නුඹ ඇවිත් හිත ළඟට හොරෙන් ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන් ...
දකින හිමිවන හීනේ නුඹ කොතැන හිටියා
මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුණා
හඬන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුණා
ඇත්තමයි නුඹ අහසක් වගේමයි හිතුනා...
නුහුරු නුපුරුදු හීන අරං
ළඟට ඇවිදින් තුරුළු වෙමින්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන් ...
මිරිඟුවක හිස තියලා නුඹ දුරක ඇදුනා
රංචු ගැහෙනා රෑනේ තනිකමත් දැනුනා
ඇසිල්ලක දුටු හීනෙන් හිත හුඟක් රිදුනා
අරුත නොදකින සෙනෙහේ ඔය නමත් රැඳුනා...
පෙනෙන නොපෙනෙන..
ආත්මා ලියනගේ ගයන මේ ගීයත් මට ආස හිතුන එකක්... ගීතෙ අලුත් වෙන්න ඕනෙ. ඇත්තටම කියන්නෙ කවුද කියලවත් දැනන් හිටියෙ නෑ. මේක ලියන්න ඕනෙ කියල හිතුනට පස්සෙ තමා ටිකක් හෙව්වෙ. අකුරු කරල තියෙන්නෙ රචිත වාකිශ්ට කියල කෙනෙක්. තිලින රුහුනගේ සංගීතය.
ඔයාලත් අහල බලන්න ආස හිතෙනවද කියල. දැන් කාලෙ තියෙන තේරුමක් නැති ගීත වලට වඩා තේරුමක් ඇති ගීයක්..
ගීතයට...
5 ක් මිත්‍ර අදහස්...:
ලස්සනයි වගේම අර්ථවත්
මාත් ආසම ගීයක්
ඇත්තටම ඔව්. ඇත්මා ලියනගේ කාලෙකට මතක හිටින හොඳ දෙයක් ආයෙමත් කරල..
සිරාම මියුසික් තියෙන සිංදුවක්.....
බෙදාගත්තට ස්තූතියි...
ජයවේවා!!!
this is one of ma favs !! u have a taste :)
niyamai....
Post a Comment