
අපිට අපි ආත්මාර්ථකාමි කියල කවදාවත් හිතෙන්නෙ දැනෙන්නෙ නෑ.. ඒත් අපි අනිත් මිනිස්සු හරි ආත්මාර්ථකාමී කියලනම් කියනව.. (අර ජේසුස් වහන්සෙත් කියල තියෙනවලුනෙ "තමන්ගෙ ඇහේ තියෙනවනෙ පොල් කීරට වඩා, අනිත් එකාගෙ ඇහේ තියෙන කෙන්ද පේනව" කියල. (හරිද මන්ද කීව. පොල් කීර නෙවෙයි, පොල් පරාලෙ තමා හරි එක.))
අපි කොච්චර ආත්මාර්ථකාමී උනත් අපි පිටට පෙන්නන් හදන්නෙනම් ඉතින් පට්ටම පරාර්ථකාමී කියල තමා.
පිට පොත්ත හරිම සුදුයි, සුමුදුයි, සුසිනිඳුයි. ඒත් ඉතින් ඇතුලට එබිල බැලුවොත් තමයි තේරෙන්නෙ තරම කොහොමද කියල..
ඒක මිනිස් ස්වභාවය වෙන්න ඇති. හැබැයි මම කියන්නෙ නෑ පරාර්ථකාමී ගති පැවතුම්, අදහස් ඇති කිසිම කෙනෙක් මේ ලෝකෙ නෑ කියල.. එහෙම අය ඉන්නව.. හැබැයි බොහොම අතලොස්සයි.. දැන් කෙනෙක්ට කියන්න පුලුවන් "අද කාලෙ එහෙම නැතුව බෑ" කියල. ඒකත් ඇත්ත. මම ඒකත් පිළිගන්නව. එහෙම නොවුනොත් අමරුවෙන් හම්බ කරගන්න තුට්ටු 2ටත් විදල යයි. කෙල්ලෙක් නම් අමාරුවෙන් පරිස්සම් කර ගන්න දේවල් වලටත් දන්නෙම නැතුව විදල යයි. (අර කතාවක් තියෙන්නෙ හිත හොඳ ගෑණි හැමදාම බඩින් කියල. අන්න ඒ වගේ)
ඒත් එහෙමෙයි කියල පට්ටම ආත්මර්ථකාමී වෙන්න ඕනෙද..?
මම නම් කියන්නෙ කෙනෙක් පරාර්ථකාමී වෙන්නම ඕනෙ නෑ. තමන් ආත්මාර්ථකාමී නම්, ඒක කෙලින්ම පෙන්නන්න, පිට පොත්තට විතරක් සුදු නොවී. මොකද එහෙම උනාම මිනිස්සුන්ට හරි රූපෙ අඳුන ගන්න බැරි වෙනව. හිතන්නෙ හරිම සුදු චරිතයක්, පට්ටම පරාර්ථකාමී කියල. ඒත් අන්තිමේ කෙල වෙනකල්ම දන්නෙ නෑ.
(මම කලින් පෝස්ට් එකේ කීව වගේ ඇත්ත තත්වෙ පෙන්නන්න. කෙලින් කියන්න. (උඩින් මිතුරු, යටින් හතුරු නොවී).)
අපි කවුරුවත් සුදුම චරිතත් නෙවෙයි, ඒ වගේම කලුම චරිත්මත් නෙවෙයි. ඒත් හොඳම දේ අපිට පුලුවන් වෙන්න ඕනෙ අපේ ඇත්ත රූපෙන්ම ජීවත් වෙන්න. ඒක පිටට පෙන්නන්.
එහෙම නැතුව කෙනෙක්ව කිට්ටු කරගන්න හරි, උදව්වක් ගන්න හරි, හිත දිනා ගන්න හරි, මොකක් හරි තමන්ගෙ අවශ්‍යතාවයකට විතරක් එක රූපයක් පෙන්නල, තමන්ගෙ ඇත්ත ස්වරූපය හංගන් ඉන්න එක නෙවෙයි. මොකද එහෙම උනාම වෙන්නෙ කවද හරි තමන්ගෙ අවශ්‍යතාවය හමාර වෙන දවසට හරි, ඒ දේ සිද්ද වෙන්නෙ නෑ කියල හිතුන දවසට හරි, ඇත්ත රූපෙ එළියට එනව.
අන්න එදාට....
අපි ලෝකෙට, තමන්ගෙ අයට බොරු කාරයෙක්, මවා පාන්නෙක් වෙනව.
ඉතින් මුව හම පොරෝ ගත්ත වෘකයෙක් වෙනවට වඩා තමන්ගෙ ඇත්ත ස්වරූපයෙන්ම ඉන්න එක කොච්චර වටිනවද..? හිතල බලන්නකො....
100% agree with the concluding statement.
ReplyDeleteකතව නම් ඇත්ත...
ReplyDelete