ඉන්න ඇත්තො

7 සිරිපාලගෙ මුරුංග..

මම පොඩි කාලෙ අහපු කතාවක් ලියන්න හිතුන.... කතාව සරල උනාට අර්ථය ගොඩක් හොඳයි කියල හිතුන..

කතා නායකයට අපි සිරිපාල කියමුකො..

සිරිපාලගෙ ගෙදර ඉස්සරහ කඩුල්ල අයිනෙ මුරුංග ගහක් තිබුණ.  කඩුල්ල කීවම දන්නවනෙ ඉතින් අර හරහට උණ ලී දාල වහන කඩුල්ල. හරියටම කඩුල්ල මායිම මුරුංග ගහ... ගෙදර බයිසිකලයක් විතරක් තිබුන හින්ද, පොඩි කඩුල්ලක් තිබුනෙ...
දවසක් සිරිපාල පිල උඩ වාඩි වෙලා ඉන්න ගමන් කල්පනාවක් ආව. (දන්නවනෙ ඉතින් අපේ හිත කියන එක හිතන්න ගත්තම මේ ලෝකෙ නැති දේවල් හිතනවනෙ... ඒ වෙලාවට සීමා මායිම් නෑනෙ.)

හිත ගැන වෙන දවසක කියන්නම්කො... දැන් ඉතින් සිරිපාලගෙ කතාව කියන්නම්..

මුරුංග ගහ කීවට තාම ඉතින් පොඩි ගහ. ඵල දරන්න මල් පිපිලත් නෑ. සිරිපාලට කල්පනා උනා මුරුංග ගහ ඵල දරන්න ගත්තම මුරුංග ටිකක් කඩාගෙන බයිසිකලෙන් හංදියෙ කඩේට මුරුංග ටිකක් විකුණන්න පුලුවන් නේද කියල.
"අප්පට සිරි පළවෙනි මුරුංග මුරේ හැදුන ගමන් කඩල හංදියෙ කඩේට ගිහින් දාන්න ඕනෙ. ඒකෙන් තරමක ආදායමක් ගන්න ඇහැකි." සිරිපාල හිතුව.
"හ්හ්හ්ම්... නියමයි... ඒ හම්බෙන සල්ලි ඉතුරු කරන්න ඕනෙ. දියුණු වෙන්නනම් ඉතින් එහෙම ඉතුරු කරන්න එපායැ." සිරිපාල හිතුව.
"ඒ ගමන්ම තව මුරුංග ගස් ටිකක් හදන්න ඕනෙ... එතකොට වැඩි අස්වැන්නක් ගන්න පුලුවන්... එතකොට වැඩි වැඩියෙන් සල්ලි හොයන්න පුලුවන්. වැඩි වැඩියෙන් ඉතුරු කරන්නත් පුලුවන්... ඉක්මනට දියුණු වෙන්නත් පුලුවන්." සිරිපාලට හිනාවකුත් ගියා.
ඒ ගමන සිලරිපාලට කල්පනා උනා, මුරුංග වෙළඳාම දියුණු හින්ද පොඩි ලොරියක් ගන්න. එතකොට පුලුවන්නෙ මුරුංග අරන් පොළට වෙළඳාමෙ යන්නත්. එහෙම උනාම වෙන ගම් වල පොළවල් වලටත් මුරුංග අරන් යන්න පුලුවන්..
එතකොට ඉතින් ගෙපැල ටිකක් ලොකුවට හදල, පිළිවෙලකට මුරුංග මුදලාලි විදියට ඉන්න පුලුවන්. 
සිරිපාලට හරි ආඩම්බරකාර හිනාවකුත් ගියා.
සිරිපාල පිලෙන් නැගිටල මිදුලට බැස්ස.. ගේත් හදල, ලොරිය වත්ත ඇතුලෙ නවත්තන්නෙ කොතනද කියල බලන්න.... මොක්ද ඉතින් මුදලාලිගෙ ලොරිය පාරෙ තියන්නත් බෑනෙ.
"අප්පට සිරි... කොහොමද ඉතින් ලොරිය වත්තට ගන්නෙ..?" සිරිපාල ඔලුවත් කහ කහ කල්පනා කරන්න උනා..
කඩුල්ල පොඩිනෙ... ලොකු ගේට්ටුවක් දාන්න ඕනෙ... 
"මේ පොඩි කඩුල්ලෙන් කොහොමද ලොරිය ගන්නෙ.."


එහෙනම් ඉතින් මේ ගස් ටික කපල කඩුල්ල ලොකු කරන්න ඕනෙ කියල හිතපු සිරිපාල, කුස්සියට ගිහින් මන්නෙ අරන් මුරුංග ගහ කපල පටන් ගත්ත කඩුල්ල ලොකු කරන්න...
"අපොයි දෙවියනේ...!"
මුරුංග ගහ බිමට පාත් උනාට පස්සෙනෙ සිරිපාල පියවි සිහියට ආවෙ..

7 comments:

  1. ගොඩක් කාලෙකින් මේ කතාව ඇහුවේ..

    ReplyDelete
  2. මට මතකයි ඕක අපේ පහේ පන්තියේ සිංහල පොතේ තිබ්බා. හැබැයි ඒකෙනම් ගෙනාවේ කරත්තයක්. ලොරියක් නෙමෙයි.

    ReplyDelete
  3. කිසිම දෙයක් ගැන ඔනවට වඩා බලාපොරොත්තු තියා ගන්න හොද නැහැ...

    මොකද හින බිදෙන්න යන්නේ සුලු මොහොතයි..

    ලොකු හින නැතිව ..ලැබෙන දෙයින් සතුටු වෙනවනම්...

    ලස්සන කතාවක්...

    ReplyDelete
  4. සිරිපාල කරපු මෝඩ වැඩක්..

    වැදගත් පාඩමක් දෙන කතාවක් සහෝ.. ජය පතමි !

    ReplyDelete
  5. හික් හික් අහලා තියෙන කථාවක්...අදටත් හෙටටත් ගැලපෙනවා......

    ReplyDelete
  6. කාලෙකින් ඇහුවත් කතාව අදටත් ගැලපෙනව නේද ජනරංග..?
    බිම්සර, මේක අලුත් කතාව :)
    හීන නැතුවත් අපිට දේවල් ලබා ගන්න අමාරුයි "සිතුවිලී"
    ස්තුතියි සෑම්..

    ReplyDelete
  7. අහසේ මාළිගා හැදුවා වගේ කියලා උපමාවකුත් මේකෙන් තියෙනවා නේද ?

    ReplyDelete

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...