ඉන්න ඇත්තො

3 365 න් තවත් එක දවසක්.....





පින්තූරෙ දකිනකොටම හිතාගන්න පුලුවන් වෙයි මොකද්ද කියන්න යන්නෙ කියල.
අවුරුද්දෙ දවස් 365න් තව එක දවසක් වෙන් කරල.... ඒ "ලෝක ජල දිනය" වෙනුවෙන් මාර්තු මාසෙ 22 වෙනිද..
හොඳ දෙයක්. මෙවර ප්‍රධාන උත්සවය පැවැත්වෙන්නෙ දකුණු අප්‍රිකාවෙ කේප් ටවුන් වල..
ඒකත් හොඳයි.... අවුරුද්දෙ දවස් 364ක්ම බොන්න තියෙන වතුර ටිකත් නාස්ති කරන අපිට, අඩුම ගානෙ එක දවසක් හරි වතුර වෙනුවෙන් වෙන් කරල, මොකක් හරි නාඩගමක් නටල, සල්ලි ටිකක් නාස්ති කරන්න එපායැ. නැත්නම් ඒකෙ කිසි ගතියක් නෑ.
අපි ලෝක කාන්තා දිනය මහ උජාරුවට සමරනව මාර්තු 8 වෙනිදට...හැබැයි අනිත් දවස් 364දිම, කාන්තාවන් සෙල්ලම්බඩු ගානට තමා සැලකීම.. පාරෙ බැහැල තනියම ගමනක්, බිමනක් යන්න බෑ... අපේ කාටත් උදව් කරන "ටුක් ටුක්" අයියලගෙ ඉඳල, රටේ නීතිය රකින අය පවා කරන්නේ කාන්තාවන්ටප්‍රසිද්දියෙ වචනෙන් හරි අතවර කරන එක... ඉතින් උජාරුවට අවුරුද්දෙ එකම එක දවසක් මලක් දීල, පෙළපාලියක් ගිහින් කාන්තා දිනේ සලකනව.... 
ඕක තමා ඉතින් අපේ ඔය දින සැමරුමේ අරුමේ.... ඒකයි මම කීවෙ ඉතින් එක දවසක සැමරුමකට වඩා, හැමදාමත් අපිට පුලුවන්නම් ඔය දේවල් කරන්න.... ඒකයි වටින්නෙ...
අපි කීයෙන් කී දෙනාද, පාරක තියෙන කරාමෙකින් වතුර ටිකක් අහක යනකොට ඒක වහල දාන්නෙ...? එහෙමත් නැත්නම් ජලනලයක් කැඩිල වතුර ටිකක් අහක යනකොට අදාල තැනකට ඒක දැනුම් දෙන්නෙ.. ඒ බැරි කම නෙවෙයි... අපිට වැඩක් නෑ... අපිට එන වතුර ටික නෙවෙයිනෙ... එහෙමත් නැත්නම් අපි වතුර ගන්නෙ අපේ ගෙදර ළිඳෙන්නෙ... ටැප් වතුර අපි බොන්නෙ නෑනෙ..
ඕක තමා අපිට දැනෙන එකම හැඟීම...
හරි උජාරු හැඟීමක් නේද....?
ඉස්සර රජවරු විතරයි හිතුවෙ අහසෙන් වැටෙන එක දිය බිඳක්වත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට යන්න දෙන්න හොඳ නෑ කියල...
අද අපි හිතන්නෙ, "මගෙ තිබහ නැති කරගන්න මට වතුර තිබුනොත් ඒ ඇති" කියලයි...


හැබැයි ඉතින්, ඇඳුමක් වගේ දෙයක්නම් අපි අපේ සල්ලි වලින් කඩෙන් අරන් පාවිච්චි කරනව වගේ වතුරත් කඩේ බෝතල් කරල තියෙන නිසා අරන් බොන්න පුලුවන් සල්ලි තියෙනවනම්.. 
ඒත් හිතන්න ඕනෙ එක දෙයක් තියෙනව... ඒක ටිකක් විතර බරපතලයි...

අපි, කඩෙන් බෝතල් අරන් බීවත්, ගෙදර ළිඳෙන් අරන් බීවත්, ටැප් එකේ එන වතුර බීවත්, අපේ මහ පොළවෙන් අපිට දායාද කරල තියෙන වතුර ටික තමයි අපි බොන්නෙ...
අපි මේ කරන විදියට හැමදාමත් ගියොත්, බොන්න වතුර ටිකක් නැතුව, වතුරටත් මිනී මරාගන්න කාලෙ වැඩි ඈතක නෙවෙයි..
මේ ලෝක ජල දිනේටවත්, අපිට වතුර එන විදිය කොහොම උනත්, ජල සම්පත පරිස්සම් කරන්න... ජල උල්පත් රැක ගන්න... පුංචි හරි අධිශ්ඨානයක් කරගන්න ලොකු-පොඩි, ඇති-නැති අපි හැමෝටම පුලුවන්නම්, තව චිරාත් කාලයක් අපේ මිහිකත අපිට අනුකම්පා කරාවි.. 
ඒත්..... 
ඒ අනුකම්පාව ලබන්න අපි තවමත් ලෑස්තිද....?

3 comments:

  1. ඔය අමුතුවෙන් දින වෙන්කරන්න ඕනේ ඒ දේවල් වලට ආදරය නොකරන, ගරු නොකරන, නොසලකන මිනිස්සු වෙනුවෙන්. උදාහරණයකට අම්මාට, තාත්තාට, ගුරුවරුන්ට නොසලකන, ගරු නොකරන උන්ට එහෙම අය අපේ ජිවිතවලට සම්බන්ධයි කියලා මතක් කරලා දෙන්නනම් ඔය දින වෙන්කිරිල්ල හොඳයි. හැබැයි එහෙම උන්ට ඔය දිනත් අවුරුද්ද ඇතුලේ තියන නිකම්ම නිකමම් දිනයක් විතරයි. එදාට සියළුම පුද සත්කාර කරලා ඉතුරු දින 364ම පිස්සු නටනවා. වතුරටත් ඒ ටිකම තමයි. අනිතිමේදි සංවිධායක මණ්ඩලේට ඇරෙන්න වෙන කාටවත් කිසිම සෙතක් නෑ..................

    ReplyDelete
  2. ගොඩයා කිව්ව කතාවටම එකගයි මම ..අම්මලාට තාත්තාලට ගරු කරන්න ආදරේ දෙන් නැති මිනිස්සුන්ට මතක් කරන දවසක් වෙලා ඔය දවස් දලා තියෙන්නේඑ වගේමයි ඔය දෙත්..අනිත් දවස් වල පාරක ජල කරාමයක් ඇරලා තිබ්බත් ගණන් නොගෙන යන මිනිස්සු මෙදාට විතරක් කරාම බදන් ඉන්නවා... කොහොම උනත් වැදගත් ලිපියක්...

    ReplyDelete
  3. @ ගොඩයා මල්ලි
    උඹ දන්නවනෙ මල්ලි අපේ අය්යලගෙ තරම... අඩුම ගානෙ මෙහෙම ලියලවත් ඉතින් හිත හදා ගන්නව ඇරෙන්න වෙන මක්ක කරන්නද...?

    @ නිමාශා
    සහෝදරී (අක්කද/නංගිද කියල දන්නෙ නෑ) ඔයාගෙ වචන වලට ගොඩක් ස්තුතියි... ඒවගෙන් හිත හදාගන්න එක තමයි ඉතින් කරන්න වෙන්නෙ... කවුරුත් නෑනෙ මෙහෙම දෙයක් පත්තරේක පල කරන්න....

    ReplyDelete

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...