ඉන්න ඇත්තො

2 හැදෙන්නට පෙර වළක්වා ගත යුතු - තැලසීමියා.....

ඇයි මේ...?
හෙඩිම දැක්කම කියවන ඔයාලට හිතෙන්න පුලුවන් මේක තැලසීමියා ගැන දැනුවත් කරන තවත් එක පිටුවක් කියල. එත් ඒ වගේ දැනුවත් කිරීමේ ලිපි ලියන්න තරම් මම තැලසීමියාව ගැන හදාරපු කෙනෙක්වත්, සෞඛ්‍ය සේවය සම්භන්ධ කෙනෙක්වත් නම් නෙවෙයි. මේක කියවන ඔයාල වගේම මේ රටේ සාමාන්‍ය පුරවැසියෙක්.
මේක ඒ වගේ දැනුවත් කිරීමේ ලිපියක්නම් නෙවෙයි.
ඒත් තැලසීමියාව කියන්නෙ මොකද්ද කියන එක විතරක් පොඩ්ඩක් කියන්නම්. නැත්නම් ඒක අඩුවක් වෙයි.


තැලසීමියා.....?
බෝවන රෝගයක් නොවන, පරම්පරාවෙන් පරම්පරාවට දෙමාපියන්ගෙන් දරුවන්ට උරුම වන රෝගයකි.දෙමාපියන්ගේ රුධිරයේ ඇති අසාමාන්‍ය තත්වයක් නිසා දරුවන්ට ඇති වන මෙම රෝගය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි.
සුලු තැලසීමියාව සහ මහතැලසීමියව


වැඩි දුර විස්තර සොයා 


වළකිමු...
රෝගී වනවාට වඩා, එය වළක්ව ගන්නට හැකිනම් ....
අපි ගොඩක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නෙ ජීවිතෙ එක් වටිනාම තිරණයක් ගන්නකොට (තමන්ගෙ සහකාරය හරි සහකරිය හරි තෝරගන්නකොට) අපි කවදාවත් දැකලවත් නැති , අපිට කිලෝමීටර දස දහස් ගානක් දුරින් ඉන්න ග්‍රහයන්ගෙ පිහිට පතන්න.. කොහෙදෝ නැති පොරොන්දම් හැට හුටාමාරක් ගලපන්න.. එකෙ වරදක් නෑ.. ඒ දේවල් අපේ ඉස්සර ඉඳන් එන චාරිත්‍රනෙ. ඒත් ඒ දේවල් ගැළපුන පලියටම හැම දෙයක්ම හරියටම හරියන්නෙ නෑ කියන එක මේ වගේ රෝග එක්ක ඔප්පු වෙන්ව..දැන් කෙනෙක් කියන්න පුලුවන් එහෙම නැහැ. ඒක කරුමයක් කියල... එහෙම කියන කෙනෙක් එක්ක මම තර්ක කරන්න යන්නෙ නෑ. මොකද කරුමෙයි, ග්‍රහයොයි එක්ක තර්ක කරන එකේ තේරුමක් නැති නිසා... අනික මගෙ අරමුණ මිනිස්සුන්ගෙන් ග්‍රහයො ඈත් කරන එක නෙවෙයි... තැලසීමියවෙන් දුක් විඳවන අයට පුලුවන් විදියකින් උදව් කරන එක නිසා..
ඒ නිසා නවීන ලෝකෙ ජීවත් වෙන , මේක කියවන අයගෙන් පුන්චි දෙයක් ඉල්ලන්නම්....තමන්ගෙ සහකාරය හරි සහකරිය හරි තෝරගන්නකොට (දැනටමත් තෝරගෙනනම් එත්..)  ඔය කියන ග්‍රහචාර, පොරොන්දම් බලන ගමන්, රජයේ රෝහලකට හරි, පුද්ගලික රෝහලකට හරි ගිහින් රුධිරය පරීක්ෂා කරන එක ලොකු සත්කාරයක්..එහෙම උනොත් අවුරුද්දකට අලුතින් වාර්තා වන තැලසීමියා රෝගීන් 60 - 70 අපිට ගොඩක් අඩු කරගන්න පුලුවන් වෙයි.



අපිටත් පුලුවන්නම්....

අපේ රටේ විවිධ පළාත් වලින් තැලසීමියා රෝගීන් වාර්තා වුනත් වෑඩිම රෝගීන් පිරිසක් වාර්තා වෙන්නෙ වයඹ පළාතෙන් කියල වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ‍‍‍්‍යක්ෂ කාර්යාලයේ සටහනක තියෙනව..
ඉතින් පහුගිය දවසක කුරුණෑගල ලේ බැංකුවට ගොඩ වැදුන මට ඒකෙ හිටිය හෙදියක් එක්ක කතා කලාම අදහසක් ආව අපිටත් මොනව හරි කරන්න පුලුව්න්නම් කියල...ඇත්තටම මම එදා ගියේ රුධිරය පරිත‍්‍යාග කරන්න...


එදා හේතුවක් නැතුව ලේ දුන්නට එතන හිටිය ෛවද‍්‍ය වරියත්, හෙදියනුත් මට ස්තුති කලා.ඒ අය කීවෙ දැන් යුද්ධෙ නැති උනාට තැලසීමිය රෝගීන් කරන යුද්ධෙට ලේ දීල උදව් කරන්න පුලුවන්නම් ඒක ලොකු පිනක් කියල... අනික් අතට එයාලගෙ බෙහෙත් වලට යන වියදම් වලට පුන්චිම හරි ශක්තියක් වෙන්න පුලුවන්නම්... ඒකත් ලොකු දෙයක් කියල...
දැන් ඉතින් කෙනෙක්ට හිතෙන්න පුලුවන් ආණ්ඩුවක් ඉන්නේ ඒකටනෙ කියල....අපිත් ටැක්ස් ගෙවනවනෙ කියල..
අනේ මේක කියවන පින් ඇති, නිරෝගී ඇත්තන්ට එහෙම නොසිතේවායි කියල මම හිතින් ප්‍රාර්ථනා කරන්නෙ මම දන්නව අපේ ගොඩක් දෙනෙක් තව කෙනෙක්ගෙ දුකේදි හිත උනුවෙන්න තරම් කාරුණිකයි කියල.. ඒක අපිට අපේ ලේත් එක්ක ආව දෙයක් වෙන්න ඇති...
එකෙක් පාගල, තව එකෙක් උඩට යන්න හදන ලෝකෙක අනිත් එකාගෙ කදුලු දකිනකොට හිත් උණු වෙන අපේ අයගෙන් තමන්ට කරන්න පුලුවන් දේ කරමු කියන්නයි මේ පිටුව ලියන්න හිතුවෙ..


හැම දේටම ඉස්සර වෙන සල්ලි දෙන්න කියල මම කියන්නෙ නැ... ඒත් ජාතික තැලසීමියා මධ්‍යස්ථානය විසින් පවත්වාගෙන යන බැංකු ගිණුම් 3ක් හොයා ගන්න පුලුවන් උනා... තැලසීමියා සම්භන්ධයෙන් ලියපු බ්ලොග් පිටුවක් ඒ විස්තර හොයගන්න මට උදව් උනා..

Rehabilitation fund
Account Name : Thalassaemia PR fund
Account no : 007100004602
Bank : NDB Bank – Kurunegala branch

Prevention fund
Account Name : Thalassaemia Prevention fund
Account no : will be notified in few days time
Bank : NDB Bank – Kurunegala branch

Investigation fund
Account Name : Kurunegala Thalassaemia Association
Account no : 012-2-001-0-6905993
Bank : Peoples Bank – Hospital branch


මම දන්නවා අපි හැම කෙනෙක්ටම ජීවිතෙ එක එක අරමුණු තියෙනව.. අපි හැමෝම ඒ රේස් එක දුවන්න ඕනෙ... එහෙම නැත්නම් අපි ප‍රදිනව... අන්න ඒ හින්දයි උඩින් තියෙන  බැංකු ගිණුම් 3ක විස්තර දාන්න හිතුවෙ... සමහර වෙලාවට අපි මහන්සිය නිවාගන්න යාලුවො එකතු උනාම වියදම් කරන මුදලින් එක රුපියලක් - දෙකක්, එහෙමත් නැත්නම් පොකට් මනි විදියට අපි වියදම් කරන එකෙන් එක රුපියලක් - දෙකක් මෙවන් සත්කාරයකට ලොකු දෙයක් වෙයි..

ඊට අමතරව අපිට පුලුවන්නම් ඒ අය වෙනුවෙන් ලේ දෙන්න.... ඒක මිල කරන්න බැරි තරම් වටිනා දෙයක් වෙයි...

අපිට පුලුවන්නම් දවසක එකතුවෙලා කුරුණෑගල ලේ බැංකුවට ගිහින් ලේ පරිත්‍යාග කරන්න... ඒක ලොකු ශක්තියක් වෙයි තැලසීමියා රෝගයෙන් හෙම්බත් වෙලා ඉන්න අයට..


මේක කියවන ඔයාලටත් ගොඩක් අදහස් තියෙන්න පුලුවන් ...
ඉතින් එහෙම අදහස් ලියන්න අමතක කරන්න එපා... මොකද තවත් ඉස්සරහට මෙහෙම දේවල් තවත් ලියන්න , කරන්න පුලුවන් වෙන්නෙ ඔයාලගෙත් අදහස්, යෝජනා වලින් ලැබෙන ශක්තියෙන් තමා...


එහෙනම් අදට පුල්ස්ටොප්...

නිරෝගි සැප හැර සැපයක් ලොවේ කොහින්දා.....


මෙහි ඇති දේ ලියන්න
දැනට විශ්‍රාමික, වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ‍‍‍්‍යක්ෂ කාර්යාලයේ සිටි ජිනදාස සෙනෙවිරත්න මයා (සෙනෙවිරත්න අංකල්), www.zimbio.com වෙබ් අඩවිය, http://www.news.lk වෙබ් අඩවිය
මට ගොඩක් උදව් වුනා..

2 comments:

  1. ඇත්තටම ලේ බිදක් දන් දී මේ වටිනා ජිවිතයක් බේරා ගන්න පුලුවන්නමි ඵක ලොකු පිනක්,
    මෙවැනි ලිපියකින් අපව දනුවත් කළ ඔබට ගොඩාක් ස්තූතියි,
    මනුසත්කම නොදන්නා ම්නිසුන් සිටින ලොවක ඔබ වැනි අය දැකිමත් භෟගයකි,
    තවත් මෙවැනි සමාජ මෙහෙවරයන්ට අපද ඔබ හා අත්වැල් බැද සිට්න්නෙමු.

    ReplyDelete
  2. ජිව්තයේ ලස්සන දකින්න
    වේරදරන මේ මල් කැකුළු අකාල‍යේ
    පරව් යන්න ඉඩ නොදෙමු.............

    ReplyDelete

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...