ඉන්න ඇත්තො

9 ගීයට පසු වදනක්....

කලින් ලීව පෝස්ට් එක කියවපු ගොඩක් යාලුවො ගොඩක් දේවල් කීව ඒ ගීතය ගැන... ගොඩක් අය ඒකට කැමතියි.. ඒ අතුරින් සමහර අය පේරාදෙණිය සරසවියට ගිය, අවුරුදු 3,4ක් එහෙ ජීවත් වෙච්ච, සරසවියෙදි පෙම් කළ, ඒ වගේම හන්තානට පායන සඳ ඇත්තටම දැකපු අය... ඒ කියද්දි මටත් හිතුන දවස හන්තානට සඳ පෑව්වම බලන්න තියේනම් කියල..
ඒ කොහොම වෙතත්, මගෙ පෝස්ට් එක කියවපු එක යෙහෙළියක්, මට ගීතයෙ නිදාන කතාව ඇතුලත් පුවත් පතක පළ කෙරුන ලිපියක් එවල තිබුණ.. මට ඇත්තටම හිතුන ඒක කෙටියෙන් බ්ලොග් එකේ ලියන්න... මොකද සමහර කෙනෙක් ඒ කතාව නොදන්නව වෙන්න පුළුවන්... අනික, මම ඒකෙන් තමා දැනගත්තෙ කව්ද මේ ගීය රචනා කළේ කියල...  
ධම්මික බණ්ඩාර කියල එක්තරා ගුරුවරයෙක් තමා මේ ගී පද ලියල තියෙන්නෙ... එයා කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්ත කෙනෙක්... 
එයාගෙ යාලුවො ගොඩක් ඉඳල තියෙන්නෙ පේරාදෙණියෙ.. ඉතින් ඒ නිසා එයා නිවාඩුවට එහෙ ගියාලු. මම හිතන්නෙ මම වගේම ඒ පරිසරයට ආදරේ කල කෙනෙක්.. එයාට හිතුනලු පේරාදෙණිය ගැන සින්දුවක් ලියන්න..ඒත් එයාගෙ සරසවි ජීවිතේදි ඒක වෙලා නෑ.. අන්තිමේ එයා ගුරුවරයෙක් වෙනව.
උසස් පෙළ පන්තියේ දෙදෙනෙක් අතර ආදරයක් එයා දකිනව... ඒත් සද්ද නැතුව ඒක බලාගෙන ඉන්නව...
ඒ ප්‍රේම කළ යුවල අතරින් සිසුවිය 'ඒ' සාමර්ත 3ක් අරගෙන සරසවියට යනව.. ඒත් සිසුවාට සරසවි ගමන අහිමි වෙනව..
වසර ගණනාවකට පස්සෙ ධම්මිකට ඒ සිසුව හම්බෙනව..
"කෝ අර උඹත් එක්ක එකට බත් එක කාපු කෙල්ල ? " කියල අහන ධම්මිකට හම්බෙනව පුදුම හිතෙන පිළිතුරක්..
"ඒක ඉවරයි. එයා කැම්පස් ගියා. එයාට දුර ගමනක් තියෙනව. පේරාදෙණියෙ ගියාම එයාට දකින්න කොච්චර සුන්දර දේවල් තියේවිද..? ඒ එයාට මම හින්ද ඒ දේවල් විඳින්න බැරි වේවි.. ඒ නිසා ලියුම් ගොඩක් ලියල වෙන් උනා.. ඒත් එයා නම් කැමති උනේ නෑ."
ඒ කතාව අහපු ධම්මිකට කාලයක් තිස්සෙ ලියන්න හිටිය ගීයට නිමිත්තක් ලැබුණ... අන්තිමේ ඒ ලියවෙච්ච ගීතය තමයි " හන්තානට පායන සඳ" කියල අමරසිරි පීරිස් කියන ගැඹුරු හඬින් අපි අහන්නෙ..
පේරාදෙණිය සරසවි බිමට පේන සුන්දරම දසුන හන්තානට පායන සඳ, ඒ තරුණයට දකින්න වරම් නැති උනත්, ඒ තරුණිය ඒක හොඳින් දකිනව.. විඳිනව...
ඇය තවමත් ඔහුට ආදරේ නිසා තනිවම සරසවියෙ වෙසෙනව... ඒත් ඔහු ඇයට කියන්නෙ ඒ තනිය නැති වෙන්න කෙනෙක් ළං කර ගන්න කියල.. 
"කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න"

"ලතා මඩුළු අත වනාවි
එපා අහක බලන්න
මා ගැන මතකය ගුලිකර
මහවැලියට දමන්න..."

තමන් ගැන මතකය අමතක කර ගලා යන මහවැලියට දමා, ආදරේට අත වනන කෙනෙක් එක්ක එකතු වෙන්න කියල තමන් ගොඩක් ආදරේ කළ තමන්ගෙ පෙම්වතියට කියන මේ පෙම්වතා අද කාලෙ ආත්මාර්තකාමී පෙම්වතුන්ට, පෙම්වතියන්ට කොයි තරම්නම් ආදර්ශයක්ද කියල මට හිතෙනව..
බහුතරයක් තමන්ගෙ පෙම්වතිය විශ්ව විද්‍යාලයට යනවට අකමැතියි...ගොඩක් අය තමන් ආදරය කල කෙනා තමන්ගෙන් වෙන් උනොත් කරන්නෙ පලි ගන්න එක... ඒ කාලෙ ගත්ත පින්තූර විකෘති කරල ප්‍රසිද්ද කරනව. එහෙමත් නැත්නම් දුරකතන මගින් තර්ජනය කරනව... සමහරු තමන් කාලාන්තරයක් ආදරේ කල කෙනාව මරලත් දානව...
ඒත් එහෙම වන සිව්පාවුන්, වැනි මිනිසුන් මැද, මේ වගේ දෙවි දේවතාවන් වගේ මිනිස්සුත් ඉන්නව..

කොහොම වෙතත්, ධම්මික බණ්ඩාර අතින් ලියවෙච්ච මේ ගීතය ඉතා සංවේදී සත්‍යය කතාවක් ගැබ් වෙච්ච, හරිම අපූරු ගීයක්..

ගී පද මාලාව : ධම්මික බණ්ඩාර
සංගීතය : ඩැනිස්ටර් පෙරේරා
ගායනය : අමරසිරි පීරිස්

ධම්මික බණ්ඩාරගේ මේ අත්දැකීම පුවත්පතට ලියල තිබුණෙ අජිත් අලහකෝන් කියල කෙනෙක්.. පුවත්පතනම් මොකද්ද කියල සඳහනක් තිබුනෙ නෑ.

9 comments:

  1. mehema kollo den kochchara aduda..

    ReplyDelete
  2. Amani Indunil Ranaweera12/03/2011 8:28 PM

    මේ ගීතය අහන සැරයක් ගානේ හිත‍ට මොකක්දෝ දෙයක් දැනෙනවා..... හිතා ගන්න බැරි උණා මොකක්ද ඒ කියලා. ඔයාගේ ලිපිය කියෙවිවාම තමයි තේරුනේ මට ඒ දැනුනේ දුකක් කියලා. ම‍ට හිතෙන විදිහට ඒක මේ ගීතයේ රචකයාගේ දක්ෂතාවය. ඒ වගේම ගීතය ලියලා තියෙන්නේ ඇත්ත අත්දැකීමකින්.අහන කෙනා‍ගේ සිත තදින් ස්පර්ශ කරන්න ඒකත් එක හේතුවක්. ගීතයේ නිදාන කතාව මම ඇහුවේ අද. ඒ ගැනත් දෙයක් කියන්නම ඕනි. මගේ සමහර යාලුවන්ගේ අත්දැකීම් එක්ක බලද්දි මේ පෙම්වතුන් දෙන්න ගැන මට ලොකු ආඩම්බරයක්, දුකක් වගේම සතුටකුත් ඇති වෙනවා. ‍හිතෙන හැමදේම කියන්න බැරි උනත් එක දෙයක් මම කියනවා තමන්ගේ පෙමිවතියගේ අධ්‍යාපනය වෙනුවෙන්, ඉදිරි අනාගතය වෙනුවෙන් ආදරය කැප කරපු ඒ පිරිමි ළමයා ගැන මට ලොකු දුකක් ඇතිවෙනවා. එයා තවත් උන්නදු වෙලා ගෑහැණු ළමයගේ මට්ටමට ආවනම් කියලා හිතෙනවා. එහෙම හිතෙන්නේ ඇත්ත ආදරය නැති වෙනවට මම ඇත්තටම අකමැති නිසා. ඒ වගේම කතාවේ කියලා තියන විදිහට ඒ ගැහැණු ළමයා සරසවියට ගියත් තමන්ගේ පෙම්වතාව අමතක කරල නෑ. ඒ තමයි ඇත්ත ආදරය. කියන්න දේවල් ගොඩක් තියෙයි මේ ගැන. ඒත් මම කැමති මේ පෙම්වතුන් දෙන්නා එකතු වෙන එකට. නමුත් වෙන්න තියන දේ අපට වළක්වන්න බෑ. ඔවුන්ට මම සුභ පතනවා!!!!!

    අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මෙච්චරයි,
    මේවගේ ගීතයක් අපට දායාද කළ රචකයාට, එයට තනු නිර්මාණය කල අයට, වගේම ගීතයේ හැගීම් ඒ අයුරින්ම ඉස්මතු වන ආකාරයට ගායනා කල ගායකයාට, මේ ගීතය හා සම්බන්ධ හැමකෙනෙක්ටම, හැමදේකටම අපි හැම දෙනාම ස්තූති වන්ත වෙන්න ඕනි.

    ඒ වගේම,
    ගීතයට නිදාන ‍වුනු කතාවේ තියන හැගීම් ඒ විදිහටම දැනෙන ආකාරයට ඔයා මේ ලිපිය ලියල තියනවා. ඇත්තටම හරිම ලස්සනයි. මම ඔයාට සුභ පතනවා මේ වගේ ලිපි තව තවත් ලියන්න හැකියාව ලැබෙන්න කියලා මගේ සුභ පැතුම් :) :) :) :) :)

    ReplyDelete
  3. Amani Indunil Ranaweera12/03/2011 8:31 PM

  4. මම පුදුමාකාර විදිහට ආදරය කරන ගීයක්..ඒත් හැමදාමත් හිතුවා ඇයි මේ පෙම්වතා පෙම්වතියට වෙන ප්‍රේමයක් හොයාගන්න කියලා මේ තරම් ඇවිටිලි කරන්නෙ කියලා..ඒත් ඒක කියන්නෙත් දරාගන්න බැරි තරම් ආදරයෙන්..නිතරම වගේ ධ්වනිත් වුණේ මේ පෙම්වතාගෙ හදවතේ රැඳුණු වේදනාවා වුණත්තොහු ආයෙ ආයෙත් කියන්නෙ..තමන්ගෙ ලෝකෙන් මිදිලා ඊට වඩා ලස්සන ලෝකයක් හොයාගෙන යන්නය කියලයි....හ්ම්ම්ම්.මද තමා මේ කතන්දරේ ඇහුවෙ... :(((

    ReplyDelete
  5. ආදරය කියන්නේ බදා ගැනීම නෙමෙයි පරිත්‍යාගය කියන එකත් ආදරේ කියන්නේ කෑදරේ නෙමෙයි කියලත් මේ ගීතයෙන් අපූරුවට පෙන්නලා දීලා තියෙනවා

    ReplyDelete
  6. Amani Indunil Ranaweera12/05/2011 4:48 PM

    අහන සැරයක් ගානේ දුක හිතෙනවා, ඒත් අහන්න ආස හිතෙනවා.....

    ReplyDelete
  7. පුංචි දෙයක් නෙමේ ලියනවා නම් පිටු ගානක් ලියන්න හිතෙනවා.මට හිත ගන්න බැරි කොහොමද මේ පද පේලි ටිකක් මේ තරම් මාව රිද්දන්නේ කියලා.

    ReplyDelete
  8. http://geethayakatawediyamak.blogspot.com/search/label/Amarasiri%20Peiris

    ReplyDelete
  9. ඇත්තටම උසස් ගනයේ නිර්මාණයක්... දැහැනකට සමවැදිලා වගේ රස විදින්න පුලුවන් ගීතයක්.... මේකටත් ගිහින් බලන්නකො

    http://geethayakatawediyamak.blogspot.com/search/label/Amarasiri%20Peiris

    ReplyDelete

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...