අහල බලන්න පහළින් තියෙන ලිපිනයෙන්.. (මේක අහපු නැති කෙනෙක්නම් නෑ...) මට මතක එක අවුරුද්දක පේරාදෙණිය විශ්ව විද්‍යාලෙ වෛද්‍ය ප්‍රදර්ශනේ තේමා ගීතය උනෙත් මේකයි... ඇත්තටම කාලෙට ගැළපෙන ගීයක් කියල මට හිතෙනව.රජෙකු උනත් ගිලන් වෙලා
එක් තැන් උන දා...
කියනවාට සැකයක් නෑ
සැකයක් නෑ
නිරෝගි සැප හැර සැපයක් ලොවේ කොයින්දා ...
ඉසුරු සමඟ හාද වෙලා
නොසතුට ආ දා ...
දැනෙනවාට සැකයක් නෑ
සැකයක් නෑ
සතුට තරම් වෙන ධනයක් ලොවේ කොයින්දා...
බැරි උන දා නෑදෑයන්
අත හැරගිය දා...
හිතෙනවාට සැකයක් නෑ
සැකයක් නෑ
විශ්වාසය හැර නෑයෙක් ලොවේ කොයින්දා...
~~~~~~~~~~~~~~~~~~~~~~
ගීයට පාර...











