ඉන්න ඇත්තො

8 පිට පොත්ත බලල විතරක් තීරණ ගන්න එක හරිද..?

අද උදේ අහපු කතාවක් උණු උණුවේම ලියන්න හිතුව... ඒවෙලෙ ඒක කීවෙ වෙන අරමුණක් වෙනුවෙන් උනත්, මට ඒකෙ තවත් පැත්තක් තියෙනව කියල හිතුන.

කතාව කීවෙ ප්‍රවීන නළු ජයලත් මනෝරත්නයන්. ඡායාරූප ප්‍රදර්ශණයක සමාරම්භක උළෙලක් වෙනුවෙන් සහබාගී වෙමිනුයි එතුමා ඒ කතාව කලේ.

කතාව කෙටියෙන්ම මෙහෙමයි...

පන්තියෙ හිටිය පොඩි දරුවන්ට චිත්‍ර අඳින්න කියල කීවලු. තමන් කැමති දෙයක්, කැමති විදියට. ඉතින් ඒ ඇඳපු චිත්‍ර දිහා බලපු ගුරුතුමී ඒව විග්‍රහ කරන්න පටන් ගත්තලු. ඒ අතරෙ එක චිත්‍රයක් ළඟ නැවතුන ගුරුතුමීට ලොකු ප්‍රශ්ණයක් ඇති වෙලා.  ඒ චිත්‍රය ඇඳල තිබුනෙ සම්පූර්ණ රතු පාටින්. වෙන කිසිම පාටක් භාවිතා කරල තිබුනෙ නෑ.
ගුරුතුමී ඒ චිත්‍රෙ පෙන්නුව එක මනෝ වෛද්‍යවරයෙක්ට. වෛද්‍යවරය චිත්‍රෙ බලන ගමන් චිත්‍රෙත් එක්කම ඒක ඇඳපු කෙනාගෙ මනස විශ්ලේෂණය කරන්න පටන් ගත්ත.

"මේක ඇඳපු කෙනා ගොඩක් දරදඬු කෙනෙක් වෙන්න ඕනෙ. ලොකු මානසික පීඩණයකින් ජීවත් වෙන කෙනෙක් වෙන්න ඕනෙ. එහෙමත් නැත්නම් එයාගෙ ගෙදර පරිසරය ගොඩක් ප්‍රශ්ණ වලින් පිරිල තියෙන්න ඕනෙ. කරදර පිරිච්ච පරිසරයක ජීවත් වෙන්න ඕන."

මනෝ වෛද්‍යවරයාගෙ නිගමනය උනේ ඒකයි.
ගුරුතුමී අන්තිමේ හිතුව දරුවගෙන් එයා ඇඳපු චිත්‍රෙ ගැන අහන්න.

"ඇයි පුතා ඔයා මේක අඳින්න රතු පාටම තෝර ගත්තෙ? මොකද්ද ඔයා ඒකෙන් අදහස් කලේ..?"

"මට එහා පැත්තෙ හිටිය කෙනා මට රතු පාට ඇරෙන්න වෙන පාටක් දුන්නෙ නෑ. ඉතින් මට රතු පාට ඇරෙන්න චිත්‍රෙ අඳින්න වෙන පාටක් තිබුනෙ නෑ."
පොඩි එකාගෙ අවංක උත්තරේ වුනේ ඒකයි.

"ඇයි පුතේ ඔයාට පාට පෙට්ටියක් නැද්ද..?"

"නෑ"

දෙබස එතැනින් හමාර උනේ ගුරුතුමීට ඊට වඩා අහන්න දෙයක් නැති වෙච්ච නිසයි...

අපි, ජීවිතේ කොච්චරනම් නිගමන වලට එනවද පිට පොත්ත දිහා විතරක් බලල. පොත්ත සුදු නම් මරු. ඒක තමා සුපිරි... ලොකුවට හැදිච්ච ගෙඩියක්නම් ඒක රට. ඕක තමා ඇත්තටම අපේ තත්ත්වෙ...
ඉතින් ඒක හරියටම හරිද..? පිටින් පේන ලස්සන ඇත්තටම ඇතුලතත් තීයෙනවමද..? එහෙම නැත්නම් පිටින් දකින ලස්සන මායාවක්ද..? කාල බැලුවත් අපිට ඒ ඇතුලත ලස්සන අඳුන ගන්න වෙන්නෙ නැද්ද...?
පිට පොත්ත බලල විතරක් තීරණ ගන්න එක හරිද..? හිතලම බලන්න.. 

white skin-u girl-u girl-u
girl-u heart-u black-u
 
why this kolaveri kolaveri kolaveri di
 

8 comments:

  1. මේක තව මීට වඩා හොදට ලියන්න තිබ්බා මල්ලි...

    ජය වේවා...

    ReplyDelete
  2. සිරාම කතාව බං! ගොඩක් එවුන් පිටින් බලලා හෝම්ස් කෙනෙක් වෙන්න යනවා! ඒත් අන්තිමට බලද්දි පුංචි කේස් එකක් තමයි ඇදන් ගිහින් තියෙන්නේ!

    ReplyDelete
  3. සිරා කතාව...

    ReplyDelete
  4. සහතික ඇත්ත අයියා...
    හැබැයි වෙලාව අරන් තව ටිකක් ලියන්න තිබ්බා....

    ReplyDelete
  5. රනා, ගොඩය මල්ලි ඔය දෙන්නම එක්ක මම එකඟයි. කතාව ටිකක් අමු වැඩි වගේ තමා. කල් අරන් ලියන්න තිබුන ටිකක්.. දැන් ඉතින් කමක් නෑ. ගොඩක් ස්තුති අදහසට.
    මාධව, අශාන්, රසික ස්තුතියි ඔයාලගෙ අදහස් වලටත්..

    ReplyDelete
  6. මානසික වෛදවරු ගොඩක් ඔහොම තමා නැති එවුවත් කියලා ගාන කඩා ගන්න තමා බලන්නේ

    ReplyDelete
  7. අනිවාර්යයෙන් ..ඔකයි ඇත්ත...

    ReplyDelete

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...