ඉන්න ඇත්තො

6 මං ආසා ගී - අවසාන මොහොත මාගේ

අවසාන මොහොත මාගේ
පෝරකය දෑස මානේ
පෙනේවී රූපේ ඔබගේ  මැවි මැවී මාගෙ අම්මේ
දැනෙයි ඔබෙ සුවඳ අම්මේ..

පොඩි කාලෙ වීදි අතරේ සෙව්වා කිරි සුවඳ අම්මේ
ඒ සුවඳ දැනීලා පාරේ මඩ වතුර බීවා
ගලන ලේ කිරි වුනේ නොමැතිදෝ ඔබෙ ළයේ
මා ඔබෙ පුතු නොවේද අම්මේ
ඔබෙ පුතු නොවේද අම්මේ...

මේ කෲර ලෝක තලයේ නොමිනුසුන් සමඟින්
ඇසුරේ ගෙවු නිසයි මාගේ ජීවේ
මේ ලෙසින් අඳුරේ 
මදුවිතින් මත් වෙලා
කෙලෙසුවා මිනිමරා
ගැලවිලා එන්න බෑනෙ අම්මේ
අඳුරු වීලා මාගේ ලෝකේ....

බාචි සුසාන් කියන ගායකය ගායනා කරන මේ ගීතය මම අහම්බෙන් ඇහුවෙ අද...සමහරවිට ඔයාල හිනා වෙයි... මේක පරණ සින්දුවක් කියල... ඒත් ඇත්තටම මම අදයි ඇහුවෙ. ඒ ගමන "යූ ටියුබ්" එකට පින් සිද්ද වෙන්න මේක හොයාගෙන ආයෙ ඇහුව..ගී පද ලීවෙ කව්ද කියලනම් දන්නෙ නෑ මම... කොහොම උනත් ඇත්තටම හරි ලස්සනයි... මෙහෙම චරිත අපිට අනන්තවත් හම්බෙනව උදේ හවස....

http://www.youtube.com/watch?v=hPWeku_4okc&feature=related


6 comments:

  1. ඔව් ඇත්තෙන්ම සංවේදී සින්දුවක්

    ReplyDelete
  2. ලස්සන සිංදුවක්. මට මතක විදිහට මේක තනුව නම් අරන් තියෙන්නේ හින්දි සින්දුවකින්.

    ReplyDelete
  3. මෙන්න ඒ හින්දි සින්දුව. ඒකත් ලස්සනයි. අහල බලන්නකෝ....
    http://www.youtube.com/watch?v=KQEBn8opN5U

    ReplyDelete
  4. ඇත්තමයි මල්ලි..
    ඒ තනුවමයි...

    ReplyDelete
  5. ඔය සින්දුව කොච්චර සංවේදීද කිව්වොත් අපේ ගෙදර මම ඉන්නකොට ඕක අහන්න තහනම් කරලා තියෙන්නේ

    ReplyDelete
  6. @Ranul : සින්දුවකටත් සංවේදී මිනිස්සු ඉන්න එක ගැන සතුටුයි.
    @ගොඩයා : ඇත්ත
    @Dush : හ්ම්ම්.... ඒක ඇහෙද්දි ඇත්තටම දුකයි...

    ReplyDelete

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...