ඉන්න ඇත්තො

4 මැරුණමවත් පිනක් කරමුද....?

ඊයෙ මට ඊමේල් එකක් ආව..

හිත ගොඩක් සසල උනා ඒකෙ තිබුන ෆොටෝ එකක් දැකල.... මේල් එක එවපු චූටිට (නාලක ප්‍රේමතිලක) ගොඩක් පින් එහෙම එකක් එවුවට... මොකද අපි සාමාන්‍යයෙන් හිතන්නෙ නැති පැත්තක් ගැන මතක් කරල දුන්නට....

අපි ජීවත් වෙලා ඉන්නකල් කොච්චරනම් පව් කරනවද....?
අපි කවදාවත් හිතනවද අපි කරන පව් වල තරම....?
උත්තරය "නෑ"
අපි උපන්න දවසෙ ඉඳල, මැරෙණ දවස වෙනකල් අපේ ඇස් වලින් කොච්චර ලස්සන දේවල් දකිනවද...?
කොච්චර දේවල් රස විඳිනවද...?
ඒත් අපි කවදාවත් හිතල තියෙනවද, අපිට පෙනීම නැති උනොත් දවසක කොහොම වෙයිද කියල...? 
නෑ නේද...?
අපිට කට්ට කරුවලේ කොහොම තියේවිද..?

ඉතින්....
අපි කවදාවත් හිතල තියෙනවද උපන් දවසෙ ඉඳල පෙනීම නැති කෙනෙක්ට දවසක පෙනීම ලැබුනොත්.....?
කොහොම තියේවිද..?
ඔච්චර සතුටු වේවිද..?

ජීවත් වෙලා ඉන්නකල්, අපි ආදරේ කරන දේවල් දන් දෙන්න අපිට පොඩි ලෝභ කමක් ඇති වෙන්න පුලුවන්.... මහන්සි වෙලා හම්බකරගත්ත දේවල්නෙ.....
කමක් නෑ
ඒත්.....
අපි ජීවත් වෙලා ඉන්නකල් මොනව හම්බ කලත්, යද්දි ගෙනියන්නෙ කළ හොඳ සහ නරක විතරයි...
අනිත් හැම දෙයක්ම තියල යන්න වෙනව දුකෙන් උනත්....
තව එක දෙයක්..... අපි එකතු කරගන්න දයාබර මිනිස් හදවත් අපිට ඉතුරු වෙනව....
ඉතින් එහෙම එකේ,

පොළවට පස් වෙලා යන අපේ පංචස්කන්ධය...
නිකරුනේ පස් වෙන්න නොදී

තව කෙනෙක්ට ලෝකෙ දකින්න සලස්වලා මැරිල ගියොත්, ඒ කොච්චරනම් පිනක් වෙයිද...?

අපේ ඇස් දෙකෙන් ලෝකෙ දකින ඒ මනුස්සය හැම තප්පරේකම අපිට පින් දේවි නේද...?

මමත් දවසක අහම්බෙන් වගේ ඔය මහඟු පුණ්‍යකර්මයට දායක උනා...
ඒක හරිම ලේසි දෙයක්....කාටවත් කරදරයක් නෑ...
චූටිට පින්සිද්ද වෙන්න ඔන්න තියෙනව විස්තර අහගන්න ලිපිනය.... දුරකතන අංක....


Sri Lanka Eye Donation Society
Address: 120/12, Vidya Mawatha, Colombo 07
Tel: 0112692051, 0112698040, 0112698041, 0112698043



ජීවිතේම අඳුර දැකපු කෙනෙක්ට,  
ආලෝකය දකින්න දීල,
මැරිල යන්න තියෙනවනම්,
කොයිතරම් පිනක් වෙයිද....?

බනී, ගොඩක් ස්තුතියි ඒකට අදාල වීඩියො එක එවුවට.... ඇත්තටම චූටි එවපු මේල් එකේ වීඩියෝ එක තිබුණට මම බලල නෑ.... දැනුයි මම ඒක බැලුවෙ..... ඇත්තටම ඇස් වලට කඳුලු එනව.....

මෙන්න වීඩියෝ එක.... ඔයාලත් බලන්න.....
බලන්න

4 comments:

  1. http://www.youtube.com/watch?v=75HjFi4_r10&feature=player_embedded

    මෙන්න ඕකට අදාල විඩීයොව..

    Word Verification අයින් කරන්න හැකිනම්...

    ReplyDelete
  2. ගොඩක් ස්තුතියි බනී...
    ඔන්න ව‍ර්ඩ් වෙරිෆිකේෂන් අයින් කලා..

    ReplyDelete
  3. ලොල්ය.. අසට කඩුලු එන වතමා... ඒත් පොඩි දෙක් කියන්න ඔනි.. කවත් එලියනොදැක අදුරෙ හිටපු කස්ටියට අඩුරත් ආලෝකයක්..

    ReplyDelete
  4. Nice… u just spoke to my heart!!!

    ReplyDelete

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...