ඉන්න ඇත්තො

2 රත්නායක ස‍ර්ගෙ ශිෂ්‍යත්ව පන්තිය 2 - අසිත්ට උත්තර

"රත්නායක ස‍ර්ගෙ ශිෂ්‍යත්ව පන්තිය" ලියනකොට ඇත්තටම මම හිතුවෙ නෑ මගේ යටි හිතේ තිබුණ දේවල් සාර්ථක වෙයි කියල. ( යටි හිතේ වැරදි දෙයක් තිබුනෙ නෑ. මගෙ පුංචි කාලෙ යාලුවො ආයෙම හම්බෙන්න අවස්ථාවක් ලැබෙයිද කියන දෙගිඩියාව හිතේ තිබුන.) 
කොහොමින් හරි මාස ගානක් හිතේ තිබුණ අදහස නිසයි ඒ ලිපිය ලීවෙ. ඊට කලින් මම හිතුව පත්ත‍රේ ඇඩ් එකක් දානව කියල ඒ අවුරුද්දෙ පොළොන්නරුවෙ රජකීය කණිෂ්ඨෙන් ශිෂ්‍යත්වෙ කළ යාලුවො ඉන්නවනම් ලියන්න කියල. ඒ තරමට මට ආසාවක් තිබුණ පරණ යාලුවො ආපහු හම්බෙන්න...
ඉතින් එහෙමයි ඒක ලීවෙ.
ඇත්තම කියනවනම් මගෙ ඇස් වලට කඳුලු ආව අසිත්ගෙ කමෙන්ට් එක දැක්කම.  අසිත්ට තාම මතකයි අපේ ඒ පරණ දේවල්.. අපේ ගෙදර වතුර බොන්න ආව ඒව, මුද්දර උල්පතෙන් (අපි එතන්ට කීවෙ මුද්දර උල්පත කියල) මුද්දර එකතු කරපුව. ඉස්කෝලෙ කැලේ රොබින්හුඩ් සෙල්ලම් කරපුව. (රොබින්හුඩ් කරන්න ගිහින් ගල් වලේ වැටිල මගෙ ඇහැක් රතු වෙලා හිටිය ගොඩක් කල්. බෙහෙතුත් ගත්ත.)
ඇත්තටම ඒ කාලෙ කල දේවල් මතක් කරන්න, කතා කරන්න දවසක් මදි.. අසිත්ට මතකද අපේ ඉස්කෝලෙ ගාව හදපු කුකුල් ෆාම් එක (සාරදාලගෙ ගෙදරට හැරෙන තැන ඒක තිබුණෙ.). ඒක හදන කාලෙ අපි ඒක බලන්න ගියා. ඒකෙ අයිය අපිට කුකුල්ලු මරණ හැටි කීව..
මට අද වගේ මතකයි අපි ගෙදර යන පාර. පාරවල් 2-3ක්ම තිබුණ. ඇලකින් බැහැල යන්න තිබුණෙ..
මට හරි ආසයි ආයෙම ඒ පාරවල් වල යන්න.. ඒත් දැන්නම් ඒව වෙනස් වෙලා ඇති.
ඒ කොයි හැටි වෙතත්, අසිත් කීව වගේ ආසාවක් මටත් තියෙනව.. අපි පොඩි කාලෙ ඉගෙන ගත්ත ඉස්කෝලෙට මොකක් හරි දෙයක් කරන්න.. කෝටිපතියො නොවුනට, පුලුවන් විදියට දෙයක් කරන්න..
මම පෝස්ට් එක ලියපු එකෙන් ලොකු හොඳක් උනා.. පුංචි කාලෙ යාලුවො ආයෙම එකතු කරගන්න පුලුවන් වෙයි කියල බලපොරොත්තුවක් ඇති උනා.
නයන කතා කලා... මට බැන්න අපි ෆොටෝ ගත්තෙ එයා නැති දවසෙමයි කියල.. අනේ ඕන් අපි නෑ.. ඒව කලේ රත්නායක සර්.. කොහොම උනත් කෙනෙත්ට ආයෙ කතා කරන්න පුලුවන් උනාට නයනට පින්.

අපිට බැරි වෙන එකක් නෑ කට්ටිය එකතු කර ගන්න.. දොස්තර හොඳ හිත මාමගෙ "ලා තණකොල පෙත්තාස්" ගෲප් එකේ සින්දුවකුත් තියෙන්නෙ.. ඉතින් අපි පොඩි උත්සාහයක් දරල බලමු. මම හිතන්නෙ වරදින එකක් නෑ. ලංකාව කියන්නෙ පුංචි රටක්නෙ.
අර සුද්දත් කියල තියෙනවනෙ ට්‍රයි කරන්න කියල.. ඉගිලෙන්න ඕනෙ නෑ.. පුංචි කාලෙ යාලුවො ටික සෙට් වෙන්න බලමු.

2 comments:

  1. මචන්.. කලින් ලිපිය මඟ ඇරිලනේ... ඒකත් අද තමයි කියෙව්වේ.. අපි ඉතින් එකම ඉස්කෝලෙට ගිය නිසා උන් ටික තාමත් ඉන්නවනේ.... ඒ ගොඩේ දැන් උඹලත් ඉන්නවනේ... පැක්කා සිරා වැඩක්.. ඉස්කෝලෙට යමක් කරනවා කියන්නේ අම්මා තාත්තට යමක් කලා හා සමානයි කියලා මට හිතෙන්නේ....

    ReplyDelete
  2. පරණ යාළුවො ආයිත් සෙට් වෙන්න තියනවනම් කොච්චර එකක්ද?

    ReplyDelete

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...