ඉන්න ඇත්තො

7 මනුසතා සහ තිරිසනා

අලියා අපි මේ ගෙදර දාලා යනවා. 
ඔයා අපේ ගෙදර කැඩුවා. ඒකට මට ගොඩක් දුකයි. 
ඒ හින්දා අපි යනවා. 
අපි හිටියොත් ඔයා අපිව මරයි. 
ආයේ ඔයා අපේ ගෙදර කැඩුවොත් 
දළදා කරඬුව ගෙනියන්න ගන්නෙ නෑ. 
අපි නුවර පෙරහැර බලන්න එන්නෙත් නෑ. 
අලියා, මම ඔයාට සුබ පතනවා. 
මෙයට...

මෙහෙම ඡායාරූපයක් ඔයාල දකින්න ඇති පහුගිය කාලෙ මූණු පොතේ..මේකෙ තියෙන විදියට මේක ලංකාදීප පුවත් පතේ පළ උන එකක්... ඇත්ත කතාවක්...
මට මේක දකිනකොට මටත් හිතුන මට හිතෙන දේත් ලියන්න ඕනෙ කියල.

පොඩි එකාගෙ කතාව ඇත්ත වෙන්න ඇති. ඒත් ඒ පොඩි එකා දන්නෙ නෑ, එයාගෙ තාත්තල, සීයල, අත්තල, මුත්තල එකතු වෙලා මේ අලියගෙ ගෙදර කඩල කියල.. සමහරවිට පොඩ්ඩ දැනන් හිටියනම් ඒ කතාව, එයා අලියට කියන එකක් නෑ මෙහෙම දෙයක්...
අපි එයාලගෙ වාස භූමි අල්ලගෙන, ඒවගෙ ගෙවල්, දොරවල් හදාගෙන, වගාවල් කරන්න ගත්තම ඒකට වැරදි එයාලද..? අපිද..?
අපි නිතර යන එන පාර හරස් කරල එක පාරට කවුරු හරි කෙනෙක්, පිරිසක් වැටක් ගැහුවොත්, ගෙයක් හැදුවොත්, අපි මොකද කරන්නෙ..?
අවුරුදු 20-30 ගමන් කරපු පාරෙ එහෙම දෙයක් කලොත් අපි කවුද, ඒ හදල තියෙන දේ මග ඇරල වෙන පාරකින් යන්නෙ..?
කීයෙන් කී දෙනෙක් එහෙම කරයිද..?
එච්චර එපා, අපි ඉස්සරහින් යන වාහනේ පාරෙ නවත්තල තියෙනව මොකක් හරි හේතුවක් හින්ද... කීයෙන් කී දෙනෙක් ඒ මිනිහට බැණ බැණ නලාව හඬවනවද..? පාරෙ යන බස් කාරයන්ට කොච්චර වෛර කරනවද පාර හරස් කරනවට....
ඉතින් එහෙම අපි, අහිංසක තිරිසන් සත්තුන්ගෙ ගෙවල් දොරවල්, යන එන පාරවල්, වාසභූමි අල්ලගෙන, එයාලගෙ කෑම තියෙන තැන් විනාස කරල, එයාලටම බණිනව...අපිට හිරිහැර කරනව කියල.
මටනම් හිතෙන්නෙ එහෙමයි.
ලොකුම වැරැද්ද කරන්නෙ අපි.
මට මතකයි මම පුංචි කාලෙ අපි හිටියෙ පොළොන්නරුවෙ.. නවනගරෙ.. වන ජීවි කාර්යාලෙ තිබුනෙ අපේ ගෙවල් ලඟ.. ඉතින් කොහෙ හරි අනාථ වෙච්ච අලි පැටියෙක් ගෙනාවොත් අපි යනව බලන්න. ඒ අලි පැටියව එතන්ට ගේන ටිකට එයාගෙ වලිගෙ කෙඳි ටික ගලවල.. ගොඩක් වෙලාවට ගේන්නෙ එක්කො කාගෙ හරි මර උගුලකට අහු වෙච්ච, වලකට වැටිල තුවාල උන, අසරණ වෙච්ච කෙනෙක්ව.. ඉතින් ඒ අසරණයව අපේ අය තවත් අසරණ කරනව..
ඉතින් මටනම් හිතෙන්නෙ ලෝකෙ සත්තු අතරින් දියුණුම මොළයක් තියෙනව කියල කියාගන්න "මනුසතා" මේ අහිංසක තිරිසන් සතාගෙ වාසභූමි අත්පත් කරගෙන, එයාලට ඉන්න හිටින්න තැන් නැති කරල, කන්න බොන්න නැති කරල, යන එන මං හරස් කරල අන්තිමේ උන් ඒ වෙනුවෙන් සටන් කලාම, මරල දානව කිසි හිතක් පපුවක් නැතුව "මනුසතාට" එරෙහි උනා කියල.
ඒක හරිද..?
ඇයි මේ තරමට ආත්මාර්තකාමී.....????????

7 comments:

  1. ඇත්ත අලිංට ඉන්න තැනක් නැති උනාම උන් මොනා කරන්නද?

    ReplyDelete
  2. හ්ම්ම්..ඔබට එකඟයි මම..

    ReplyDelete
  3. හැමෝම වැරදියි තමා. ඒත් මොකද කරන්නේ ?

    ReplyDelete
  4. මාත් හිතන්නෙ ඒ සත්තුන්ව අසරණ කරලා තියෙන්නෙ අපිමයි.

    මාත් පොළොන්නරුවෙ නවනගරෙ කාලයක් හිටියා.

    ReplyDelete
  5. අලි ඔක්කොම හීලෑ කරලා බස් සර්විස් එකක් පටන් ගත්තනං හරි....බාල ඩීසල් නිසා බස් ගොඩක් මඟ නැවතිලා, එක අලියෙක්ට බස් 4 ඇදගෙන යන එක සිම්පල්....

    ReplyDelete
  6. wagakiwa yuthu ayage nosalakilimath kama hinda ali minis prashne wadi wenawa

    ReplyDelete
  7. අලි මිනිස් ගැටුම කියන්නේ මිනිසා විසින් නිර්මාණය කර අලියා මත පැටවු ගැටලුවක්නේ..මේ තැන් වල ගෙවල් හදාගත්ත මිනිස්සුන්ට බනින්තත් බෑ ..ඒ මිනිස්සුන්ව අලින්ගේ ‍වාසස්ථාන උදුරාගන්න තැනට පත්කලේ අපේ දේසපාලුවන් දැන් උන්ම තමයි ඡන්දේ කාලෙට කැගහන්නේ අරක දෙන්නම් මේක දෙන්නම් කිය කිය..කිසිදු සැලැස්මක් නැති සංවර්ධන කටයුතු සහ සංවර්ධන කටයුතු යැයි කියා කරන තමන් වර්ධනය කර අනුන් මර්ධනය කරන නාඩගම් නිසා පරිසරයට අත් වි ඇති ඉරණම සෝචනීයයි. තම තමන්ගේ හෙන්චයියෝ ටිකට ඉඩ කඩම් බෙදා දෙමින් රක්ෂිත එළි කරමින් සීමාවක් නැතුව කැලැ කපමින් මේ දේසපාලුවන් නටන නාඩගමේ එක පරිච්චේදයක් විතරයි ඔය අලි මිනිස් ගැටුම..අන්තිමට ඔය හැත්ක බුරුත්ත කියයි මිනිස්සුන්ගේ යහපත තකා සියලුම අලි ටික මරලා දාන්න කියලා..නැත්නම් හොර රහසේ ගැමියන්ට ගිනි අවි දිලා ඒ මිනිස්සුන්ව පොලබවයි අලි ටික මරන්න..අන්තිමට වැරදි අලි මරන්න ආයුධ දුන්න උන් නෙමෙයි මරපු මිනිහා..මෙව්වා ගැන ලියන්න ගියොත් පැය ගානක් එක දිගට ලියන්න දේවල් තියෙනවා..අනේ මන්ද ලංකාව කියන්නේ හැමදේම ලැබිලත් කිසිම දෙයක් නැතුව දුක් විදින රටක්..

    ReplyDelete

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...