ඉන්න ඇත්තො

7 කව්ද මේ...?

හැමදාමත් සීරියස් දේවල්ම ලියන හින්ද, හිතුන ටිකක් වෙනස් දෙයක් ලියන්න කියල...
ඒක නිසා පොඩි වෙනසකටත් එක්ක මේක ලියන්න හිතුව.. හැබැයි ඔන්න කවුරුත් තරහ වෙන්නනම් බෑ.


අපි හැමදාමත් කොම්පියුටර් වගේ උදේට ඔන් වෙනව... හවසට ඕෆ් වෙනවනෙ... ඒක තමා සතියෙ දවස් 5ම කරන්නෙ.... ඉතින් වැඩ වැඩ වැඩ.. ඉවරයක් නැති වැඩ.. මහාමේරුව ඔලුවෙ තියා ගත්ත වගේ ඔලුවෙ බර... ඔන්න ඕක නිසා වැඩ වලින් ටිකක් ඈත් වෙලා නිදහසේ විනෝද වෙන්න කියල පොඩි විනෝද චාරිකාවක් යන්න අපේ කට්ටිය තීරණය කලා. වැඩේ ඕගනයිසින් පාට් එක සෙට් උනේ අපේ අලුතෙන් ආව නංගිලා මල්ලිලා ටිකකට තමයි ඔන්න..
කොහොම කොහොම හරි වැඩ අස්සෙම වැඩේ සෙට් කලා. නිකන්ම ගිහින් එනවට වඩා පොඩි තරඟයක් තිබ්බොත් ගතියක් තියෙන නිසා ඒව ඒ විදියට සෙට් කරල තිබුණ.. ඒවට දෙන්න තෑගිත් සෙට් කලා. (ඕගනයිසින් කොමිටියෙ සාමාජිකයො වැඩියෙන්ම හිටිය කණ්ඩායම තමයි ඉතින් අන්තිමේ දිනුවෙ. ඒක වෙනම කතාවක්.) කොහොම හරි වැඩේ ලස්සනටම කෙරුන.
අපි ගමන ගියෙ ඔහියෙ, නතර උනේ "World's End Lodge". ඒක නිවාඩුවකට නියම තැන.(මම එහෙම කීවෙ එතන්ට ජංගම දුරකතන වැඩ කරන්නෙ නැති නිසා.. ඒකනම් පුදුම සහනයක්...) කොහොමහරි අපේ කොමිටියෙ නංගිල, මල්ලිලා ගමනට කලින් ඉඳල සෑහෙන කට්ටක් කෑවනෙ.. මොකද සෙට් එකම අලුත්... තාම පරිවාස කාලෙනෙ.. ඉතින් ඔක්කොම පරිස්සම් කර ගන්න ඕනෙනෙ.. "මරණ ඉරි" පහු උනොත් ජොබ් එක කේස්.. ට්‍රිප් එක සවුත්තු උනොත් ඉඳල ඉවරයි.. කොහොම හරි වැඩේ කරගෙන ගියා.. ඒ අතරේ අපේ පරණ කට්ටියත් සමහරු පුලු පුලුවන් විදියට සප් එක දුන්න...
ඉතින් අපි කොහොම හරි ගමන ගියා කියමුකො.. දැන් ඔය වගේ ගමනක් ගියාම ඉතින් අම්මල නෑනෙ ගෑණු ළමයි බලා ගන්න. ට්‍රිප් එක දවස් දෙකක්නෙ.. එයාල, එයාලවම බලා ගන්න ඕනෙ.. මොකද ඔෆිස් එකේ බහුතරය පිරිමි නිසා, ගෑණු ළමයින්ගෙ ඕනෙ එපාකම් හොයල බලන්න ටිකක් දැනුම් තේරුම් ඇති කෙනෙක් ඉන්නම ඕනෙ. එහෙම කෙනෙක් නෑ කියල ඉතින් එයාල නොගිහින් ඉන්න බෑනෙ. 
අනේ ඉතින් අපේ ඔෆිස් එකේ ඉන්න ගෑණු ළමයි ටිකත් ආව කොහොම හරි. වැඩිහිටියො හිටියෙ නැතුවමත් නෙවෙයි. අපි ඒක අමතක කරමුකො.
කොහොම හරි අපි ගමන ගියා.
ඉතින් වැඩේ කියන්නෙ, අපිට හිටියනෙ ගෑණු ළමයි බලාගන්න කෙනෙක්... අපරාදෙ කියන්න බෑ ගෑණු ළමයින්ට කිසි අඩු පාඩුවක් වෙන්න දුන්නෙ නෑ මේ මලය.
කෑම-බීමද, නවතින තැනද, කිසිම අඩුපාඩුවක් නම් වෙන්න දුන්නෙම නෑ. හැමදේම හොයල බලල කලා. කිසි කෙනෙකුට අඩු පාඩුවක් වෙන්න දුන්නෙ නෑ... කොහොමින් කොහොමින් හරි පව් කොල්ලට නමකුත් වැටුන කියමුකො ඉතින්.. ඒකත් එසේ මෙසේ නමක් නෙවෙයි... දෙවි කමක්...
"බඩු බාර දෙවියො" 
(ඔය විශේෂණ පදේට මම එච්චර කැමති නම් නෑ... ඒත් ඉතින් නම ඒකනෙ.)
අපරාදෙ කියන්න බෑ, ඒ නමට ගැලපෙන උපරිම විදියට වැඩ කලා.. කොටින්ම කීවොත් සමහර ගෑණු දරුවන්ට උදෙන්ම දැක්කම "අනේ දෙයියො දැක්ක වගේ" ඉබේම වගේ කියවුනා.
කොල්ල හොඳ එකා... කිසි වරදක් නැති එකා... 
අපේ ඉතින් දුෂ්ඨයො හිට්යෙ නැතුවමත් නෙවෙයි...  
දන්නවනෙ ඉතින් කොල්ලෙක් කෙල්ලො ටිකක් එක්ක ඉන්නකොට හිතේ දුක ඇති වෙන එවුනුත් ඉන්නවනෙ.. එහෙම හිත රිදුන එවුන් ටිකක් තදට විහිලු කලේ නැතුවමත් නෙවෙයි..
හැබැයි ඉතින් අපේ මලය වෙලාවකට අර "වර්ණපාල තියරිය" අනුගමන කරනවද කියල හිතෙනව...කියන්න කියන්න තව තව උදව් වැඩි වෙනව... කමක් නෑ ඉතින්... මොක උනත් කොල්ල හොඳ එකා.

අපේ මේ දෙයියො කොයිතරම් තමන්ගෙ දේව කාරිය කරනවද කියනවනම් ආරන්චියෙ හැටියට ට්‍රිප් එකෙන් පස්සෙත් කෝල්ස් එනව කියල තමයි කියන්නෙ... ඒ අපේ ඔෆිස් එක ඇතුලෙන් නෙවෙයි.. පිට පලාත් වල , ඒත් දෙවියන්ගෙ පිහිට පතන ඈයො..

කොයි හැටි වෙතත්, අපේ "බඩු බාර දෙයියො" හොඳ එකා.. කාටවත් කිසි කරදරයක් නැතුව, තමන්ගෙ වැඩේ කරගෙන යනව..
ඇත්තටම හොඳ එකා.

7 comments:

  1. පල ඇති රුකටනේ ගල් ගහන්නේ....

    ReplyDelete
  2. පෙරුම් පුරනා බෝසතුන්ටත් මාර සෙන් සිටියෝ... ඉතින් එහෙනම් අපට නැතිවෙද රුදුරු බාධාවෝ...

    ReplyDelete
  3. පැමිණි දුක් කඳ පැණි රසක් ලෙස බෝසතුන් සිතුවෝ....
    ඉතින් එහෙනම් අපිත් ඉවසමු රුදුරු බාධාවෝ..

    ReplyDelete
  4. ඔය දෙයියනටයි මං මේ කියන්නෙ..සැලෙන්න එපා අයියෙ...දිගටම කරන් යන්න..ගුඩ් ලක්....!!

    ReplyDelete
  5. දැන් ඉතින් ඔය තමන්ටම හොද කියා ගත්තා ඇති නේද?? අපි දන්නවා අය්යා හොදායි කියලා

    ReplyDelete
  6. අර දේවා අයියා කියනවා වගේ සීන් එකක් දෝ දෝ කියලා මටත් හිතෙනවා. මොනවා වුනත් ගණන් ගන්න එපා අයියා, කොල්ලා හොඳ එකා...... හික්ස්..

    ReplyDelete
  7. අනෙ අම්මේ ඉතින් මේක මගෙ සීන් එකක් නම් මම ගොඩය මල්ලි වගේ මගේ වං හුං කියල කෙලින්ම ලියනවනෙ...
    මගෙ නෑනෙ ඔය වහෙං ඔරෝ කතා... මගෙ නම් කෙලින් කීව...
    දැන් අහිංසකය බේරන්න ගිහින් මේක මගෙ කරට පෙරලෙන සීන් එකක් වගේ පේන්නෙ..
    හිකිස්...
    බෑරිම උනොත් ඉතින් කෙනා කව්ද කියල කියන්නම වෙනව...

    ReplyDelete

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...