ඉන්න ඇත්තො

6 [114] දයාබර ගයනි, පෝල්...


පෝල් වෝකර් කියන්නෙ සෑහෙන ප්‍රසිද්ධ චරිතයක්. ඒ නම නොදන්න පොඩි එකෙක්වත් නැති තරම්. ඒ වෙන කිසි දෙයක් නිසා නෙවෙයි, කොටස් 6කින් සමන්විත "The Fast and the Furious" නම් සිනමා කෘතිය නිසා. එහි Brian O'Conner  නම් ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ ඔහු නිසා.

ඒ නම නොදන්න ඕනෙම කෙනෙක් ඉන්නවනම්. ගූගල් සොයනයේ ඒ නම සඳහන් කරන්න. ඕනෙම කෙනෙක්ට, එයගෙ උපතෙ ඉඳන්, විපත වෙනකල් ඕනෙම විස්තරයක් හොයා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, එයාගෙ දුව, පෙම්වතිය, ගෙදර සුරතල් බල්ල ගැන, ඕනෙම් දෙයක්.
(ඒක තමා ප්‍රසිද්ධ නලුවෙක්, නිලියක්ගෙ තත්වය. සමහර වෙලාවට කිසිම පුද්ගලිකත්වයක් නැති තරමටම ඒක සිද්ධ වෙනව.)

එතකොට ගයනි විශාකා ලියනගේ කියන්නෙ කවුද? එයා ගැන කී දෙනෙක් දන්නවද?
ගූගල් සොයනයේ මේ නම සඳහන් කළොත්, අමාරුවෙන් වෙබ් පිටු 4කට යන්න අවස්ථාව හම්බෙනව. බොහොම අමාරුවෙන් ඇගේ ඡායාරූප 2ක් හොයා ගන්න පුළුවන් වුනා.
පහුගිය කාලෙ මූණු පොත පුරා පෝල් වෝකර්ට නිවන් සුව පතපු අපේ අයගෙන් කී දෙනෙක් ම්ව ගයනි වෙනුවෙන් නිවන් සුව පැතුවද? අඩුම තරමෙ ඈ ගැන ලියවුනු පුතවක අන් අය එක්ක බෙදා ගත්තද?
කණගාටුවෙන් උනත් කියන්න වෙන්නෙ නෑ කියන එක නේද?

කවුද මේ ගයනි විශාකා ලියනගේ?

පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි වෙලා හිටිය, වර්ෂ 2015 උසස්පෙළ හදාරන්න සූදානම් වෙමින් හිටිය, ඊයේ දිනයේ තමන්ගෙ 17 වෙනි උපන්දිය සමරන ඒත්... අකාරුණික රියදුරෙකුගේ වරදින් මෙලොව හැර ගිය අහිංසක චරිතයක්.

මොකද්ද මේ දෙන්නගෙ ඇති සම්භන්ධය? ඇයි මම මේ දෙන්න ගැන එකට ලියන්නෙ? ඔයාලට එහෙම හිතුන නේද? 

පෝල් වෝකර්  ගැන නම් මම හිතන්නෙ කියන්න ඕනෙ වෙන එකක් නෑ. මොකද එයා ගැන දන්නව හැම කෙනෙක්ම. නොදන්න කෙනෙක් ඉන්නවනම්, එයා අනිත් නළු-නිලියන්ට වඩා ටිකක් වෙනස්, තමන්ගෙ ආදායමෙන් 60%ක් විතරම වගේ දුගී, දුප්පතුන් වෙනුවෙන් වැය කළ, ලෝකයේ විශාලම අසරණ-සරණ සේවාවක් කළ අයෙක්. ස්වභාවික විපත් වලින් අසරණ අය වෙනුවෙන් ඔහු විශාල සේවාවක් කළ අයෙක්. මිය යන විටත් පිලිපීනයේ පහුගිය දා ඇතිවෙච්ච ව්‍යසනයක් වෙනුවෙන් අරමුදල් රැස් කරමින් ඉඳල තියෙන්නෙ.

එතකොට ගයනි විශාකා ලියනගේ...
සිද්ධ වෙච්ච බරපතල අනතුරෙන් ජීවිතයත් මරණයත් සමග පොරබදපු ගයනිගේ මොළය මියගිය බව වෛද්‍යවරු තහවුරු කිරීමත් සමග අතිශය කම්පාවට පත් ඇගේ දෙමව්පිය දෙපළ, ගයනිගේ අවයව තවත් ජීවත් වීමට වරම් ඇති අය වෙනුවෙන් දන් දීමට තීරණය කළා. ඒ අනුව අගේ අක්මාව, ඇස් වෙනත් අසාධ්‍ය රෝගීන් වෙනුවෙන් බද්ධ කිරීමේ කටයුතු සැලසුම් කලා.
ගයනි උපදින මතු ආත්මයක මෙවන් අකල් මරණ නොවන්නට පින් අත් වන්නට ඒ මහගු පින හේතුවන්න කියල ඒ දෙමව්පියන් ප්‍රාර්ථනා කලා.

එහෙම බලපුවාම පෝල් වෝකර් සහ ගයනි විශාකා යන දෙදෙනාම එක සමානය. (ඔවුන් දෙදෙනා මිය යන්නේද වෙගය නිසාමය.) වෝකර් තමන් හම්බ කළ දෙයින් තවත් ජීවිත ජීවත් කරා. ගයනි.. ඇගේ ජීවිතෙන් තවත් ජීවිත ජීවත් කරා. පෙනීම දුන්න. ඒ අතින් ඒ දෙන්නම අති විශිෂ්ඨයි. අමරණීයයි.

ඒත්....
අපිට අමතක වුනා...
අපේ රටේම ජීවත් වුන ඒ පුංචි කෙල්ල අපිට අමතක වුනා...
පෝල් වෝකර් වෙනුවෙන් ඉටිපන්දම් පත්තු කරනකොට, 
මේ ගයනි වෙනුවෙන් එක පහනක්වත් පත්තු කරන්න අපිට අමතක වුනා....
එදා මයිකල් ජැක්සන් මිය ගියාම පැය ගනන් වැඩසටහන් කළ සමහර මාධ්‍ය වලට, මේ අසරණ කෙල්ල අමතක වුනා...

දයාබර ගයනි, පෝල්...

ඔබ දෙදෙනාම කලා වූ මේ මහා කුසලකර්ම බලයෙන්, මතු උපදින ආත්මයක මෙවන් අකල් මරණ උරුම නොවේවා... 
ඔබ දෙපලටම නිවන් සුව.



6 comments:

  1. පෝල් වෝකර් කියන්නේ මෑත කාලීනව මම දැක්ක හොඳම හොලිවුඩ් නළුවෙක්...ඒ වගේම ගයනි ගේ සිද්ධියත් සමාජයට හිතන්න ගොඩක් දේවල් ඉතුරු කලා...

    ReplyDelete
  2. මේ ගයනිලා, පෝල්ලා වගේ තව ගොඩක් අය මේ ලෝකේ ඉන්නවා ඒත් එයාලව මතක් වෙනවද එයාලා වෙනුවෙන් ඉදිපන්දම් පත්තු වෙනවද කියලා තීරණය කරන්නේ Media විසින්.

    ReplyDelete
  3. හොද මිනිස්සු ඉක්මනින්ම ජීවිතෙන් සමුගන්නවා.. ඒක දැන් හුඟක් තැන් වෙල ඔප්පු වෙලා තියෙන දෙයක්..

    ReplyDelete

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...