ඉන්න ඇත්තො

1 මං ආසා ගී - පැහැසර ඔබෙ ආදරේ

මන්දාරම් වැහිපොද හිරිකඩ 
මගෙ සියොලඟ රන්දාලා
උන් අප ආ ගිය මග වගතොට 
මතක අගුළු හැර දාලා
වාවන්නට බැරි තැන දුක්කඳ 
දෙනෙත් පියන් කවුළු කඩා
දෝරෙ ගලා ගිය උණු කඳුලැලි 
වියළි දෙතොල් මත වැටුනා...
 
පැහැසර ඔබෙ ආදරේ
මන්දාරම් අඳුරේ වෙලී
සැඟවී ගිය ඔබෙ සෙනෙහේ
හද රිද්දනවා රහසේ...

මැලවුණු මගෙ දෙතොලෙහි රැඳි තතු 
සැමගෙන් සඟවා ඉන්න...
ඔබ නොමැතිව සිනහ නගනයුරු 
මට කියා දී යන්න...
උමතුව හද විලාප දෙන 
හඬ අහගෙන ඉන්න...
බිඳකට ඇවිදින් මගෙ ළය 
මත ඔය සවන තියන්න...

පැහැසර ඔබෙ ආදරේ
මන්දාරම් අඳුරේ වෙලී
සැඟවී ගිය ඔබෙ සෙනෙහේ
හද රිද්දනවා රහසේ...

Centigradz කණ්ඩායම ගයන මේ ගීය "ආසයි මම පියාඹන්න" විත්‍රපටයටම කළ එකක්ද, එහෙම නැත්නම් පස්සෙ ඒකට ගත්තද කියන්න දන්නෙ නෑ. කොහොම උනත් ලස්සනයි. මම ඒ ගෲප් එකට ආස උනෙත් මේ ගීය නිසා. ලියල තියෙන්නෙ කව්ද කියලනම් දන්නෙ නෑ.  අහලම බලන්නකො.. කැමතිනම් මොනව හරි ලියල යන්න..

අහල බලන්නකො



1 comment:

  1. මේක ලිව්වේ ප්‍රවීණ ගාය‍කයෙක් වන රවීන්ද්‍ර මීගමආරච්චි. ආසයි මං පියාඹන්න චිත්‍රපටියටම කල එකක් තමයි.

    ReplyDelete

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...