ඉන්න ඇත්තො

6 නික්ම යාම.......

ඔරලෝසුව දිහා බලා ඉන්න හින්දමද මන්ද කවදාවත් නැතුව තප්පර කට්ට එකම තැන කියලයි හිතුනෙ. බලන බලන හැම වෙලවකම ඒක 12න් එහා යන්නෙ නෑ.. එහෙම වෙන්නෙ ඇයි කියල හිතන්නවත් උවමනාවක් තිබුණෙ නෑ මොකද ගෙදර දුවන්න බලාගෙන හිටිය හින්ද.. ඒත් වෙන්න යන දේ හීනෙකින් හරි දැනුනනම්, තප්පර කට්ට සදහටම නැවතුනත් තරහ නොවී ඉන්න තිබුණ.


"ඇති යන්තන් ඉවර උනා..." එළියට බහින ගමන්ම හෙමින් මිමිණුවෙ ගෙදර යන්න බස් එක කොහෙද කියල බලන ගමන්මයි.


ඒත් ඊළඟ බස් එක යන්න තව විනාඩි 25 - 30 තියෙන නිසා වරුණි පාරට බැස්ස.. " ඔන්න ඔහෙ පයින් යනව.. පොඩි දුරයිනෙ... මොන තනියක්ද.... කරුවලත් නෑනෙ..."
වරුණිගෙ හිතේ හයියක් තිබුන කොහේ ගියත් හැම වෙලාවකම එයාගෙ හිතේ හයියට, තනියට කෙනෙක් එයා ළඟින්ම ඉන්නව කියල දන්න නිසා.... ඒක එයාට තදින්ම දැනෙන දෙයක්... විශ්වාස ක‍රන දෙයක්. කොච්චර දුරකින් හිටිය උනත්, ඕනෙම දුකක් දැනුනම, කරදරයක උනාම ඒ හැම දේකටම සුපුන් වරුණිගෙ ළඟින්ම හිටිය... ඒ නිසා මොනම දේකටවත්, කොහෙවත් යන්න එයාට තනියක් දනුනෙ නෑ...කොහේ හරි යන්න ඕනෙ උනාම, එයා යන තැන තියෙන්නෙ කොහෙද, යන විදිය හැම එකක්ම හොයල කියනව... ඒ විතරක් නෙවේ යන්නෙ තනියමනම් තනියටත් එනව ගමන ගිහින් එනකල්... හැබැයි ඉතින් ෆෝන් එකෙන්... ඒත් කවදවත්ම වරුණිට වෙනසක්නම් දැනිල නෑ..


කොහොමින් කොහොමින් හරි ඔන්න ගෙදරට ආව..
වෙලාව බලන ගමන්ම කම්පුටර් එක ඔන් කරල වරුණි වතුර එකක් බොන්න ගියෙ රෑට මොකුත් කන්න හදන්න ගියොත් තවත් පරක්කු වෙන නිසයි... කවදාවත් පරක්කු වෙනවනම් සුපුන්ට නොකිය ඉන්නෙ නෑ.. එහෙම පරක්කු උනාම එයා බය වෙනව කියල වරුණි දැනගෙන හිටිය...


"පරිස්සමෙන් ඉන්න", "පරිස්සමෙන් ගිහින් එන්න", "බුදු සරණයි, දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි."


ඒ හැමදාම සුපුන්ගෙ කටේ තිබුන වචන.. ඒව වරුණිට හරි පුරුදුයි... ඒ හින්දම කවදවත් වරුණි ඒ වචන අහන්නෙ නැතුව කොහෙවත් ගියෙ නෑ..ඒ තරම්ම ඒ දේවල් වලට එයා අදරේ කලා.
හැමදාම උදේට, හවසට ඒ දේවල් කියල මේල් එකක් දාන්නත් සුපුන් කවදවත් අමතක කරන්නෙ නෑ... මොන දේ තිබුනත්, ඒක කරනව.. මොකද සුපුනුත් දැනගෙන හිටිය වරුණි මොන වැඩ තිබුනත් ඒක කියවනව කියල... අනිත් එක සුපුන් හැමදාම කියපු දෙයක් තමයි බැරි වෙලාවත් අයෙ එන්න බැරි වෙන ගමනක් ගියොත් ඒ විශ් එක හැමදාටම ඉතුරු වේවි කියල.... ඕකට හරියටවත් දෙන්න රණ්ඩු වෙලා තියෙනව...
වතුර එක බීල එනකොටම ෆෝන් එකත් රින්ග් උනා. පන්තියෙ ඉද්දිත් දෙපාරක්ම සුපුන් නිකන් රින්ග් කරල තිබුනෙ පරක්කු නිසා කියල වරුණි දන්නව...දැනුත් රෑ වෙලා නිසා තාමත් ගෙදර ආවෙ නැත්තෙ ඇයි කියල හොඳටම බයවෙලා ඇති කියල දන්න නිසා වරුණි කෝල් එක ගත්ත...


"අම්මෝ... ඇති යන්තන්..."


එච්චරයි ඇහුනෙ අනිත් පැත්තෙන්.. ලොකූ හුස්මක් ගන්න සද්දෙ ඇහුන.. හරියට පැයක් විතර වතුර යට හුස්ම අල්ලන් හිටිය කෙනෙක් උඩට ආව වගෙ... වරුණිටත් බය හිතෙන තරමටම ඒ සද්දෙ තදයි...


"ඇයි සුපුන්...? මට මොකුත් වෙන්නෙ නෑනෙ..... බය වෙන්න එපා... ඔයා ඉන්නවනෙ...."


"හරි හරි... දැන් කමුකො ඉතින් හොඳ බබා වගේ..."


ඔය කතාවත් ඉතින් වරුණිට හරි පුරුදුයි.... ඕනෙම දේකදි අන්තිමට හිත හැදෙන්න ආදරෙන් මොකක් හරි කියල සනසනව... වරුණි ඒකට හරිම ආසයි..
සුපුන්ගෙ කටේ එහෙම වරුණිට කියන නම් කීපයක්ම තියෙනව... සමහර ඒවට වරුණි ලැජ්ජයි... ඒ එයා ඒවට ආසයි..  සුපුන් එදා ඉඳන් අද වෙනකල් එකම විදියට වරුණිට ආදරෙයි... කවදාවත් වෙනස් වෙලා නෑ මොන දේ උනත්..... ඒක වරුණි හොඳටම දන්නව..
වෙලාවකට සුපුන්ම කියනව ,
"මගෙ ආදරේ කවද හරි ඔයාට වදයක් වෙයි..." කියල...
ඇත්තටම එයා හරිම වෙනස් කෙනෙක්.... කෙනෙක්ට ලෙසියෙන් හිතා ගන්න බැරි කෙනෙක්... ඒත් වරුණි තරම් එයාව තේරුම් ගත්ත, අඳුන ගත්ත, එයාව දැනුන කෙනෙක් මේ ලෝකෙ නෑ කියල දෙන්නම දැනගෙන හිටිය...


"ඔයා කෑවද....?" වරුණි ඇහුවෙ බොරුවට.... මොකද එයා දන්නව කවදාවත් සුපුන් කන්නෙ නෑ එයා කනකල් කියල...


සුපුන් ඒකට හිනා උනා විතරයි...


දෙන්නම දන්නව ඉතින් කෑම කන එකත් සිද්ද වෙන පිළිවෙලක් තියෙනව කියල..
"මම කෑම එක අරන් එන්නම්..." වරුණි ගිය කුස්සියට....
සූපුන් ඉතින් බලගෙන ඉන්නව එය එනකල්...


"අද දවස කොහොමද...? මොනවද කලේ....." ඔතනින් තමා පටන් ගන්නෙ... ඊට පස්සෙ මුලු දවසම කල දේවල්, උදේ ගෙදරින් ගිය වෙලේ ඉඳන් ආපහු එනකල් හැමදේම කියනව... ඒ අතරෙ කෑම එක ඉවර වෙනව දන්නෙම නැතුව.....සමහර දවසකට අතයි, පිඟානයි සෝදන්නෙ හොඳටම වේලුනාට පස්සෙ.... සුපුන් කන්නෙ වරුණි කාල, අතත් සේදුවට පස්සෙ..


එදත් පුරුදු විදියටම පටන් ගත්ත....


"ඔයගෙ පපුව රිදෙන එක මොකද සුපුන්...?"


සුපුන්ට කොච්චර ආදරෙ උනත්, වරුණි සුපුන්ට "වස්තුව", "මගෙ දෙයියො", "පැටියො" කියල තියෙන්නෙ අතේ ඇඟිලි ගානට... ඒත් සුපුන් දන්නව ඒ ආදරෙ නැතුව නෙවේ කියල....


කලින් දවසක පපුරව ටිකක් රිදෙනව කියල කියපු එක ආයෙම මතක් කලා වරුණි... සුපුන් ඉතින් ලෙඩ ගනන් ගත්ත කෙනෙක් නෙවෙයිනෙ... වරුණි අසනීප උනොත් රෑ එළි වෙනකල් කල්පනා කරනව... බෙහෙත් හොයනව.... විස්තර හොයනව... ඒත් එයගෙ ලෙඩ එයාට ලෙඩ නෙවෙයි....


"ආ ඒක හරි" චුට්ටක් හිනා වෙලා කීව...
 ඒ එයගෙ හැටි... වරුණි ඉතින් වද කරල,වද කරල තමයි බෙහෙතක් උනත් ගන්නෙ...කොහොම හරි සුපුන්ට කත කරන අතරෙ වරුණිට තව කෝල් එකක් ආව... ඒකට කතා කරල තිබ්බ ගමන් වරුණි


"හදිස්සියක්, මම ටක් ගාල එන්නම්.." එච්චරයි කීවෙ....


කවදාවත්ම එහෙම යන්නෙ නෑ කාමරෙන් එලියටවත්.... කොහෙද යන්නෙ.... ඇයි යන්නෙ.. ඉක්මනට එන්නම් විතරක් නෙවේ "බුදු සරණයි " කියලත් තමා යන්නෙ...


සුපුන්ට හිතා ගන්න බෑ...තාමත් ෆෝන් එක ඔන්... වරුණී... වරුණී...සුපුන් කතා කලා... කතා කලා.... අනිත් පැත්තෙන් සද්දයක් නෑ....


පපුව හයියෙන් ගැහෙනව වගේ දැනුන සුපුන්ට... මුලු ලෝකෙම තමන් වටේ කැරකෙනව වගෙ දැනුන... ඔලුව සීතල වෙලා යනව වගේ දැනුන....


ටික වෙලවකින් වරුණි ආව... හදිස්සියෙ යාලුවෙක් කෝල් එකක් දීල, එයාට හදිස්සියක් කියල... ඒ කියපු විදියටයි වරුණි දුවල තියෙනෙ....ඒත් වැඩි දුරකට නෙවේ.. එහා ගෙදරට.. අනේ ආව ගමන් හති ඇර ඇර වරුණි සුපුන්ට කතා කලා... එයාගෙ ෆෝන් එක තාමත් කෝල් එකේ.... ඒත්... කිසිම සද්දයක් නෑ....
වරුණි "සුපුන්.. සුපුන්... කතා කරන්නකො.... අනේ ප්ලීස්... කතා කරන්න....මම කියන්නෙ නැතුව ගියාට තරහද... අනේ සමාවෙන්න... දැන් කතා කරන්නකො.. අනේ සුපුන්....ඔයා කොයි....?"


ඒත්.... වරුණි දැනන් හිටියෙ නෑ සුපුන් ඒ වෙනකොටත් කතා කරන්න පුලුවන් තත්වෙක නෑ කියල... ආයෙ කවදාවත්ම කතා කරන්න, උදේට ගුඩ් මෝනින්, රෑට ගුඩ් නයිට් කියන්න එන්නෙ නෑ කියල....... එයා හිතුවෙ සුපුන් විහිලුවක් කරනව කියල... ඒත් එච්චර වෙලා එහෙම විහිලුවක් කවදාවත්ම කරන්නෙ නැති නිසා එයාට වෙනසක් දැනුන... ලොකු බයක් දැනුන.. ඒත් එයාට කරන්න දෙයක් නෑ... කියන්න කෙනෙක් නෑ.... අහන්න කෙනෙක් නෑ....


මහ රෑ.... වරුණි නිදි නැතුව හිටිය පහුවදා එළියක් වැටෙනකල්... උදෙන්ම අම්මලාට කතා කලා.... අම්මල සුපුන් ඉන්න තැනට එනකොට එයා මේ ලෝකෙ අත ඇරල ගිහින් පැය ගානක්... වාර්තා වල හැටියට , එයාට "හාට් ඇටෑක්" එකක්... පළවෙනි පාරම දරුණුවට දැනිල....




වරුණිට සුපුන්ව දකින්නවත් ලෑබුනෙ නෑ... එයා එනකල් හැමදාම මග බලාගෙන හිටිය කෙනාව අවසාන වතවටවත් බලන්න එයාට බැරි උනා....


සුපුන් එයාගෙ ඇස්  දන් දෙන්න ලියල තිබුන.... ඉස්සරත් හැමදාම අවුරුද්දකට සැරයක් ලේ දන් දුන්න... ඒ අනිත් අයට පින් සිද්ද වෙන්න කියල මිසක් එයාට පින් ගන්න නෙවෙයි.. එයා කවදාවත්ම එයා ගැන හිතුවෙ නෑ... එහෙම උනානම් අදත් සුපුන් ඉන්නව වරුණිට හැබෑවටම...දැන් හැමදාමත් වරුණි පෝය දවසට හඳ බලන්න පුරුදු වෙලා... ඒ ඉස්සර සුපුන් කියපු කතාවක් නිසා... ඒ කාලෙ ඒක කියද්දි වරුණි කීවෙ බොළඳ කතාවක් කියල... ඒත්... දැන් එයා ඒක කරනව.. මොකද ඒ සුපුන් කොහෙ හිටියත් හඳ බලන්න පුරුදු වෙලා හිටිය....
හඳ.... මුහුදු වෙරළ, මුහුද... එයා ආදරේ කල දේවල්... ලොකු ලොකු දේවල් වලට ආදරේ කරේ නෑ.... ආදරේ කල ලොකුම වස්තුව වරුණි...


වරුණිට, සුපුන් දන්න, අඳුනන, ආදරේ කරන කෙනෙක්ට වඩා එයාටම දැනුන කෙනෙක්.....
අපිට මිනිස්සුන්ට ආදරෙ කරන්න පුලුවන්.... දැන අඳුන ගන්න පුලුවන්....
ඒත්... කෙනෙක්ව දැනෙන්නෙ කලාතුරකින්.... බොහොම කලාතුරකින්...
කවදාවත්ම එහෙම කෙනෙක්ව නැති කරගන්න එපා....
ඒක දුකක්.... දරා ගන්න බැරි දුකක්....























ප.ලි.
අපිට ඇත්තටම ආදරේ කරන අය අපිට අඳුන ගන්න ගොඩක් කල් යන්න පුලුවන්...
ඒත් ....
සමහර වෙලාවට එහෙම වෙනකොට....
ඒ අය අපිට නැති වෙන්නත් පුලුවන්.....

6 comments:

  1. හෙ හෙ මචන් සිරා ආදර කතාවක් නොවැ.. මෙ උපදෙසක් දුන්නොත් තරහ නොවෙයි කියල හිතෙනව.. මචන් ෆොන්ට් සයිස් එක ටිකක් වැඩි කරහන් කියවන කොට ඇස් ගෙඩි වලට අමාරුයි... :/

    ආ වර්ඩ් වරිෆිකේශනුත් ආයින් කරනවනම් කමෙන්ට් කරන අයට ලේසි වේවි...

    ReplyDelete
  2. හෙ හෙ ලොල්ය. සිර ආදර කතාවක් වගේ. තරහ වෙන්නෙ නැත්තම් උපදෙසක් දෙන්නම්... අකුරු ටිකක් ලොකු කරහන් මොකද කියවද්දි ඇස් ගෙඩි වලට අමාරුයි. තව වර්ඩ් වරිෆිකේශන් ආයින් කරහන්... එතකොට කොමෙන්ට් දාන එව්න්ට දාන්න ලේසි වෙයි... :D :D :D :D

    ReplyDelete
  3. ලස්සනයී.....

    මෙක කියවන සමහරුන්ට සමහර වීට හිතේ ව් මොන බොළද කතාවක් ද ත් කිය ලා....

    එත් ඇත්තටම ආදරය කරන අයට මෙක ගොඩාක් වට්නවා ඒ වගෙම ගොඩාක් දැනේ ව්.....

    ReplyDelete
  4. කතාව ඇත්තක්මනම්...?

    ReplyDelete
  5. උපදින කාටත් මරණය පොදු යී..
    ඒත්
    සත්‍යය ආදරය අමරනීයයී.....
    කවදා කොහෙ දී හො වරුණි, සුපුන් හමුවෙ වී
    නේද..........

    ReplyDelete
  6. "අපිට මිනිස්සුන්ට ආදරෙ කරන්න පුලුවන්.... දැන අඳුන ගන්න පුලුවන්....
    ඒත්... කෙනෙක්ව දැනෙන්නෙ කලාතුරකින්.... බොහොම කලාතුරකින්...
    කවදාවත්ම එහෙම කෙනෙක්ව නැති කරගන්න එපා....
    ඒක දුකක්.... දරා ගන්න බැරි දුකක්...."

    ReplyDelete

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...