

    ReplyDelete
  2. ස්තූතියි පුංචි ඇඟිල්ලේ....

    ReplyDelete

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...