ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න...
අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න
ලතා මඩුළු අත වනාවි
එපා අහක බලන්න
මා ගැන මතකය ගුලිකර
මහවැලියට දමන්න...
හන්තානට පායන ...
අමරසිරි පීරිස් කියන අසහාය ගායක ගායනා කරන මේ ගීතයට මම ගොඩක් ආසා කරනව... ඇයිද කියල හේතුවක් පැහැදිළි කරන්න දන්නෙ නැති දෙයක් මේ ගීතයත් එක්ක බැඳිල තියෙනව..
පේරාදෙණිය සරසවිය හා බැඳුණු මේ ගීතය ඇහෙනකොට, දෑස් පියාගෙන සරසවි බිම මතක් කරගන්න මට පුලුවන්... ඒත් වැඩේ කියන්නෙ මම සරසවියට යන්න වරම් ලද කෙනෙක් නෙවෙයි..
මගෙ මාමල ඉන්න කාලෙ, මගෙ මිත්රයන් බලන්න ගියා ඇරෙන්න මම එහෙ ගිහින් නෑ... ඒත් මහ පුදුම විදියට මම පේරාදෙණිය සරසවියට ඇලුම් කරනව... මගේ ෆ්ලිකර් එක බැලුවොත් ඔයාලට දකින්න පුලුවන් ඒකෙ මම සරසවි පින්තූර දාල තියෙනව. මම මගෙ පළවෙනි එකම ඡායාරූප ප්රදර්ශණේ කරන්න කලිනුත් එහෙ ගියා ඡායාරූප ගන්න... මම නුවර ගියොත් අනිවාර්යෙන්ම යන තැනක් සරසවිය... එතනට ගියාම හිතට දැනෙන් දේ පැහැදිළි කරන්න මම දන්නෙ නෑ... ඒත්.... මම හරිම ආසයි ඒ බිමට... ඒ නිසාම මම මේ ගීතයටත් ආසා කරනව... මොකද, මට සරසවි බිම සිහි වෙන නිසා....