ඉන්න ඇත්තො

3 බොන්න....ඒත්... ටිකක් හිතල...

රෝහල ඇඳ උඩට වෙලා තනියම ඉන්නකොට කොච්චරනම් දේවල් හිතන්න පුලුවන්ද...? හෙද ඇන්ටිලගෙ කරච්චලේ නැත්නම් කොච්චර දේවල් ලියන්න පුලුවන්ද..?
හරි, ඒ ඔක්කොම තියෙද්දි ආයෙමත් ආව ඊයක් ගැන ලියන්න හිතුන. සමහරවිට මේක ඔයාල අහල ඇති. බොරුවට ගොතල කියන කතාවක් කියල හිතන්නත් පුලුවන්. ඒත්..... මෙහෙම කතා ඇත්තටම නොවෙනව කියල කියන්නත් බෑ කාටවත්..
මම මේක ලියල කාටවත් තමන් කරන දෙයක් නවත්තන්න කියන්නෑ ... මම ඉල්ලන එකම දේ හිතල බලන්න කියන එක විතරයි..
මම කතාව කියපු විදියටම ලියන්නම්...  


අරමුණක් නැතුව සාප්පු සංකීර්ණයෙ ඇවිදගෙන යන අතරෙ, එක සාප්පුවක මුදල් අයකැමි ගාව ඉන්න අවුරුදු 5-6 ක විතර පොඩි පිරිමි ළමයෙක්ට මුදල් අයකෑමි මෙහෙම කියනව ඇහුන.

"සමාවෙන්න බබෝ, ඔයා ළඟ තියෙන සල්ලි මදි මේ බෝනික්ක ගන්න." (අනිවර්යෙන්ම මේ අපේ රටේනම් වෙන්න බෑ.)

ඒ එක්කම මගෙ පැත්තට හැරුන පොඩි දරුව,
"අංකල්, බලන්න මේ සල්ලි මදිලු මට අර බෝනික්ක ගන්න." සල්ලි ඔක්කොම මගෙ අතේ තියන ගමන් පොඩි එකා කීව.

"ඔව්නෙ බබෝ, ඒ අංකල් කියන්නෙ ඇත්ත. ඔයා ගාව තියෙන සල්ලි මදි ඒ බෝනික්ක ගන්න.."
පොඩි එකාගෙ මූණ මැලවිලා ගියා. මම ඇහුව, මේ බෝනික්ක අරන් දෙන්න බලාපොරොත්තු වෙන්නෙ කාටද කියල.

"මගෙ නංගි මේ බෝනික්කට හරි ආසයි. මේක අරන් දෙන්න කියල හැමදාම අම්මට කරදර කර. මට ඕනෙ මගෙ නංගිගෙ උපන්දිනේට මේ බෝනික්ක අරන් දෙන්න."
"බෝනික්කව අම්මට අරන් දෙන්න ඕනෙ. එතකොට අම්ම එහාට ගියාම නංගිට දෙන්න පුලුවන්"  එහෙම කියද්දි පොඩි එකාගෙ මූණ මැලවුනා.
"මගෙ නංගි දිව්‍යලෝකෙ ගිහින් ඉන්නෙ.. තාත්ත කීව අම්මත් එහෙ යන්න ඉන්නෙ කියල. මම බෝනික්ක අරන් අම්මට අරන් දුන්නම අම්ම ඒක නංගිට ගිහින් දේවි."

මගෙ හිත මොහොතකට නැවතුනා වගේ දැනුන. (කතාව කියන කෙනාට එහෙම හිතුනට මටනම් ඇස් වලට අඳුලු ආව.)

"මම තාත්තට කීව අම්මට දැන්ම දිව්‍යලෝකෙ යන්න එපා කියන්න කියල.. මම බෝනික්ක අරන් එනකල් අම්ම බලාගෙන ඉඳීවි"

මෙහෙම කියල පොඩි එකා සාක්කුවෙන් පින්තූරයක් එලියට අරන් මට පෙන්නුව. ඒ එයාගෙම පින්තූරයක්.
"මම මේකත් අම්මට දෙනව නංගිට ගිහින් දෙන්න කියල. එතකොට නංගිට මාව කවදාවත්ම අමතක වෙන එකක් නෑ.මම අම්මට ගොඩක් ආදරෙයි. මම කැමති නෑ අම්ම මාව දාල කොහෙවත් යනවට. ඒත් තාත්ත කියනව අම්ම ඉක්මනටම නංගි ගාවට යන්න ඕනෙ කියල." එහෙම කියල අයෙමත් බෝනික්ක දිහා හරිම දුකෙන් බලාගෙන හිටිය.

හනිකට මගෙ පසුම්බියෙන් බෝනික්ක මිලදී ගන්න ඕනෙ කරන මුදල් එලියට ගත්ත මම,
"අපි ආයෙ ගැනල බලමු බබෝ සල්ලි හරියට තියෙනවද කියල. සමහරවිට මට වරදින්න ඇති"
"හා අංකල්, මම හිතන්නෙ මගෙ ගාව තියෙන සල්ලි ඇති" එහෙම කීව පුංචි දරුව සියලුම මුදල් මා අත තැබූ අතර, ඔහුට නොදැනෙන්න මගේ මුදල්ද එකතු කොට ගණන් කල මා බෝනික්කා මිලදී ගැනීමට අමතරවත් මුදල් එහි ඇති බව කීමෙන් සතුටට පත් පුංචි දරුවා,
"මට එහෙනම් අම්මට සුදු රෝස මලකුත් ගන්න පුලුවන්. අම්ම හරි ආසයි සුදු රෝස මල් වලට" බෝනික්කා මිලදී ගත් පුංචි දරුවා, අසල වූ මල් කඩයක් වෙත ගියා.

ඒ සිද්දියෙන් පසු, මට ඒ කුඩා දරුවාගේ මතකයෙන් මිදෙන්න බෑරි උනා. නිවසට පැමිනි මා, ඊට දින දෙකට පෙර සිදු වූ රිය අනතුරක් ගැන පුවතක් දුටුවා. බීමතින් රිය පැදවූ ට්‍රක් රථ රියදුරෙක් නිසා තරුණ මවක් සහ ඇගේ දියණිය අනතුරට පත් වූ අතර දියණිය අනතුර ශිදු වූ ස්ථනයේදීම මිය ගිය අතර මව අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත අර තිබුනා. මව දැන් යන්ත්‍රයක ආධාරයෙන් ජීවත් වන බව ඒ පුවතේ සඳහන්.

ඔවුන් අර කුඩා පිරිමි දරුවාගේ මව සහ සොහොයුරිය වීමට බොහෝ ඉඩ ඇති බව මට සිතුනා.
ඊට දින දෙකකට පසුව කුඩා පිරිමි දරුවා පිළිබඳ ශෝචනිය පුවත් පුවත් පතක පලවුනා. මව මියගිය බවත් සඳහන්ව තිබුනා.

අවමගුලට සහභාගී නොවී සිටීමට මට නොහැකි උනා. සුදු රෝස මල් කළඹක් රැගෙන එහි ගිය මට දකින්නට ලැබුනේ සුදු රෝස මලක් පපුව මත තබා මිනිපෙට්ටියක තැන්පත් කර තිබූ කුඩා පිරිමි දරුවාගේ මවගේ දේහයයි. පසෙකින් එදා මිලදී ගත් බෝනික්කාද, ඔහුගේ ඡායාරූපයද විය.

-------------------------------------- X --------------------------------------

මේ කතාව කියවීමෙන් පසු, නොයෙක් දේ හිතෙන්න පුලුවන්. මා කිසි දිනෙක මෙය කියවන ඔබෙන් බොන්න එපා යැයි නොඉල්ලමි. ඒ මට ඊට අයිතියක් නැති නිසාවෙනි. ඒත් ඔබට ඊට වඩා දෙයක් කල හැකි බව මා තදින්ම විස්වාස කරමි.

ඒ කුඩා දරුවා, තමන්ගේ මවට, කුඩා සොහොයුරියට ඇති ආදරය අප්‍රමාණ බව අමුතුවෙන් කීමට අවශ්‍ය නොවේ. 
ඒත්..... කාලකණ්නි බීමත් රියදුරෙක් ඒ සියල්ල ඔහුගෙන් උදුරාගෙන හමාරය. ඒ වෙනුවෙන් ඒ කාලකණ්නියාට ගත වන්නට ඇත්තේ තත්පර කීපයක් පමණි.

3 comments:

  1. බොනවා නෙමේ නේ තරහ පිරිමහනවා නේ,,හෙහ් එත් කමක් නෑ,මොන මගුලකට බීල එළවනවද...නිකන් එළවද්දීත් බයේ බෑ..කොහෙන් පොඩි එවුන් පාරේ පනී ද දන්නේ නෑ.ඉස්සර අපේ සීයල ජීවත්වුණ කාලේ මිනිස්සු පාරවල් වල වාහනේ එලෙව්වේ හරිම පරිස්සමින්,එකට දැන් කොල්ලෝ වාහනේ ගත්තහම හිතන්නේ රජ වෙලා කියල.අනේ මන්ද බන් එන්න එන්න මනුස්සකම නැති වෙලා යනවා..ඔක්කොම සල්ලි වලින් තමා මනින්නේ

    ReplyDelete
  2. බීමත් රියදුරෝ නිසා දවසකට මේ වගේ ජීවිත කීයක් නැති වෙනවද....

    ReplyDelete
  3. ඒක ඇත්ත තරිඳු....

    අපි කවදාවත් නොහිතන විදියට වටිනා ජීවිත නැති වෙනව "ඔබ නොදුටු ලොවක්" කතාව සම්පූර්ණ ඇත්ත.

    ReplyDelete

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...