ඉන්න ඇත්තො

6 සඳවත.....

පුංචිම පුංචි කාලේ
අඬන වෙලාවට
අම්මා උකුලට අරන් 
කියා දුන්නා කතන්දර 
ලස්සන හඳ ගැන....
තුරුලු වෙලා හිටියා 
අහගෙන ඒ කතන්දර 
කොයිතරම් 
ලස්සනද 
ඒ සඳ...
හිතුවා එදා 
ආදරය කලා 
ලස්සන සඳට 
ඒත්.....
සඳ දෙවියන්ගෙලු 
සැඟවුණු ගිරි මුදුන් 
සොයමින් ගියත් 
නොහැකිලු 
සඳ ලබන්නට.....
කොපමණ වුවත් 
කාසි පනම් අත 
නොහැකිලු 
ගෙමිදුල වෙත 
ගෙනෙන්නට 
සඳ.....


- කවිස -

මේක මම ලීවෙ 1995 අවුරුද්දෙ... ලියන්න හේතුනම් වැඩක් නෑ.. ඒත් මේක පළ කෙරුනෙ නගරයෙ ප්‍රධාන පෙලේ කාන්තා විද්‍යාලෙක විද්‍යා සඟරාවක... කිසිම විද්‍යාවක් නැති මේක,ඒ සඟරාවෙ පළ කෙරුනට එයාලට මොනව හරි අරන් දෙන්න තිබුන මට... ඒත් ඒක හිතෙන්නෙ දැන්නෙ මට..
මම හිතන්නෙ එයාල මේක පළ කරන්න ඇත්තෙ එයාලට ඒ අවුරුද්දෙ පොත් සළකුනට දාන්න පින්තූරයක් මම නොමිලේම දුන්න නිසා වෙන්න ඇති...
ඒ සහෝදරියො කවුරු හරි මේක කියවනවනම් මතක් වෙයි... 
කොච්චර ලස්සන කාලයක්ද...අවුරුදු 16කට කලින්...

6 comments:

  1. ටයි මාමා අපිට කොච්චර වටිනවද කියලා තේරෙන්නේ ලඟදි දෙබස් කවපු කාටූන්ස් බලද්දි...කොටින්ම එව්වා බලන්න දෙන්න එපා කියලා දුවගේ ලදරු පාසලේදිමයි අපිට උපදෙස් දුන්නේ...ටයි මාමාගේ දෙබස් කවපු කාටූන්ස් සහ කතන්දර දැන් නාලිකා වල විකාශය වෙන්නැත්තේ අපේ ළමයිගේ අවාසනාවට කියලයි මට හිතෙන්නේ...රොබින් හුඩ් මැරුව දවසේ අපි අඬපු හැටි මටත් තාම මතකයි..

    ReplyDelete
  2. අවුරුදු 16ක්? අම්මෝ... :)

    ReplyDelete
  3. මොකෝ නෙල් අම්මෝ කියන්නෙ හරියට අවුරුදු 16 ගෑණු ළමයෙක් වගේ...?

    සහතික ඇත්ත සුජානි... තවමත් මතකයි රොබින්හුඩ් මැරුණම අඬපු හැටි...
    ළඟදි දෙබස් කවපු කාටුන් බලන්න පුලුවන්ද ඇත්තටම පිරියක් ඇතුව..? ඒවා විකාරනෙ..

    ReplyDelete
  4. I was trying to figure out if amma had time those days to tell us stories...for me amma had told only one story . Story about the man who cut the tree to park vehicle.....

    ReplyDelete
  5. mama ada oyage blog ekata awa palaweni watawa. e munu pothe sithwiniwida palamu upandinaya kiya tiyenawa dakkama. Samawenna mama ingirisi akuruwalin sinhalen comment kalata... oyage me nisadasa dakkama mata liyannama hithuna. oyata wagema apatath amataka nowena nisadasak awurudu 50k giyath. meka ape sangarawata danna api kapu katta sahodaraya dannawanam aniwa monawa hari aran denawa. aththatama kisima widyawak nathi meka ape sangarawe palaka karanna ape sangamaya bara guruthumiya keeyatawath kamathi ne na. Eth ape poth salakunata oya photo 1k dunna nisa meka pala nokaloth oyata duka hithewi kiyala api baya wuna. sahodarayata mataka nam meka wenas karala denna kiyala api oyata aphu dunna. eth awuru 16 ka mage matakaya niwaridi nam oya nisadase pada 2k eha meha karala ayeth dunna. Ithin devani wathaweth guruthumiye meka aiyin kala. dan ithin mokada karanne ?????????????
    ape yaluwata duka hithunoth ?????? Sangamaye loku putuwala hitapu dennek theeranaya kala. guruthumiyata horen mudranayata bara dena welawe me nisadasa ringawanna. ithin ehemai meka api pala kale... awurudu 16 kata kalin monatharam sundara kalayakda ????? Ayeth e pasal wiyata igillenna puluwan nam ...................................
    aththatama apita monawa hari aran dunnanam hodai kiyala hithenawa neda ?????

    ReplyDelete
  6. @ඇනොන්ය්මොඋස්
    අද උදෙන්ම නැගිටල බ්ලොග් එක බලද්දි මම මේ කොමෙන්ටුව දැක්කෙ... මම දන්නව මේක ලීවෙ අපේ සහෝදරියක් කියල...ඒ කාන්තා විද්‍යාලයේ හිටිය... අනේ කොච්චර දෙයක්ද සින්ග්ලිශ් වලින් හරි ලීව එක... මට හරි සතුටුයි මේක දැක්කම.. ඉතින් නමින්ම ලීවනම් කොච්චර සතුටුද..?
    එහෙනම් මොනව හරි අරන් දෙන්නත් තිබුණනෙ..
    කොහොම වෙතත්.. මම දැනන් හිටිය ඒ කතාව.. ඒකනෙ මම බ්ලොග් එකෙදිත් ඒක ලීවෙ.
    කොහොම හරි කමක් නෑ.. මගේ සිත් විනිවිදට ගොඩ උනාට ස්තුතියි.. ආයෙත් ඇවිත් යන්න එන්න.. පුලුවන්නම් මට මේල් එකක් හරි දාන්න..අවුරුදු 16කට පස්සෙනෙ..
    අපිට ඒ කාලෙට අයෙම යන්න පුලුවන්නම් කොච්චර ශෝක්ද...?

    ReplyDelete

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...