ඉන්න ඇත්තො

5 මං ආසා ගී - ඇය යන්න ගියා මැකිලා

ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවනැලි අතරේ  
ගී ගයමින් හිඳ මා තුරුලේ 
ඇය යන්න ගියා මැකිලා
පිණි කඳුල මල පෙති අග තවරා
ඉහිදුම් සලුවෙන් මුහුණ වසා

නිල්ල නිලන නිල් කඳු වැටි අතරේ
සඳ එළියේ  මංපෙත පාදා
රහසක් සඟවා ගොලුවූ හදකින් 
ඇය යන්න ගියා මැකිලා

ඇය යන්න ගියා මැකිලා

යළි කවදාවත් හමු නොවනා බව
මද පවනක් හිස අත ගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසි දින
ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර
ඇය යන්න ගියා මැකිලා
 
ඇය යන්න ගියා මැකිලා

ගීය අහන්න ම, බලන්න මෙතැනින්

 කවදාවත් යළි නොඑන්න මැකී ගිය ඈ ගැන ගයන මේ ගීතයත් මං ආසම කරන ගායක අමරසිරි පීරිස් මහත්මයහෙ මං ආසම කරන ගීතයක්.. හන්තානට පායන සඳ ගීතය වගේම මේකටත් සැබෑ කතාවක් ඇති කියල මට හිතෙනව.. ඒත් මම ඒක දන්නෙ නෑ.. කොටින්ම මේ ගීය ලිව්වෙ කව්ද, සංගීතය කාගෙද කියලත් මම දන්නෙනම් නෑ. ඒත් මම ගොඩක්ම ආස ගීයක්. අර කලින් ගීයකට කීව වගේ, මේකත් කරුවලේ ඉඳගෙන අහද්දි ගොඩක් දැනෙයි... ඒක මේ ගායකයගෙ කට හඬට අනන්‍ය දෙයක්ද මන්ද...
ඔයාලත් එහෙම රස විඳල බලන්න...

5 comments:

  1. සිරාවට වදින සිංදුවක්. සෑමාත් මනාපයි. මේ කෙල්ල මැරිච්ච සීන් එකක් නේද බොල??

    ReplyDelete
  2. මාත් කැමතිම සිංදුවක්....ඇත්ත කතාවක්.......

    ReplyDelete
  3. මම මාරම ආස සිංදුවක්..

    ReplyDelete
  4. මේ ගීතය ලිව්වේ සුනිල් සරත් පෙරේරා . සංගීතය එච් එම් ජයවර්ධනගේ. මේ ගීතයට සංගීතය නිර්මාණය කර කර ඉද්දි තමයි එච් එම් ජයවර්ධනගේ බිරිඳ මාලනි බුලත්සිංහල විදේශ රටකදී මියගියේ. එච් එම් ජයවර්ධන ඒවෙලාවේ දැනගෙන ඉඳල තිබුනේ නෑ තමන් සංගීතය නිර්මාණය කරන ගීතයෙන් කියවෙන අර්ථය ඇත්තටම තමන්ට ඒ වෙලාවේ සිද්ධ වෙලා කියල.

    ReplyDelete
  5. ඔබේ කොපුලේ අනාථ වූ සෝ සුසුම් සින්දුවේ සම්පූර්ණ ලිරික්ස් ටික දෙන්න පුළුවන්ද කාට හරි

    ReplyDelete

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...