ඉන්න ඇත්තො

0 දන්නව නම් කතා කරන්න... අනිත් අයටත් කියන්න..

මේක තවත් එක පෝස්ට් එකක් නෙවෙයි.. බුකියෙදි අපි ගොඩක් අයට එකතු වෙලා උදව් කරනව දැකල තියෙන නිසයි මේකත් ලියන්න හිතුවෙ. මගෙ පෝස්ට් කියවන අය අඩු උනත්, ඒ කියවන ටික දෙනා හරි මේක දැකල එයාලගෙ යාලුවො අතර හරි මේ පණිවිඩය පතුරවයි කියල හිතනව.
මේක මට ආව ඊයක්. වාසනාවකට මේ තාත්තට එයාගෙ දුවව හම්බෙලානම් හොඳයි...
අපි හැමෝම දන්නව අපි ගොඩක් ආදරේ කරන කෙනෙක් අපෙන් ඈත් වෙන එක මොන තරම් දුකක්ද කියල. ඒ අතරත්, අපි ගොඩක්ම ආදරේ කරන කෙනෙක්, ජීවතුන් අතර ඉන්නව කියල දැන දැනත් ඉන්න ඉසව්වක්, කරන කියන දෙයක් නොදැන ඉන්න එක මොන තරම් දුකක්ද..?
මොනව කරනවද, ලෙඩක් - දුකක් නැතුව ඉන්නවද, වෙලාවට කනව බොනවද, හිතේ සැනසීමෙන් ඉන්නවද කියල දන්නෙ නැතුව, දැනගන්න විදිය නැතුව ඉන්න එක මොන තරම් දුකක්ද..?
මේ තාත්තත්, තමන්ගෙ බිරිඳ, පුතා ජීවතුන් අතර නැති උනත් තම දියණිය ජීවතුන් අතර ඉන්න වග දන්න මුත් ඉන්නා ඉසව්වක් නොදැන අවුරුදු 7ක් මොන දුකකින් ජීවත් වෙනව ඇත්ද...?
හිත් ඇති ඔබට එය අමුතුවෙන් කිව යුතු නැති වගනම් හොඳින්ම තේරුම් ගත හැකිය...

ඒ හේතුවෙන්, මේ පොස්ටුව ඔබ දන්නා අය අතර බෙදා දෙන්න... ඔබට පින්..

( මේ මගේ පවුලේ කෙනෙක්වත්, මගේ නෑයෙක්වත් නොවුනට, මනුසත් පවුලේ මගේම සහෝදරයෙක්, සහෝදරියක් වු හෙයින් ලියන්නට අදහස් කලෙමි) 

 

No comments:

Post a Comment

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...