හරි, කැටයම් නැතුව පටන් ගන්නම්...
කියන්න හදන්නෙ පරණ කියමනකුත් තියෙන කතාවක්. "ඇත්ත කියන්නයි, බිම ඉඳ ගන්නයි කාටවත් බය වෙන්න ඕනෙ නෑ" ඔයාල අහල ඇතිනෙ ඒක.
ඉතින් එහෙම එකේ බිම ඉඳ ගන්න එකේ කේස් එකක් නෑනෙ. තමන් කැමතිනම් කරන්න පුලුවන්.
එතකොට මොකද්ද කේස් එක....?
ආ.... ඒ කියන්නෙ ඇත්ත කියන එක.
හරි. හරියටම හරි.
අද අපි අතර ඉන්න ලොකු, කුඩා කවුරුත් (පොඩි උන් කවදාවත් බොරු කියන්නෙ නෑ. ඒකනෙ උසාවිය උනත් පොඩි උන්ගෙ සාක්ෂි පිළිගන්නෙ. මම කියන්නෙ වයසින් පොඩි උන්) කැමති නෑ රැවටෙන්න. ඒකට ගෑණු, පිරිමි භේදයක් නෑ. ඒ කියන්නෙ කාගෙවත් බොරු අහන්න, විස්වාස කරන්න, ඒ ඔස්සේ කටයුතු කරන්න අපි කවුරුත් කැමති නෑ. මොකද එහෙම කලාම, අන්තිමේ ඇති වෙන්නෙ පසු තැවිල්ලක්. ඒ පසුතැවිල්ලෙ තරම පුංචි වෙන්නත් පුලුවන්, සමහරවිට ජීවිතෙන්ම වන්දි ගෙවන්න වෙන තරමට ලොකු වෙන්නත් පුලුවන්. ඒක එක එක්කෙනාගෙ දරාගැනීමේ ශක්තිය මත තීරණය වෙන්නෙ.
ඒ කොයි හැටි වෙතත්, මම අද කියන්නෙ අන්න ඒ තත්වෙට එන්න කලින්, බොරු නොකියමු කියලයි.
ඇයි බොරු කියන්නෙ.????
මිනිස්සු එක එක හේතු හින්ද බොරු කියනව. ඒත් මේ කියන්නෙ ඒ එක එක හේතු වලින් එකක්. ඒ අනිත් කෙනාගෙ හිත රිදෙයි කියල කියන බොරු.
කෙටිම උදාහරනෙ.
ඔයාලගෙ යාලුවෙක් ඔයාගෙන් මොකක් හරි දෙයක් ඉල්ලනව. ඒක එයාට ගොඩක් වැදගත් දෙයක්. ඔයාට ඒ දේ දෙන්න පුලුවන් කියල එයා විස්වාස කරනව. ඒත් යාලුව ඒක ඉල්ලනකොටම ඔයා දන්නව ඔයාට ඒක දෙන්න විදියක් නෑ කියල. මොකද අපි හිතමුකො ඒක ඔයාටත් ඕනෙ කියල එදාටම.
ඒත් යාලුවට දුක හිතෙයි, යාලුව තරහ වෙයි, යාලුව නැති වෙයි කියල හිතල ඔයා එයාට කියනව "හරි බලමුකො, තව කල් තියෙනවනෙ" එහෙම නැත්නම් "බලමුකො" කියල. ඒත් ඔයාගෙ යටි හිත දන්නව මේක කොහෙත්ම වෙන්නෙ නෑ කියල.
ඉතින් අදාල දවස ආවම එක්කො යාලුවව මග අරිනව, දුර ඉන්න කෙනෙක්නම් ෆෝන් ඕෆ් කරල, ඔන්ලයින් ඉන්න ඒව ඕෆ්ලයින් කරල,සද්ද නැතුව ඉන්නව.
අනේ ඉතින් තමන් ඉල්ලපු දේ යාලුවගෙන් ලැබෙයි කියල යාලුවව විස්වාස කල අර යාලුව, ලෝක අමාරුවක වැටෙන්නෙ. වචනෙ විස්වාස කල නිසා වෙන විකල්පයක් බලන්නෙත් නෑ. අන්තිමේ එයාගෙ අවශ්‍යතාවය ඉෂ්ඨ වෙන්නෙත් නෑ.
හැබැයි ඉතින් බොරුව කියපු කෙනත් ටිකක් පසු තැවෙනව. (ඒත් ඒක පුද්ගලානුබද්ධයි. හිතක් පපුවක් තියෙන, හිතේ තෙත්මනයක් කෙනෙක්නම් තමයි ඉතින් එහෙම පසු තැවෙන්නෙ.මම කලේ බොරුවක්නෙ කියල). ඒත් ඉතින් ඒ පසුතැවීමෙන් තේරුමක් නෑ. වෙන්න ඕනෙ දේ වෙලා ඉවරයිනෙ.
යාලුව උදව්ව ඉල්ලපු වෙලාවෙම කෙලින්ම කීවනම් ඉවරයි "අනේ සමාවෙන්න, මට ඒක කරන්න බෑ. මටත් ඒක එදාටම ඕනෙ" එහෙම නැත්නම් "සමාවෙන්න, මට ඒක දෙන්න බෑ, අපේ අම්ම කැමති නෑ." හේතුව මොකක් උනත් කෙලින්ම කීවනම් ඉවරයි. "සමාවෙන්න, ඒක කවදාවත් වෙන්නෙ නෑ. බලාපොරොත්තු තියාගන්න එපා"

තේරුන නේද..? මම කීවෙ උදාහරණයක්. ඒත් මම හිතන්ව ඒකෙ තියෙන බරපතලකම ඔයාලට තේරුම් ගන්න පුලුවන් වෙයි කියල.
කෙනෙක්ට කියන්න තියෙන දේ කෙලින්ම මූණට එවෙලෙම කීවම ඒක ඉවරයි. ඒක සමහරවිට හිතෙයි පොල්ලෙන් ගැහුව වගේ කියල. ඒත් කරන්නම් කියල ඉඳල නොකරනවට වඩා ඒක හොඳයි. හිත රිද්දන්න බැරිකමට, "බෑ" කියන්න බැරි කමට එහෙමත් නැත්නම් එකපාරම "බෑ" කියන එක හරි නැති කමට "හා" කියල අන්තිමේ අමාරුවෙ දානවට වඩා ඒක සිය දහස් වාරයක් හොඳයි.
කෙනෙක්ට ඒක පොල්ලෙන් ගැහුව වගේ "බෑ" කීව කියල හිතෙන්න පුලුවන්. ඒත් මම නම් දකින්නෙ ඒක කෙලින් කතා කිරීමක් කියල. ඒකෙන්, පසු බලාපොරොත්තු ඇති වීමෙන් වෙන හිත් රිදීම, බලාපොරොත්තු කඩවීම, අපහසුතාවයට කල් වීම් වලක්වනව.
එක පාරයි, ඉවරයි.
ට්‍රයි කරල බලන්න. ට්කක් අමාරු වෙයි. ඒත් හොඳ පුරුද්දක් වෙයි.
මමත් මුලින්ම කලේ නෑ. ඒත් එක්තරා අවස්ථාවක මගේ ජීවිතේ මට හිටිය හොඳම බොස් (බොසී) මට කීව උඹ කවද හරි අමාරුවෙ වැටෙන්නෙ මිනිස්සුන්ට උදව් කරන්න, උදව්වක් ඉල්ලුවම බෑ කියන්නෙ නැති එකෙන්. ඒක කරන්න අමාරුනම් බෑ කියපන්. හැමෝටම උදව් කරන එක හොඳයි. ඒත් ඒක පුලුවන් පමණින් විතරක් කරපන්. - ඒ කතාව ඇත්ත.
True ..
ReplyDeleteහ්ම් කතාව ඇත්ත
ReplyDeleteජයවේවා!!
ස්තුති නිපුන
DeleteVery true ... well said bro...
ReplyDeleteThanks sis... :)
Deletesiraa siraa
ReplyDeleteමමත් බොරු කියලා තීනවා..
ReplyDeleteගොඩක් ඒවා සමහරුංගේ යහපත වෙනුවෙන්මයි..
ඊට අමතරව කියන බොරු ඉතිං මෙවුවා..
මචං මං ඇවිත් ඉන්නේ උබ කොයිද??????
හිටහං මම තව විනාඩි 5න් ඔතන..
(ඒ උනාට මං තාම ගෙදර)
ඒ අතින් මමනම් යහපත් තැනක ඉන්නවා.මගෙ ළඟ පස්සෙ බලමු ඒවා මේවා නෑ.පුලුවන්නම් පුලුවන් කීවා බැරිනම් බෑ කිව්වා.නමුත් ළඟින්ම මාව ආශ්‍රය කරණ අයට ඇර වෙන අයට මාව පේන්නෙ වෙනස් විදියටක කියලා මට ආරන්චි වෙලත් තියෙනවා.ඒත් මම එහෙමයි.මම්නම් විශ්වාස කරන්නෙ ටික ටික හෙමීට රිදවනවට වැඩිය එක පාර රිද්දන එක හොදයි කියලා.
ReplyDelete