ඉන්න ඇත්තො

6 A to Z සිංහල

හැමදාමත් මම ලියන්නෙ මොලේ උඩු යටිකුරු කරගත්ත කතානෙ.. මේ දවස් වල කොහොමත් මගේ ඔලුව උඩු යටිකුරු වෙලා ඉන්නෙ.. ඒ අතරෙ මට ආව මරු ඊයක්.. කෑ දේ ගඳයි, දුන් දේ සුවඳයි කියල කතාවක් තියෙනවනෙ. ඒ නිස මට හිතුන මේක ඔයාල එක්ක බෙදා ගන්න... සමහරු මේක කියවල ඇති. නැති අය කියවන්න... හිතෙන දෙයක් ලියල යන්න...



A මිනිහ අදත් Bලා. Cමන් අයිය ඔහොමම තමයි. ඩෝසරේට Dසල් ගහනව වගේ තමයි බොන්න ගියාම.Eයෙත් බීලම තමයි ආවෙ. එයාගෙ අයියනම් ඉතින් හොඳ සල්ලිකාරය. Fගනිස්තානෙට ගල් කටස් විකුණනව.මේකා Gවිතේ නිකන් කාළකන්නි කර ගන්නව. Hච්චර හොඳ පරම්පරාවක මිනිහෙක්නේ. Iයියෝ කියල වැඩක් නෑ. Jන් අක්කටත් එපා වෙලා බැරිම තැන තමයි දමල යන්න ගියේ. Kළමක් කියනව කියල හිතන්න එපා Lලෙන්න වැල් නැතිව ඉන්නකොට දුක හිතිල තමා Mමා නෝන සීන් එකට Nටර් උනේ. කෝ Oවා මිනිහට ගානක්වත් නෑනෙ. Pටරය රෑට රෑට ගෙට රිංගනව කියල කව්දෝ Qව්වම "උගේ Rතිකේ ශක්තිමත්. මට ඊයෙත් බාගයක් අරන් දුන්න." කියල කීවලු. දැන් S පෙනීමත් ටිකක් අඩුයි. හන්දියෙ කඩේ Tමේකර් ජොබ් එක කරන කාලෙ Uත් ක්ල්බ් එකේ කොල්ලන්ට හොරෙන් Vවා හදල දීලත් මාට්ටු උනා.එක දවසක් නිවාඩු අරගෙන දවස් 2ක් නෑවිත් ලීව් ඩබල් කරන නිසාඒ දවස් වල මිනිහට කීවෙ Wසීමන් කියලලු. දොස්තර මහත්තය Xරේ එකක් අරගෙන කීවලු මෙහෙම කේස් එකක් Yද්‍ය ඉතිහාසෙත් වෙලා නෑ කියල. කරුමක්කරය..!! ඔය යන්නෙ පාර පුරා Zග් සැග් එකේ..

6 comments:

  1. නියමයි,ඒත් E අකුර දාලා නෑ නේද? Eයෙත්

    ReplyDelete
  2. පින් ලැබෙන්න ඕනෙ අඩුව කීවට.. ඔන්න ඒක හැදුව.

    ReplyDelete
  3. සුපිරි ඈ.........එළම එළ...ඔය වගේ අදහස් තව එකතු කරන්න...

    ReplyDelete
  4. මේක හැදුව මනුස්සයා නම් හරි ක්‍රියේටිව් මනුස්සයෙක් වෙන්න ඕනේ. උපරිමයි :D

    ReplyDelete
  5. දිවත් පැටලුනි පට්ට පට පට ...

    ReplyDelete

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...