ඉන්න ඇත්තො

11 100 න් පසු...

අවුරුද්දකුත් මාස නවයක් තිස්සෙ ලියපු මගෙ බ්ලොග් එකේ 100 වෙනි පෝස්ට් එක පහුගිය දවසක සද්ද නැතුවම ලියවුනා.
මේ සීයට අකුරු අමුණපු අවුරුද්දයි මාස 9 කාලෙ ඇතුළත කොච්චර දේවල් නම් වෙන්න ඇත්ද..? මම මගෙ ගැන ලියල තියෙන පුංචි සටහනේ තියෙනව වගේ, හිතක්-පපුවක් නැති කොම්පියුටරයක් එක්ක දවසෙ වැඩි වෙලාවක් හැප්පෙන මට, ඇස් වලට එන කඳුලු, ඒ ඇස් වලින්ම පනින්න හදන ගිනි පුපුරු, මහ මුහුදටත් වඩා සැරට ගහන රැළි හැම දෙයක්ම නිදහස් කර ගන්න මේ අමුණන අකුරු කොච්චර උදව් කරල තියෙනවද..?
ඉස්සරනම් පුරුද්දට වගේ මුහුදු වෙරළට ගිහින් රළ කරන අරගළ බලාගෙන ඉඳල හිත සැහැල්ලු කර ගත්ත.. (ඒත් ඒක දැන් කරන්න ගියොත් 6.10 මහව, 7.20 මීණගයා මිස් වෙන්න පුලුවන්.. එහෙම උනොත් ඉතින් එළිවෙනකල් මහ පාරෙ..)
මේ අමුණපු අකුරු අතරෙ සමහ‍ර විට ඔයාලගෙ අත්දැකීම තියෙන්න ඇති.. ඒ වෙලාවට හිත් රිදෙන්න ඇති.. සමහර හිත් රිදෙන උදවිය කෙලීන්ම බැණපු වෙලාවල් තියෙනව. ඒත් සමහරු එහෙම නොකර හිතින් බැණපු වෙලාවල් ඇති..(අන්න එහෙම ඒවටනම් මට දුකයි. මොකද හිතේ තියාගෙන මූණට හිනා වෙනවට මම ආස නෑ. සමහරු අනිත් කෙනාට රිද්දන්න හොඳ නෑ කියල එහෙම කරනව. ගොඩක් "තමන්ගෙම අය" කියන කට්ටිය පවා. ඒත් ඒක තමා දරුණුම දේ.. මොකද කෙලින් කීව දේ ඒ වෙලේ හිතුව ඉවරයි.. ඒත් හිතේ තියෙන දේ පැහැව පැහැව ඉඳල පුපුරල ගිය දවසට දරා ගන්න ගොඩක් අමාරු නිසා).. ඒ කොහොම වෙතත්, මගේ දේවල් එක අකුරක් හරි කියවන්න මෙහෙට ගොඩවෙච්ච ඔයාලට මම ණය ගැතියි.. මොකද මම ලියන්නෙ ඔයාල නිසා..
සමහර වෙලාවට මම පෝස්ට් එකක් ලීවම "තමන්ගෙ අය" කියන උදවියට මම ඕනෙ තරම් කරදර කරල ඇති ඒක කියවන්න කියල.. එහෙම වෙලාවට බැණුම් අහපු වෙලාවල් ඇති ඕනෙ තරම්..(තමන්ගෙම කෙනෙක් තමයි ලියන දෙයක් කියවල ඇත්තටම හොඳ නරක කියන්නෙ.. අන්න ඒක වටිනව ගොඩක්.. ෆොටෝ එකක් ගත්තත්, නිර්මාණයක් කලත් ඒක තමන්ගෙ කෙනෙක් අගේ කරනවනම්, දොස් කියනවනම් ඒක කොච්චර වටිනවද කියල දන්නෙ ඒක කරන කෙනා)
ඒ කොයි හැටි වෙතත් මම මේ ලියන එක නතර කරල දාන්න හිතපු අවස්ථාවනුත් ඇති ඕනෙ තරම්.
මම මේ අකුරු අමුණන මගේ, ඔයාලගෙ ඇත්දැකීම දශමෙකින් හරි බෙදා ගන්න, ගුණ දොස් කියන්න ගොඩ වුන ඔයාල නිසා අද මම මේ තරම් දුර ආව..
ඉතින් ඉදිරියටත් මට තවත් අකුරු අමුණන්න අවස්ථාව ලැබුණොත්, ඔයාලගෙ ඒ උදව් තියෙයි කියල මම හිතනව.
මට මේ දුර එන්න උදව් කල "මගේ උන්ට" නම් වශයෙන ස්තුති කරන්න ගිහින් එක නමක් හරි මග ඇරුනොත්, ඒක ලොකු පවක්. (අනික මගේ ක්‍රමේට තමන්ගෙ උන්ට "Thanks", "Sorry" කියන්නෙ නෑනෙ..) ඒ නිසා මම එහෙම කරන්නෙ නෑ...කොච්චර කාර්ය බහුල උනත්, මෙහෙට ගොඩවෙලා ලියන දේ කියවන්න වටිනා කාලය නාස්ති කරන ඔයාල හැමෝටම හද පිරි තුති..
ආයෙම ඇවිත් යන්න එන්න...

11 comments:

  1. ela.oya wage hith walin thawa loku dewal karanna puluwan .jaya wewa

    ReplyDelete
  2. සුභ පැතුම් ඉක්මණින් 500 බැට් කරන්න ශක්තිය ලැබේවා :D

    ReplyDelete
  3. අවංක හිතින් ලියවුනු පෝස්ටුව අපූරුයි.
    ඔබට දිගු ගමනකට සුභ පැතුම් යාලු :)

    ReplyDelete
  4. //අනික මගේ ක්‍රමේට තමන්ගෙ උන්ට "Thanks", "Sorry" කියන්නෙ නෑනෙ//
    මාත් සාමාන්‍ය ජීවිතයේදී එහෙමයි. ලඟම මිත්‍රයන්ගෙ උදව් වලට තෑන්ක්ස් කියන්නෙ නෑ.
    100ට සුභපැතුම්.

    ReplyDelete
  5. සුභ පැතුම් ඔයාට යාළු.. ඉස්සරහට තව තව හොඳ හොඳ නිර්මාණ බිහි කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. ජය වේවා!!!

    ReplyDelete
  6. උණුසුම් සුබ පැතුම් යාළුවා. ජය...!

    ReplyDelete
  7. සුභ පැතුම් වේවා 100ට...
    ජයවේවා!!!

    ReplyDelete
  8. සුභ පැතුම් මගෙනුත් සාර්ථක ඉදිරි ගමනකට...

    ReplyDelete
  9. මලයා ඔයාගේ බ්ලොග් එකනම් මාර වටිනවා. හරිම සුන්දරයි.ඔයා ලස්සනට ලෝකය දකිනවා. මමත් ලෝකයේ ලස්සන හොයමින් යන කෙනෙක්. මගේ බ්ලොගය පැත්තටත් ඇවිත් යන්න වෙලාවක.
    http://samakayawate.blogspot.com/

    ReplyDelete
  10. දිගටම ලින්න යාළුවා සුබපැතුම්!

    ReplyDelete

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...