ඉන්න ඇත්තො

7 පාට කණ්නාඩි

ඉස්සර මම ඔෆිස් ගියේ අත් දිග කමිසෙ ඇඳල, යට කරල, බෙල්ට් දාල, සපත්තු මේස් දාල සම්මත ක්‍රමේට. (සමාජ සම්මතේට අනුව මහත්තයෙක් වගේ)
ඒත් දැන් මම යන්නෙ ටී ෂර්ට් එකක් එක්ක ඩෙනිමක් ඇඳල, දුවන්න දාන සපත්තු දෙකක් දාල. (කෝච්චියෙ යන ගොඩක් යාලුවො අහනව අද ටෙනිස් මැච් එකකටද ගියෙ කියල. ඒත් අවුලක් නෑ උන් දන්නව ඇත්ත.)
ඉස්සර බස් එකට නැග්ගම (කොන්)දොස්තර අය්ය කතා කලේ "මහත්තය, ඉස්සරහ සීට් එකෙන් වාඩි වෙන්න" කියල...
දැන්නම් අයිය කතා කරන්නෙ "ඒයි මල්ලි, පස්සට යන්නකො කීවම" කියල.
සාරිය ඇන්ද දවසට "නෝන" නැත්නම් "මිස්" වෙන නෝනම, පහුවදා සාය, හැට්ටෙ ඇන්ද ගමන් "නංගි" නැත්නම් "අක්ක" වෙනව.
කොහොමද නෑදෑ කම වෙනස් වෙන හැටි..?
ඔන්න ඕක තමා අපේ රටේ අත්ත තත්වෙ... මිනිස්සු හැම දේ ගැනම තීරණ ගන්නෙ පිටින් බලල... පිටින් පේන දේ දැකපු ගමන් ඔක්කොම තීරණය කරල ඉවරයි..
නිකන් හිතන්න පොලිසියකින් වැඩක් කර ගන්න ගියා කියල ටී-ෂර්ට් එකක් ඇඳන් ඩෙනිමකුත් එක්ක... අප්ප.. පොලිසියෙ කුස්සියෙ උයන එකත් කතා කරන්නෙ "ඕයි, තමුසෙ මොකද ඔතන" කියන විදියට... හැබැයි ඉතින් මිනිස්සු 7ක් මරල, ගෑණු 5ක් දූෂණය කරලත්, සුදු අත් දිග කමිසෙ ඇඳල, යට කරල, සපත්තු මේස් දාල පොලිසියට යන තිරිසනාට "මහත්තය, කාව හම්බෙන්නද..? මොකද්ද කාරනාව" කියල පිලිගන්නෙ කාකි කිට් එක දාපු ඉහළ පන්ති පාස් අපේම රාලහාමිලා.
වෙනස තියෙන්නෙ පිටින් පේන්න අඳින දේ... අපේ අය තීරණය කරන්නෙ හොඳ සහ නරක පිට පොත්තෙන්...ඒකයි අද වෙලා තියෙන්නෙ.
තව එකක්... කොච්චර බලු කම කරත් පොත්ත සුදුනම්, කර බාගෙන ඉන්නව.. හැබැයි කලු හමනම් ඉතින්... හප කරලම දානව..
මට මේක ලියන්න හිතුනෙත් කෙනෙක් එහෙම කියපු කතාවක් නිසාමයි....
අපි පුරුදු වෙලා ඉන්නෙ අපි කැමති පාටකින් පාට කණ්නඩියක් දාල, පිටින් පේන දේ දිහා බලල, ඒ කෙනා ගැන චරිත සහතික දෙන්න...
ඒත්..... ඒ කෙනා ඇතුලෙ ඉන්නෙ අපි දෙන චරිත සහතිකේට හාත්පසින්ම වෙනස් කෙනෙක් වෙන්න පුලුවන්...
ඉතින්... නරකද පාට කණ්නාඩි ගලවල, පිටින් පේන දේට වඩා දෙයක් ඇතුලෙ තියෙනව කියල හිතාගෙන, ඒ ඇතුලෙ ඉන්න ඇත්ත කෙනා අඳුන ගන්න උත්සාහ කරොත්...?
ඇත්ත... කෙනෙක්ව එහෙම තේරුම් ගන්න එක ලේසි නෑ. ඒත.... අපි උත්සාහ කලොත්.... ගොඩක් දුරට බැරි වෙන එකකුත් නෑ..
මොකද.... සුදු ඇඳල, සුදට සුදේ යක්කු ඉන පුලුවන්... ඒ වගේම, කිළිටි පෙරොගෙන, නාබර ගොඩේ දෙවි වරු ඉන්නත් පුලුවන්...

"වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද, දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත."

අමාරුම දේ තේරුම් ගන්න එක..ඒත්... ඒ තේරුම් ගැනීමට පිට පොත්ත, පෙනුම නම්, කිසිම වැදගැම්මකට නෑ කියන එකයි සත්‍යය...
අන්න ඒ සත්‍යය අවබෝධ කර ගන්න මේ එක්ක පොඩි උත්සාහයක් දරමු...

පාට කණ්නාඩි ගැලවුවොත්, අනිව හරි දේ දකිනව..

7 comments:

  1. ඇත්ත.එකඟයි ඔබේ පෝස්ටුවට සහෝ..

    ReplyDelete
  2. පාට කණ්නාඩි දාන් ලෝකේ දිහා බලන අය ඉන්න නිසානේ හැම ප්‍රශ්ණයක්ම..

    ReplyDelete
  3. මමනම් මට කොහොම කතා කලත් සලකන්නෙ එක විදියට....ටිකක් වැඩිපුර පානිය දාල අනම් මනම් බටර් ගාන අයටනම් මයෙ ඒ තරම් මනාපයක් නෑ...

    ReplyDelete
  4. // "ඕයි, තමුසෙ මොකද ඔතන" කියන විදියට... හැබැයි ඉතින් මිනිස්සු 7ක් මරල, ගෑණු 5ක් දූෂණය කරලත්, සුදු අත් දිග කමිසෙ ඇඳල, යට කරල, සපත්තු මේස් දාල පොලිසියට යන තිරිසනාට "මහත්තය, කාව හම්බෙන්නද..? මොකද්ද කාරනාව" //

    අපේ ගෘහ සේවිකාව (දෙමළ) ඒක වරක් කොහුවල පොලීසියෙන් අරගෙන ගියා. මම උදේ ‍ගියාම සහ දවල් වැඩට යන්න සුදානම් වී ගියාම කථා කලේ ඔය විදියට තමයි.

    ReplyDelete
  5. ada samaje kisima kenek kemathi ne pata kannadiya galawala inna pata kannadaiya athulen pena pata pata loke serisaranna thamai kemathi

    ReplyDelete
  6. අදමයි ආවෙ. ඔන්න මම 50 වෙනි ෆලෝවර් ඈ...

    ReplyDelete
  7. අදහස නම් නියමයි මචන්. අපිට හැමෝම තේරුම් ගන්න පුළුවන් නම් මේ ලෝකේ මීට වැඩ ගොඩක් සුන්දර තැනක් වෙනවා.
    හැබැයි ඕක වෙනස් කරන්න ගොඩක් අමාරුයි. ඕක අපේ ලංකාවට විතරක් පොදු දෙයක් නෙමෙඉ. ලෝකේ හැම රටේම ඕක තියෙනවා.
    මම නම් හිතන්නේ ඕක මනුෂ්‍ය පුරුද්දක්. ඕක නිකන් හරියට අර හුස්ම ගන්නවා වගේ වැඩක්. හිතල නෙමෙඉ කරන්නේ. ඉබේ වෙන දෙයක්.
    පොලිස්සියට යන කතාව නම් සහතික ඇත්ත. හැබැයි අර කතාවට කියන්නේ "තැනේ හැටියට අනේ ගහන්න" කියල. අපි පන්සල් යන්නේ ඒ විදියට අන්දලා, ඉස්කෝලේ යන්නේ ඒ විදියට අන්දලා. ඕක අපි කරන්නේ හැමෝම කරන නිසා. "ලෝක සම්මත" කියල නේ සමහරු කියන්නේ :)

    ReplyDelete

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...