ඉන්න ඇත්තො

2 සැබෑ වූ සිහිනයක්...!!!!!



කාලාන්තරයක් තිස්සෙම හිතේතිබුණ පුංචි බලපොරොත්තුවක් ඉෂ්ඨ කරගන්න පහුගිය දවසක අවස්ථාව උදා වුනා. ඇති වෙච්ච සතුටනම් කියන්න වචන නෑ..

2010-12-10  වෙනි සිකුරාද දවසෙ උදේ 8.45ට තිබුණ සුභ මොහොතට සංඝරත්නයේ ආශිර්වාද මැද්දෙ මගේ කුලුදුල් ඡායාරූප දැක්ම (සිත් විනිවිද) මගේ තාත්ත අතින් පටන් ගත්ත. ගොඩක් අය කීව පොල්තෙල් පහන පත්තු කරන්න එක එක අයට එන්න කියන්න කියල.. සාස්තරේ මට පිහිටුනෙ තාත්තගෙන් නිසා , තාත්තටයි, පවුලෙ අයයි, මට උදව් කල අයයි එකතු කරන් පොල්තෙල් පහන පත්තු කරල වැඩේ පටන් ගත්ත.


චූටි කාලෙ තාත්තගෙ කැමරා අතපත ගාල පුරුද්ද නිසාත්, තාත්ත ඉස්සෙල්ලම තාත්තගෙ ප්‍රදර්ශණයක් කරනව දැකල තිබුන නිසාත් ෆොටෝ ගන්න ආසාවක් තිබුනට මොකද, මටම කියල කැමරාවක් ගන්න වත්කමක් තිබුනෙ නෑ මට.  එහෙම හිටිය මට දෙඤ්ඤං කාසි වලට ජුන්කො සෙන්සේ කැමරාවක් ගෙනත් දුන්න.

අක්කගෙ පුංචි සුරන්ගනාවි දවසක් මගෙ කැමරාව උඩින් ඇවිදන් ගියේ එහෙම කලාම එයගෙ මාමට ඒකෙන් වෙන පාඩුව නොදන්න කමටනෙ. කමක් නෑ කියල හිත හදා ගත්ත ඉතින්.

කොහොම උනත් කැඩුණ කැමරාවකින්, අමාරුවෙන් ගත්ත දේවලින් ෆිලික‍්ර ගොණුවක් හදාගෙන හිටිය මට ඒක දැකපු හේමාලි අක්කගෙන් (වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දේව හදවතක් තියෙන මිනිස් දුවක්) ලැබුණ ප්‍රතිචාර මාව තව තවත් දිරිමත් කලා. ප්‍රදර්ශණයක් කරන්න මට පුලුවන් කියල මගේ හිතේ බලාපොරොත්තුවක් මුලින්ම මට ඇති කලේ හේමාලි අක්ක.. එතනින් නොනැවතී මහාමේරු පර්වතය තරණය කරන්න පළවෙනි පියවර තියන්න මට උදව් කළ හේමාලි අක්කට මම සදා ණය ගැතියි.

ඒ සිහිනය සැබෑ කරගන්න මට ශක්තිය දුන්න තවත් පිරිසක් ඉන්නව තිරය පිටිපස්සෙන්... ඒ අයව මතක් නොකලොත් ඒක ලොකු පවක්..

 රස්සාවත් එක්ක ඔට්ටු වෙන මගෙ වැඩ වලින් බාගයකටත් වඩා කරල දුන්න තාත්තා, අම්ම, පුංචි මල් පෙත්තක බර දරාගෙන උනත් දවල් - රෑ නොබලම මගෙත් එක්ක මහන්සි වුන දිලී, පොඩි එවුන් දෙන්නව දාල මහ රෑ ඇවිත් මට උදව් කළ මගෙ අක්ක, අපේ දුකේදි - සැපේදි අපි ළඟම ඉන්න ලොකු අයිය මගෙ ලඟම හිටිය සියලු දේ ඉවරයක් වෙනකල්ම. ජීවිත ගොඩ දාන්න දවසම වෙහෙසෙන අමිල මහන්සි නොබලාම මගෙත් එක්ක හිටිය හැම වෙලේම.. මං වෙනුවෙන්ම ලෙක්චස් කට් කරල ගෙදර ආව පියුමි නංගි, එළි වෙනකල් පින්තූර අලවපු තිමිර, දෙවෙනි දවසෙ අන්තිම තප්පර කීපයට හරි ආවත්, පින්තූර ගලවන්න, අස්පස් කරන්න උදව් කළ ජයනි නංගි, ලක්ශිකා නංගි අමතක කරන්නෙ කොහොමද..














 ප්‍රදර්ශනේ පුරාවට සංගීතය සපයන්න උදව් කල අපේ බුද්ධික සහෝදරය (සුපර්ස්ටා බුද්ධික) හැමදාම වගේ එදත් ආව.

ප්‍රදර්ශණේට නමක් දානකොට මට උදව් කළ දිල් අක්ක, දන්න කියන ලොකු පොඩි හැමෝගෙන්ම උදව් ඉල්ලල එයාගෙ යාලුවන්ටත් වදයක් වෙලා මට උදව් කල දර්ශ නංගි, පූර්ණි නංගි, ජා-ඇල සොනික් ඇඩ්ස් සුමිත්, හිරු නංගි, ලීෆ්ලට් ගහන්න උදව් කරල, නංගිත් එක්ක දුරු කතර ගෙවාගෙන පින්තූර බලන්න ආව සාලිය මල්ලි කළ උදව් අමතක කරන්න බෑ.. කාර් එකේ ස්ටිකර් ගහල දීපු අරවින්ද අයියව අමතක කරල කොහොමද... සල්ලි වලට වැඩක් කර ගන්න ගියාම, දවල්ට කන්නත් දීල, රසම රස අඹ බීම එකකුත් දීල, සල්ලි මොකටද මල්ලි කියල අහන්න තරම් අරවින්ද අයියයි, තුෂාරි අක්කයි මේ ගෙන්දගම් පොලවෙ කාරුණික වෙච්ච එකනම් හරි පුදුමයි... ඒ දෙන්නව මම හම්බුණෙත් එදාමයි...

මගෙ ඔෆිස් එකේ සගයො බලන්න නාවත් දුන්න සහයෝගය මට පුදුම ශක්තියක් උනා.

කවදත් හොඳ දේවල් කරද්දි ළඟම ඉන්න කරු අංකල්, සඳා ඇන්ටි, චූලා ඇන්ටි වෙනද වගේම ළඟම හිටිය.. දනුෂ්කය, චනුක ලංකාවෙ නෑ කියල අංකල්, ඇන්ටිල දෙන්න කවදාවත්ම අඩුවක් කරන්නෙ නෑ අපේ දේවල් වලදි.... ඔයාලට ගොඩක් පින්... හැබැයි ඉතින් අපරාදෙ කියන්න බෑ , පාඩම් කරන්න හරි නැගිටල නැකැත් වෙලාවට දනුෂ්ක කෝල් එකක් දීල හරි විශ් කලා..

අපේ ලොකු අම්මවයි, උඩ ගෙදර ලොකු අක්කවයි අමතක කලොත් ලොකු අඩුවක්.. දවස පුරාම අඩු පාඩු හොයල බලලා ගොඩක් දේ කරල කට්ට කෑව.ගොඩක් වැඩ තියෙද්දිත්, දවල් වෙලා හරි කෑමත් අරන්, දිල්යවත් අරන් ආව පුෂ්පික අයියටත් ගොඩක් පින්.

ට්‍රිප් එකක් යනව වගේ කොළඹ ඉදන් මාව බලන්න ආව සල්ගාදු  අංකල්, ඇන්ටි, නංගිල දෙන්න, මල්ලි සහ අක්ක ..විශේෂයෙන් මතක් කරන්න ඕනෙ..

අපේ වත්තෙ ඉන්න අංකල්ල, ඇන්ටිල හැම කෙනෙක්ම තමන්ගෙ වටිනා කාලෙ මිඩන්ගු කරල පින්තූර බලන්න ආව විතරක් නෙවෙයි, මට ලොකු ශක්තියක් වෙලයි යන්න ගියෙ..අපෙ අම්මගෙ යලුවො හැම කෙනෙක්මත් එහෙම ආව එක මට ලොකු හයියක්..

 හර්ෂ අයිය, අචිනි අක්ක, පොඩි උන් දෙන්නත් අරන් නුවර ඉදන් පෙට්‍රල් පුච්චන් ආවෙ හරියට තමන්ගෙ දේකට එනව වගේ... ශ්‍රීමතී අක්ක පොඩි එකා එක්ක බස් එකේ ඉස්කෝලෙ ඉදන් ආවෙ කොච්චර අමාරුවෙන්ද.... ඒ හැමෝටම ගොඩක් පින් මා වෙනුවෙන් ආවට...


වැඩ කරල සතියම, පන්ති ගිහින් වීක් එන්ඩ් එකේ කෙලින්ම ගෙදර යන චූටි , මගින් බැහැල පින්තූර බලන්න ආව කොහොම අමතක කරන්නද...?


ඒ වගේම පින්තූර බලන්න ආව හැම කෙනෙක්ම මට ලොකු ශක්තියක්...



කවුරු හරි කෙනෙක් ගැන කියන්න, මතක් කරන්න බැරි උනානම් මට සමාව දෙන්න..


බලන්න ආව ගොඩක් දෙනෙක් තමන්ගෙ අදහස් ලියල යන්න අමතක කලේ නෑ.. ඒකනම් ලොකු හයියක්.. කවද හරි ඉතුරු වෙන්නෙ එච්චරයි...






















ඉතින්.....


ඇත්තටම මට සතුටුයි...
ගොඩක් සතුටුයි...

මම මහලොකු ෆොටෝග්‍රැෆර් කෙනෙක් නෙවෙයි....
ඒත්..
අනිත් හැම කෙනෙක්ම ලොකු, නානාවිද කැමරා වලින් ලොකු දේවල් කරනකොට,   පුංචි කැමරාවකින් ගොඩක් දේ කරන්න හිතේ හයියක් තිබුන...

ඒ ශක්තිය මට දුන්න හැම කෙනෙක්ටම අනේක වාරයක් පින්...


පින්තූර බලන්න ආව, නාව හැමෝටම ගොඩක් ස්තූතියි...
මට ගොඩක් සතුටුයි.... 



මගෙ සිහින මට දකින්න
ඉඩ හැරි, උදව් කළ
ඔබට
ගොඩක් පින්


2 comments:

  1. මෙතනට ආවේ දිල් නගාට ඔබ දා තිබූ කොමෙන්ටුවකින්..
    ඔබ ධෛර්‍යසම්පන්න කෙනෙක් වග පේනවා..
    නිර්මාණශීලිත්වයත් ඉහලයි...
    ඉතින් තව තවත් නිර්මාණකරණයේ යෙදෙන්න අවස්ථාව ලැබේවා...
    මගේ හෘදයංගම සුභ පැතුම් මල්ලී..

    ReplyDelete
  2. බොහොමත්ම ස්තූතියි තිස්ස අයියා..
    ඔයාගෙ කොමෙන්ටුව මට ලොකු ශක්තියක්..

    ඔයාට ගොඩක් පින්....

    ReplyDelete

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...