ඉන්න ඇත්තො

7 දෙවෙනි වරම....

දින චරියාවෙ තවත් එක ඒකාකාරී දවසක්... උදෙන් ඔෆිස් යන්න ඕනෙ.. හැමදාමත් වගේ යන්න කලින් මේස උඩ තිබුණ පත්තරේ අතට ගත්ත..
..... මේ මම....? මගේ පින්තූරෙ.. ඒත් අහවල් එකක් කරනවද අවමගුල් දැන්වීම් කොලමෙ..? මේක උභතෝකෝටික ප්‍රශ්ණයක්..

ටිකක් ඉන්න.....
කලින් දවසෙ නින්දට යන්න කලින්, පපුව අසාමාන්‍ය විදියට රිදෙන්න ගත්තනෙ.. හරිනෙ... මාව රෝහලට අරන් ගියෙ මගෙ බිරිඳ, අල්ලපු ගෙදර අයගෙ උදව්වෙන්නෙ..
ඒත්.....
මට එහෙදි දීපු බෙහෙත් වලට හොඳට නින්ද ගියානෙ..
ඒක හීනයක්ද..?
කොහොම හරි ඔෆිස් එකට ගොඩවෙද්දි වෙලාව 10යි... දැන්නම් ලොක්කගෙන් හොඳටම බැණුම් තමයි.. අද උදේ තේ එකත් නැති වෙන්ව අනිව.

කෝ.... මොකෙක්වත් නෑනෙ... ඔෆිස් එක පාලුයි... මීටිමක්වත්ද..?

ඔක්කොම ටික මගෙ කාමරේ ඉස්සරහ... සමහරු අඬනව. මොකද මේ...?
නිකමට මම එබුන කාමරේට... අනේ අපොයි... මේ මම මෙහෙම ඉන්නකොට, කාමරේ ඇතුලෙ මම බිම නිදි..
මේ වගේ කතා අහල තිබුනත් මොකද්ද මේ වෙන්නෙ කියල මට විස්වාස නැති උනා. ඇත්තටම ලොකු තිගැස්මකින් පපුව ගැහෙන්න උනා..
පිරිස මැද උන්න මම,
"මේ අහන්න... මම මෙතන ඉන්නවා ඔයාල එක්ක" 
කියල මහ හයියෙන් කෑ ගැහුවත්, කිසි කෙනෙක්ට මගෙ හඬ ඇහුනෙ නෑ. ඒ හැම කෙනෙක්ම බලාගෙන හිටියෙ කාමරේ ඇතුලෙ වැටිල හිටිය මගේ රුව දිහා.

"ඇත්තටම මම මැරිලද..?" මගෙ හිතටත් ඒ ප්‍රශ්ණය ආව. මම මගෙන්ම ඒ ප්‍රශ්නෙ ඇහුව.

කෝ මගෙ බිරිඳ..? කෝ මගෙ පුංචි සුරංගනාවි..? කෝ මගෙ යාලුවො..?

මගේ බිරිඳ ඊට එහා කාමරේ බොහොම දුකෙන්...කඳුලු හෙලනව. මගෙ පුංචි සුරංගනාවිත් අඬනව, ඒ කිසි දෙයක් තේරිල නෙවේ... අම්ම අඬන නිසා.

අනේ දෙවියනේ... මම මැරිලද..?

මම කොහොමද නොකියා යන්නෙ මගෙ ආදර බිරිඳට "මේ ලෝකෙ ඉන්න ලස්සනම, කරුණාවන්තම කාන්තාව" ඇය වග.

මම කොහොමද නොකියා යන්නෙ මගෙ පුංචි සුරංගනාවිට "මම කොයිතරම් ආදරේද" කියල.

මම කොහොමද නොකියා යන්නෙ මගෙ ළඟින්ම උන්, මගේ මිතුරන්ට, "ඔයාල නැත්නම් මම ජීවිතේ ගොඩක් වැරදි කරල. ඔයාල නිසා තමයි මම හරි මග ගියේ" කියන වග.

පොඩි දේකින් හිත් අමනාප වෙච්චි මගේ හොඳම මිතුරට මම කොහොමද "මට සමාවෙන්න" කියල කියන්නෙ...? මට ඔහුගෙන් සමාව ගන්න ඕනෙ..

මට දැනෙන විදියට මේ ජීවත් වෙන මාව කිසි කෙනෙක්ට පේන්නෙ නෑ වගේ...

"ඇත්තටම මම මැරිලද..?" මම ආයෙත් මගෙන්ම ඒ ප්‍රශ්නෙ ඇහුව.

 මම බිම වැතිර ඉන්න මගේම සිරුර ළඟින්ම ඉඳ ගත්ත.... මගේ ඇස් කඳුලින් බර වෙලා. මටත් කෑ ගහල අඬන්න ඕනෙ.. ඒ තරම් හිත බරයි... දුක වැඩියි....

"අනේ දෙවියනේ.... මට තව කිහිප දවසක් දෙන්න....." මම දෙවියන්ගෙන් ඉල්ලුව...

මට මගේ බිරිඳට, මගෙ පුංචි සුරංගනාවිට, මගේ යාලුවන්ට තේරුම් කරන්න, පෙන්නන්න ඕනෙ මම එයාලට කොච්චර ආදරේද කියල.

ඒ අතරෙදි මගෙ බිරිඳ මම ඉන්න කාමරේට ඇතුල් උනා.මට ඕනෙ උනා ඈට කියන්න....
"මේ ලෝකෙට ඇය එක් පුද්ගලයෙක් උනත්, ඇය මට ලෝකයක්" යන වග.

"අනේ දෙවියනේ...." මම ආයෙමත් කෑ ගැහුව..

"අනේ තව ටික කාලයක්..."

එකම එක වතාවක් මගේ පුංචි සුරංගනාවි තුරුල් කරන් සිපගන්න... එකම එක වතාවක් මගේ බිරිඳට තවමත් මාත් එක්ක ඉන්නවට ස්තුති කරන්න...

මම පුලුවන් වීරිය දාල තව එක සැරයක් කෑගැහුව... "අනේ දෙවියනේ... තව එකම එක වතාවක්.. කරුණාකරල"

"ඔයා නින්දෙන් කෑ ගැහුව... නරක හීනයක් දැක්කද..?" 
ඒ මගේ බිරිඳගෙ හඬ.

අනේ දෙවියනේ... ස්තුති වේවා නුඹට.. ඒක හීනයක්... මට නින්ද ගිහින්.

"ඔයා තමයි මේ ලෝකෙ ඉන්න ලස්සනම කාන්තාව... කරුණාවන්තම කාන්තාව. මම ඔබට ගොඩාක් ආදරෙයි" අවදි වූ විගස ඈ වැළඳගත් මා පැවසුවා.

ආයෙමත් මම දෙවියන් යැද්ද...

"දෙවියනි, ඔබ ලබා දුන් මේ දෙවෙනි අවස්ථාවට ඔබට ගොඩක් ස්තුතියි.."

------
ඊයක් ඇසුරිනි.. කතෘ පිළිබඳ සඳහනක් නොවීය.
-------

කියවූ ඔබට....

තවමත් ඔබ ප්‍රමාද නැත... 
අහංකාරකම් අමතක කරන්න... 
අතීත වැරදි, තරහ අමතක කරන්න..
ඔබේ ආදරය අන් අයට පවසන්න..(එය ඔවුන් නොදන්නවා වෙන්න පුලුවනි)
මිත්‍රශීලී වෙන්න..
නිතර සිනාමුසුව ඉන්න.. (අන්‍යයන්ට හිනා නොවෙන්න.. අන් අය සමග හිනා වෙන්න.)
අපට දෙවෙනි වතාවක් නොඑන්නට ඇති සම්භාවිතාව 
බොහෝ වැඩිය....

7 comments:

  1. ගොඩක් හොද ලිපියක්

    ReplyDelete
  2. ගොඩක් වටිනව.ලස්සනයි :)

    ReplyDelete
  3. අගනා ලිපියක් යාළු! :)

    ReplyDelete
  4. Good one machan. Nice.

    ReplyDelete
  5. ඔයාගේ මෙම ලිපිය ඉතාමත් අගයකරමි. කලෝචිත මතෘකාවක් සහ මෙම ලිපිය කියවන සෑමට හිතන්න යමක් මෙම ලිපියේ අන්තර් ගතවීම ඉතාමත් පෑසසුමට ලක්වේ. තරගකරී ජීවන රටාවක ජීවිතය ජයගන්න මුදල් හො අනෙකුත් දේ පසුපස හෑමෝම දුවනවා විනා අපසු හෑරී බෑලීමක්වත් කිසිවිටත් සිදු නෝවේ. ඉතමත් සරලව ගතකල හෑකි ජීවිතය අපවිසින්ම සන්කිර්න කරගෙන ජීවිතයෙ සරල බාවය බෑහරකරගෙන ඈති කලයක, ආදරය, සතුට, සමගිය සහ සෙහෙල්ලුව ගෑන පමානොවී සිතිමටත් අනගතයේදි පසුතවිලි නොවිමටත් මෙම ලිපිය කියවන පාඨකයන් සෑමට ඔබගෙ මෙම ලිපිය මහත් රුකුලක් වනු නොඅනුමානය.

    ReplyDelete
  6. ඔයාගෙ දීර්ඝ අගේ කිරීම ගොඩක් වටිනව දර්ශි.. ඇත්තටම ඔයාලගෙන් එන මේ මල්, වගේම ගල් තමා තව තව හරි දේ ලියන්න උදව් වෙන්නෙ..

    දර්ශි,දිලූ, හිරු හිමාවි, රොෂාන්, රුවන් ඔයාල හැමකෙනෙක්ටම ගොඩක් පින්..

    ReplyDelete
  7. kathawa aththa deweni awasthawak lebenna thiyena idakada harima adui oyage samaja sathkaryayata magen mal mitak

    ReplyDelete

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...