ඉන්න ඇත්තො

2 මං ආසා ගී - රජෙකු උනත් ගිලන් වෙලා

ගොඩක් දවසකින් මං ආසා ගීයක් ලියන්න බැරි උනා... එහෙම හිතද්දි අද උදේ ලියපු පෝස්ට් එකත් එක්කම මතකෙට ආව ගීයක්. සුනිල් එදිරිසිංහයන් ගායනා කරන මේ ගීයෙ සංගීතය රෝහණ වීරසිංහයන්ගෙන්. පද ගැළපීමනම් කාගෙද කියල දන්නෙ නෑ.
අහල බලන්න පහළින් තියෙන ලිපිනයෙන්.. (මේක අහපු නැති කෙනෙක්නම් නෑ...) මට මතක එක අවුරුද්දක පේරාදෙණිය විශ්ව විද්‍යාලෙ වෛද්‍ය ප්‍රදර්ශනේ තේමා ගීතය උනෙත් මේකයි... ඇත්තටම කාලෙට ගැළපෙන ගීයක් කියල මට හිතෙනව.

රජෙකු උනත්  ගිලන් වෙලා 
එක් තැන් උන දා...
කියනවාට සැකයක් නෑ 
සැකයක් නෑ 
නිරෝගි සැප හැර සැපයක් ලොවේ කොයින්දා ...

ඉසුරු සමඟ හාද වෙලා 
නොසතුට ආ දා ...
දැනෙනවාට සැකයක් නෑ 
සැකයක් නෑ
සතුට තරම් වෙන ධනයක් ලොවේ කොයින්දා...

බැරි උන දා නෑදෑයන් 
අත හැරගිය දා... 
හිතෙනවාට සැකයක් නෑ 
සැකයක් නෑ
විශ්වාසය හැර  නෑයෙක් ලොවේ කොයින්දා...
 ~~~~~~~~~~~~~~~~~~~~~~
ගීයට පාර... 

2 comments:

  1. ජීවිතයේ යථාර්තය ගැන කියවෙන සින්දුවක්.මේ සින්දු එදා පැ‍රැන්නොත් රසවින්දා.අද අපි අහනවා.අනාගතයෙදිත් අනිවාර්යයි.
    මේ වගේ සින්දු සර්වකාලීනයි.අවාසනාවට අදකාලේ මේ වගේ ලස්සන සින්දු අහන්න ලැබෙනවා අඩුයි

    ReplyDelete
  2. පැහැදිලිවම ඉතාමත් යථාර්ථවාදී හා ප්‍රායෝගික ගීතයක්. කියවෙන්නේ කටුක හා පොදු යථාර්ථය වීමම ගීතයේ රසයට විශාල හයියක්. මේ ගීතය වගේම නන්දා මාලනී මහත්මියගේ “පූජාසනයේ ඔබ හිඳුවා“ ගීතයත් මේ ආරම ගත් ප්‍රායෝගික යථාර්ථය පෙන්වන ගීතයක්.

    ReplyDelete

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...