ඉන්න ඇත්තො

2 දිලුම්.....


"දයාබර සිරිල්" කියල ලිපියක් ලියල, ආයෙම තවත් පුද්ගලයෙක් ගැන ලියන්නම් කවදාවත්ම අදහසක් තිබුනෙ නෑ. ඒත්, මලිත් ඉලන්දාරියා ගැන ලියල තියෙන එක දැක්කම මටත් වචනයක් හරි ලියන්න ඕනෙ කියල හිතුන...
ඉලන්දාරියා (දිලුම්), මම කවදාවත් හැබැහින් දැකල නෑ... කතා කරල නෑ... සයිබර් අවුරුදු උත්සවේට එන්න හිටියට මට එන්න උනේ නෑ.. ඒ ආවනම් එදා මට එයාව හැබෑවටම දැක ගන්න තිබුන...
ඒත්, දැන් ඒකට පරක්කු වැඩියි.... දිලුම් යන්න ගිහින්....
මම දිලුම්ගෙ ලිපි කියවල විතරයි තියෙන්නෙ....
ඒත්....
මම එක දෙයක් හොඳට දන්නව...
ඒ,
මේ ලෝකෙ හොඳ මිනිස්සු ඉක්මනට යනව...
ඉලන්දාරියත් එහෙම එකෙක්....
අපි, කළ පව් ගෙවන්න මෙහෙ ඉතුරු වෙනව...
අපිට දැනෙන, අපි ආදරේ කරන අය, අපෙන් ඈත් උනාම ඒක දරාගන්න බෑ...
ඒත්.....
"ගිය තැනක සතුටින් ඉන්න" කියනව ඇරෙන්න....
වෙන මොනව කරන්නද ඉතින්....

ඉලන්දාරියා (දිලුම් කියන නමට වඩා ඒ නම හුරුයි)..
නුඹට නිවන් සුව...

2 comments:

  1. ලග ඉන්න අය වෙන්වෙන කොට එක දරා ගන්න ගොඩාක් අමාරු යි.

    එත් ලෝක දර්මයට පිටුපාන්න අපි කාටත් බැහැ.

    ඔබට නිවන් සැප........

    ReplyDelete
  2. ලෝක ධර්මය මොකක් උනත්, ළඟ ඉන්න අය කවදාවත් අපෙන් වෙන් වෙලා යන්නෙ නෑ..
    එහෙම යන්න බෑ.... මටනම් එහෙමයි...
    එහෙම යනවනම් ඒ අය කවදාවත් ළඟ ඉඳල නෑ...

    ReplyDelete

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...