ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයෙ දැවටෙන්නට
මගෙ උණුහුම මදි වීදෝ
ආදරේ මට නම්
ඇයි විරහ සරදම්
ජීවිතේ මම නම්
ඇයි කඳුලු මෙතරම්
නෙතු මුතුකැට වැටෙන තරම්
හිත මත දඟකෙරුව තරම්
උණුහුම හිත හැදුව තරම්
රැවටුණු හැටි මා මෙතරම්

ඔබ දන්නවනම්
තව කඳුලු දිදී
රිදවන්නෑ...
මා දැවෙන තරම්
ඔබ දන්නෑ...
මගෙ හීනයෙ...
නොමියෙන මල් මතක පෙතී
එක එක බිඳ දැමුව හැටී
නෙතු අග තෙත රැඳුනෙ නිතී
මගෙ වරදම වෙන්න ඇතී
හුරු සිනහ සිතින්
ඔබ ඉන්නවනම්
තව කඳුලු කතා
පවසන්නෑ...
මේ කඳුලු මගේ
දැන් දුක නෑ...
මගෙ හීනයෙ...
හරිම අහම්බෙන් මේ ගීය ඇහුවෙ.... මගෙ 100 පොස්ට් එක ලීවට පස්සෙ මොකක් හරි අපලයක්... ලියන්න කියල හැමදාමත් පටන් ගත්තත් එකක්වත් ලීවෙ නෑ.. දන්නෙ නෑ ඇයි කියල.. ඒත් ඇත්තටම ඒ දරපු උත්සාහ ඔක්කොම අසාර්ථකයි.... අදත් ඒ වගේම ලියන්න පටන් ගත්ත එකක් ඉවර කරනව කියල වාඩි උනේ... ඒත් අවසනාවක මහත...අදත් එමමයි... එහෙම එහෙට මෙහෙට පෙරල ඉන්න අතරෙ තමයි මේ ගීය දැක්කෙ.... ඇහුව ගමන් හරි ලස්සනට දැනුන... ඉතින් හිතුන ඔයාලත් එක්ක බෙදා ගන්න.... 100න් නැවතුන බ්ලොග් එක ආයෙ පෙට්ට්රල් ගහල ගන්නත් එක්ක ඔන්න ලීව... මේක ගායනා කරන්නෙ නම් තරුණ ගායකයෙක්. "උදය ශ්රී වික්රමසිංහ". පද, සංගීතය කාගෙද කියල නම් හරියට දන්නෙ නෑ... හොයා ගත්තොත් කියන්න... ගීය අහල බලන්නකො...
අහන්න, බලන්න මෙතනින්.