ඉන්න ඇත්තො

13 ඇයි...????????????

අද ලියන්න යන දේ ගැන මම සැරයක් දෙකක් නෙවෙයි දහ වතාවක් විතර හිතුව.... ඒත් අන්තිමේ ලියනව කියල හිතුව....මේකටනම් මල් ලැබෙන්න තියෙන ඉඩ අඩුයි ගොඩක්..... මහාපරිමාණෙන් ගල් ලැබෙන්න පුලුවන්..... ඒත්... මගතොට යනකොට දකින දේවල් නිසාත්, පහුගිය දවස් දෙකක් උදේ කෝච්චියේ එද්දි දැකපු සිද්ධීන් දෙකක් නිසාත් වෙන දෙයක් වෙච්චාවෙ කියල ලියන්න හිතුව...
මම හිතනව දාල තියෙන පින්තූර නිසා මේක කියවන්නෙ නැතුව ඉන්න එකක් නෑ කියල.... මොකද එහෙම අසභ්‍ය දෙයක් ලියන්නෙ නෑ...අනික මේක සම්පූර්ණම මගෙ පුද්ගලික මතයක් විතරමයි... කාටවත් උපදෙස් දෙන්නවත්, මේක බලල හැදෙන්න කියන්නවත්නම් නෙවෙයි මේක ලියන්නෙ.. 

ගිය සතියෙ පුරුදු විදියට මම ඔෆිස් යන්න කෝච්චියට නැග්ග උදේ...උදේට කොහෙන් හරි වාඩි වෙන්න පොඩි ඉඩක් තමා හැමෝම හොයන්නෙ.... ඉතින් මමත් තිබුන ඉඩේ වාඩි උනා... හැමදාම ඉතින් කෝච්චියට නැගපු වෙලේ ඉඳල රාජකාරිය ජංගමේට එන කෝල් බලන එකනෙ... නැත්නම් ඉතින් ඔෆිස් යනකොට ජොබ් එක නැති වෙන්නත් පුලුවන්නෙ.... ඒ පුරුදු විදියට ඒව ඉවර කරල ඔලුව ඉස්සුව... මටම ලැජ්ජයි මගෙ ඉස්සරහ බලන්න....
සහෝදරියක් හරි අපහසුතාවයකින් වාඩි වෙල ඉන්නව.... ඇයි මේ...? 
අනේ මම හිතන්නෙ එයගෙ සාය කාගෙන් හරි ඊයෙ හම්බෙලා අද ඇඳල.... නැතුව එයා ගත්ත එකක්නම් වෙන්න බෑ.... එයා ගත්ත එකක්නම් ඒ තරම් අපහසුතාවයෙන් ඉන්න ඕනෙ නෑ...මොකද වාඩිවෙල වටපිටාවට නොපෙනෙන්න ඉන්න ඔයා පුදුම දුකක් විඳින්නෙ... අනික එයා ෂුවර් එකටම ගෙදර ඉඳන් එන කෙනෙක්නම් වෙන්න බෑ... මොකද එහෙම උනානම් ගෙදර ඉන්න වැඩිහිටියෙක් කියනව "දරුවො ඕක ඇඳන් වාඩි වෙන්නේවත් කොහොමද....? ඕක අඳින්න එපා" කියල...

මට මතක් උනේ අර අපේ රටේ ජනාධිපතිතුමා එක කාලෙක ගේන්න හදපු කොටට අඳින එක තහනම් කරන නීතිය ගැන... එහෙම උනානම් අද මේ සහෝදරී ඉහලින්ම අහු වෙනව...
අනේ මන්ද, මටනම් හිතාගන්න බෑ ඒ ඇඳුම ඇඳල මොකද්ද ඒකෙ තියෙන ලස්සන කියල...ඒ මදිවට මම නිකන් චුටටක් හැරිල බැලුවම වටේම් ඉන්න අයියල ටික මෙයා දිහා තමයි බලාගෙන ඉන්නෙ.... ඒ මදිවට එක හැකර කටක් තියෙන එකෙක් "marvelous" කියල කීව... ඒක ඒ හරියෙ හිටිය ගොඩක් අයට අහුන කියල තේරුණේ වට පිට හිටිය ඇන්ටිල ටිකක් ඒ සහෝදරී දිහත්, අර වචනේ කීව කෙනා දිහත් හැරිල බලපු වීදියෙන්... ඒක ඇහුන නිසා තවත් පේන හරිය වහගන්න ලොකු උත්සාහයක් දැරුවට, සාය ගලවල පහලට ගන්නව ඇරෙන්න වෙනනම් විදියක් ඒ සායෙ නෑ...වෙන කරන්නම දෙයක් නැති තැන ඒ ගෑණු ළමය හැරුන අනිත් පැත්තට... 
අනේ ඇත්තටම කොච්චර ලස්සනද දිගට සායක් හරි කලිසමක් හරි ඇඳන් හිටියනම්.... කිසිම අපහසුතාවයකුත් නැතුව ගමන යන්න තිබුණ.... එදා මම මගෙ ස්ටේශන් එකෙන් බැහැල ගියා අනේ පව් කියල හිතින් හිතන ගමන්...
මට සාමාන්‍යයෙන් කෝච්චියෙ සෙට් වෙලා යන්න යාලුවො නැති නිසා කොහෙ හරි අයිනක් අල්ලගෙන, වටපිට "විකාර" බල බල යන එක තමා කරන්නෙ... එහෙම නැත්නම් ඉතින් සෙනග අඩුනම් කැමරාවත් අරන් මුහුද පැත්තට වෙලා ඉන්න එක තමයි එකම රාජකාරිය... මොකද කොහොමත් විනාඩි 30-45ක් විතර මම දවස එක වතාවක කෝච්චියෙ ඉන්නව...
කලින් කීව දවසෙම හවස මම ආපහු එනකොට (අලුත්ගම දුම්‍ රිය) තව සිද්දියක් දැක්ක.... දැන් ඇඳුම් ගත්තම තියෙනවනෙ එක එක කරවල්.... "අර නෙක්", "මේ නෙක්", "මයිනෙක්"...වැඩිපුරම කරන්නෙ විළිලැජ්ජාව කියල ඇඳුම් වලින් වහගන්න දේවල්, තියෙනව කියල වටේ ඉන්න එවුන්ට පෙන්නන එක...අනේ මන්ද....අපේ අයියලත් ඉතින් බලාගෙන ඉන්නෙ චුට්ටක් හරි දැක්කොත් ඒක ඇසිපිහ නොහෙලා බලා ඉන්නනෙ.. අනේ ඒ බලන බැල්මට පිච්චෙනවනම් එහෙම ඔය ඇඳුම් අඳින අය බාගයක් මැරිල... කොහොමද වැඩේ... "මෝස්තරය නිසා ලඳක් මිය යයි.." පහුවදා නිව්ස්.. හැබැයි එක අතකට මරු දඬුවම... නීති දාන්න ඕනෙ නෑ ඇඟ පේන ඇඳුම් අඳින්න එපා කියල...නිකන්ම දඬුවම හම්බෙනව.. අමහරු අඳිනව.... ඉස්සරහෙන් හරියට සංවරයි... ඒ පස්ස සම්පූර්ණ එලියෙ...ඇයි දෙවියනේ හිතන්නෙ නැත්තෙ සංවරව ඇඳුමක් ඇන්දම කොච්චර ලස්සනද කියල... කාන්තාව මැවුම්කරු මවල තියෙන්නේම සුන්දර විදියට...
අරි ඇඩ් ඇති.. 
මම කීවෙ "කරවල්" ගැනනෙ.... ඉතින් එක නංගි කෙනෙක් නැග්ග කෝච්චියට (මම හිතන්නෙ මරදානෙන්)... එයා අර මම කීව "කරවල්" වලින් එකක් තියෙන ඇඳුමක් ඇඳල හිටියෙ... මට මතක නෑ ගවුමක්ද, හැට්ටයක්ද කියල.... මොකක් හරි.... කොහොම උනත් අර "show case" ටයිප් "කරක්"....ඒ කතාව කියන්න මම වැඩි වෙලාවක් ගන්නෙ නෑ...
කතාව කෙටියෙන් මෙහෙමයි.... නංගි නැග්ග වෙලේ ඉඳල "කර" හදනව ඇඳුමෙ.... මොකද කවුරුත් දකී කියල...ඇයි හත් දෙවියනේ ගෙදරදි ඕක හිතුනෙ නැද්ද.....? විළිලැජ්ජාවට වඩා මොස්තරෙ ලොකුයිනෙ...ඒත් තැනකට ආවමතම මතක් වෙන්නෙ "විළිලැජ්ජාව"... මමනම් ඒක දකින්නෙ විළිලැජ්ජාව නෙවෙයි ඔය.... ගෑණු ළමයෙක් කියල, විළිලැජ්ජාව තියෙනව කියල රට්ටුන්ට පෙන්නන්න හදනව.... නැත්නම් යස අගේට ඇඟ වැහෙන්න ඇඳුම ඇඳන් ආවනම් මොනව හදන්නද... පිළිවෙලකට ඉන්න තිබුන...(කෝච්චියෙ යන ගොඩක් දෙනෙක් කරන්නෙ හවසට නිදියන එක.. ඒ නංගිට ඒකත් අකැපයි.... ඇයි ඉතින් කොහොම නිදියන්නද.... මෝස්තරේ ලොකුයිනෙ...ගොඩක් පේනව...)
මම බැස්ස රත්මලානෙන්.... එයා දිගටම ගියා... පව්....
අදට කියන අන්තිම සිද්ධිය... ඔය සිද්ධිය වෙච්ච දවසට දවස් 2කට විතර පස්සෙ....
ලස්සන ගෑණු ළමයෙක් නැග්ග කෝච්චියට දෙහිවලින්...ඇත්තටම හරි ලස්සනයි මූණ... මම හිටියෙ ඉඳගෙන... මගෙ ලඟටම ඇවිත් හිටගත්ත.. අතේ තිබුන බෑග් එක මගෙ ඔඩොක්කුවෙන් තිබ්බෙ හරියට මම පොදු මේසයක් නැත්නම් රාක්කයක් වගෙ....ඇඳල හිටියෙ මම ඉස්සෙල්ල කීව වගේ සංවර කලිසමක්.... හැබැයි ඇඳල හිටිය ටී ෂර්ට් එක එච්චර දිගනම් නෑ...අවුලක් නෑ... මොකුත් එලියට පේන්න ඇඳල නෑනෙ... අනේ ඒත් මේ ළමය කොච්චියට නැග්ග වෙලේ ඉඳල ටී ෂර්ට් එක පිටිපස්සෙන් පහලට අදිනව....මට බය හිතුන ඒ අදින විදියට ඒක ඉරෙයි කියල..එය ඒක අදින්නෙ එයාගෙ පස්ස වහගන්න.... ඉතින් දෙවියනේ ගෙදරින් එද්දිම දිග ටී ෂර්ට් එකක් ඇඳන් ආවනම් ඉවරයිනෙ...


 එයා බැස්ස කොල්ලුපිටියෙන්... එතකොට තමා මට වැඩේ තේරුනේ... ඇඳන් හිටිය කලිසමට උදේ බහින්න ඇත්තෙ තෙල් ගාල වගේ... ගොඩක් අය කැමතිනෙ තමන්ට තියෙනවට වඩා පෙන්නන්න...ඒක නිසා හිරටම ඇඳන් ඇවිත්.. ඒක ලස්සනයි කියල හිතේ... අනේ මන්ද... ඇඟටම ඇලෙන්න ඇඳන් වස කැතයි...
ඔන්න ඕක තම මම දැකපු සිද්දි මේක ලියන්න හේතු වුන..
කෙනෙක්ට හිතෙන්න පුලුවන් ටිකක් මෝස්තර කලාම "ගොඩයන්ට මැජික්" කියල...ඒත් මටනම් තේරෙන්නෙ නෑ ටිකක් ඇඟ පෙන්නන එක හරි, එහෙම නැත්නම් කිට් කිට්යේ හිරට අඳින එක හරි ඇත්තටම මෝස්තරයක්ද කියල...මිනිස්සු බලයි තමා... ඒත් ලස්සනයි කියලනම් නෙවෙයි...
කාන්තාව මැවුම් කරු විසින්ම ලස්සනට, හැඩට මවල තියෙනව... පිරිමි වගේ රලු විදියට නෙවෙයි... ඉතින් එහෙම එකේ ඔච්චර විච්චූර්ණ කරන්න ඕනෙ නෑනෙ...බටහිර පන්නෙට අඳින්න ඕනෙ නෑ.. එහෙ මිනිස්සු රස්නෙ කාලෙට රස්නෙ අඩු වෙන්නයි අඩුවෙන් අඳින්නේ... ඒක විලාසිතාවක් විදියට හදාගෙන තියෙන්නෙ ඒක නිසා..අනික එහෙ අයට ඒවා ගානක්වත් නෑ.. ඒත් අපි, තැනක් නොතැනක් නෑ.. පේන්න ඕනෙ නැති දේවලුත් එක්ක පේන්න තමඉ මොස්තර කරන්නෙ... ඒකයි මෝස්තරේ... මොකද බටහිර පන්නෙට ඇන්දමනේ පිළිගැනීම... 
(අනේ මගෙ යාලුවෙක් ඉන්නව.. ගෑණු ළමයෙක්... ඉන්නෙ බටහිර රටක... දැන් අවුරුදු 4ක් විතර එහෙ ගිහින්.. අදටත් සිංහල විදියට අඳිනව.. කිසි කෙනෙක්ට හිතන්න බෑ එයා ඒ විදියට පිට රටක ඉන්නවද කියල...තාමත් හොඳ සිංහල..)
අපි අඳින්න ඕනෙ අපේ රටට, අපිට, පරිසරයට ගැලපෙන විදියට.... මෝස්තර කියන්නෙ ඇන්දම කිසි අපහසුවකින් තොරව ඉන්න පුලුවන් දේවල් මිසක්, හරිම අපහසුවෙන්, වාඩි වෙන්න බැරුව, ඇවිදින්න බැරුව, නැමෙන්න බැරුව ඉන්න කරන දෙයක්... එහෙමනම් ඒක දඬුවමක් මිසක් මෝස්තරයක් වෙන්නෙ නෑ. අනිත් එක ඇඟ පෙන්නන එක මෝස්තරයක් නෙවෙයි... ඒක වෙනම දෙයක්.....

මමත් පිළිගන්නව ගෑණු ළමයි මෝස්තර කරන්න ඕනෙ.... නැතුව ඉතින් හැට පැන්නම විලාසිතා කරන්න කියලද..... 
ඒත්.... 
මෝස්තර කියල, විලාසිතා කියල, දඬුවම් විඳින්නෙ ඇයි...?

(කිසිවෙක් මෙය කියවා මා හා උරණ නොවේවා..... හිතට එන අදහස් දක්වත්වා........)

(ඡායාරූප -www.victoriassecret.com)

13 comments:

  1. මමත් ඕක ගැන ගොඩක් හිතල තියෙනව..
    ඇත්තටම සමහර අය ඇඳුම් අඳින්නෙ අඳින්නෙ නැතුව පාරෙ යන්න දෙන්නැති නිසාද මන්ද!
    තව කට්ටියකට නම් මේ කියල තියෙන ඒව දඩුවමක් වෙලා කියල තේරෙන්නෙත් නෑ... පවු ඒ අයට නම්..

    ReplyDelete
  2. ඉතින් යකෝ උබ රස්නෙට ඒ රටවල් වල අදිනව කියනවනම් මෙහේ මේ දවස්වල සීතලද? , මට පුලුවන් කමක් තිබ්බනම් මම ඇදුම් නැතුව යනවා මේ දවස් වල, උබල ලස්සන දැයක් දැක්කම ඒක විවේචනය කර කර ඉන්නේ නැතුව රස විදින්න පුරුදු වෙයන්

    අනිත් එක ඔය රෙද්දයි හැට්ටෙයි ඇන්දම ලා චෝරුවට පේන කෙල්ලො කලිසම තදට ඇදල ගිහාම ෆට්ට ලස්සනට පේනවා,

    උබත් කෝච්චියේ යද්දි අනුන්ගේ කකුල් බලන්නේ නැතුව තමුන්ගේ පාඩුවේ වැඩක් කරගෙන පලකෝ

    ReplyDelete
  3. "මගේ සිතුවිල්ල" කතාව ඇත්තයි... සමහරුනම් ඇඳුම් අඳින්නෙ අඳින්නෙ නැතුව පාරෙ යන්න දෙන්නේ නැති නිසාමද කියල හිතෙනව..

    "දඟය" මල්ලිටනම් තරහ ගිහින් වගේ.. අනේ තරහ ගන්න දෙයක්නම් ලීවෙ නෑ දන්න තරමින්... ඒත් මම කියන්නෙ නෑ රෙද්ද-හැට්ටෙ අඳින්න කියල... තමන්ට පහසු ඇඳුමක් ඇන්දට මක් වෙනවද...? අනේ මයෙ මොකෝ..
    මම මුලින්ම කීවනෙ, කාටවත් උපදෙස් දෙනව නෙවෙයි කියල... මම කීවෙ මගෙ පුද්ගලික අදහස..
    මල්ලි බලන්න මල්ලි... කිසි අවුලක් නෑ...

    ReplyDelete
  4. ලොල්ය.. ඔයැයිගෙ කතාවෙත් සත්‍යතාවයක් තියෙ.. ඒත් අපි මිනිස්සු.. ඔහොම දෙයක් දැක්කම පිරිමි අයගෙ ටෙස්ටෙස්ටරෝන් වැඩි වෙනව ඉතින්.. එතකොට හොදම දේ ඒ දිහා නොබල ඉන්න එක උනාට බැලෙනව නොවැ.. ගෑනු දැන ගන්න ඔනි පිළිවලට අදින්න. උන් අසිකිත විදියට අදන් ගියාම අපි උන් දිහා බැලනකොට පිට බනින එක වැරදී..

    ReplyDelete
  5. චූටි ඇඟිල්ලේ, ඔන්න මම කාටවත් බැන්නෙ නෑ...
    මම ආයෙත් කියන්නෙ මම කීවෙ මගෙ පුද්ගලික අදහස් විතරමයි...

    ඇයි මේ පිරිමි පක්ෂෙ විතරක් අදහස් දක්වන්නෙ..? කිසිම කාන්තා නියෝජනයක් නැද්ද...?

    ReplyDelete
  6. අනේ නෑ තරහ ගියේ නම් නෑ, මක්කට තරහ ගන්නද අයියා, හක් හක්, පෞද්ගලික අදහස පොඩ්ඩක් මල ෆැන්නා වගේ කිව්වා

    ReplyDelete
  7. අනික අයියා එයාට ඒ ඇදන් යන එක පහසුද නැත්ද කියල ඔයා දන්නේ නෑනේ, ඔයා කියන්නේ පේන දේනේ,
    ඔය තදට ඇදන් යන එක්කෙනෙක්ගෙන් අහල බැලුවොත් නරකද? කව්ද දන්නේ කොටට ඇදන් යන්නේ කකුලට හුලං වැදෙන්න ඕනේ හින්දද කියල මේ දවස් වල දාඩිය හින්දා

    ReplyDelete
  8. කාන්තා පස්සෙ කොහොමෙයි අදහස් දක්වන්නෙ...?? විලිසන්හරේ නැතිවෙනව නොවැ..... එහෙම අදහස් දැක්වුවොත් ඉතින් මට තමා marvelous කියල කියන්න ව්එන්නෙ.. :P

    ReplyDelete
  9. අනේ මන්දා අයියා.... මම ඉන්න රටේ නම් ඔවා මහ දේවල් නෙවෙයි. කොටද, හිරටද? බාගෙටද? අනේ මන්ද මුන්ගේ විච්චූරණ.......... හැමෝටම ඕනේ සෙක්සි වෙන්න. බහුතරය අඳින්නේ එහෙම හින්දද මන්දා වැඩිය කවුරුත් ගණන් ගන්නේ නෑ. අපිටත් දැන් දැකලම ඇති වෙලා. දැන් ඉතින් ලංකාවේ ගෑණු දරුවන්ටත් සෙක්සි වෙන්න ඕනෙද දන්නේ නෑනේ. ගෑණු ළමයින්ට තැන්පත් වුනහම, උගත් වුනහම, චාම් වුනහම තියන ලස්සනට ලැබෙන ඉල්ලුම මදිද දන්නේ නෑනේ. හැබැයි සෙක්සි උනහමත් ඉතින් ඉල්ලුමක් ලැබෙනවා.ඉල්ලුම මොකටද කියලා නම් කියන්නේ නෑ. හැබැයි ඉල්ලුම ලැබුනට ගෑණු ළමයාට වටිනාකමක් නම් ලැබෙන්නේ නෑ..... අන්තිමට කියන්න තියෙන්නේ මම ලංකාවට දුවගෙන එන දවස් 20ට 30ට මට දැනෙන දෙයක් තියනවා. පුදුම විදිහට අපේ මිනිස්සු වෙනස් වෙලා කියන එක. වෙනස් වීම හොඳ පැත්තට නම් නෙවෙයි කියලත් හිතෙනවා. ඔය දවස් 20ට මම දකින්නේ බොහොම පොඩි පරාසයක්. ඒ නිසා ඊට වඩ මුකුත් මට කියන්න බෑ...........

    ReplyDelete
  10. කියන්න වචන නෑ. ලස්සනට ඔයා පැහැදිලි කරල තිෙය්නවා.. නියමයි පුලුවන්නම් තවලියන්න මුන්ෙග් ඔලුෙගඩි හදන්න. ඔක්ෙකාටම කලිෙය්න් දැන් ඉන්න ඒඋන් දහම් පාසල් යවන්න ෙවනවා.......

    ReplyDelete
  11. තම තම නැණ පමණින් තමන් කවුද ? ඉන්නේ කොහෙද ? යන්නේ කොතනටද ? කියලා තේරුම් අරගෙන විලාසිතා කරන්න ඕනේ :)

    ReplyDelete
  12. මටත් කියන්න තියෙන්නේ හසිත කිවා වගේ තම තම නැණ පමණින් දත යුතු කියලාම තමයි.

    ReplyDelete
  13. බස් එකෙ කෝච්චියෙ එහෙම ඔය වගෙ දේවල් දක්කම කට අරගෙන බලාගෙන ඉඳල මෙ වගෙ පෝස්ට් වලින් ගෑනු ළමයින්ට උපදෙස් දෙන්න කට්ටියනම් ඔනෙ තරම් ඉන්නව මම දැකල තියෙනව. ලස්සනයි කියල හරි සෙක්සි වෙන්න හිතගෙන හරි කෙල්ලෙක් ඔහොම දෙයක් අඳින්නෙ එයලගෙ කමත්තෙන් නෙ. ඉතින් එහෙම ඇඳල ප්‍රති විපකත් බලපොරොත්තු වෙන්න ඔනෙ. අපි වගෙ කොල්ලෙක්නම් කරන්නෙ just enjoying the view...

    ReplyDelete

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...