
ඒ නම මට දුන්නෙ "සංසාරේ අපි" බ්ලොග් එක ලියන "ජීවිතේ මල්". මම ප්රදර්ශණේට නමක් හොයනකොට කිසි ලෝභ කමක් නැතුව ඒ නම දුන්න. ඒ විතරක් නෙවෙයි කවියකුත් ලියල දුන්න... අපි දෙන්නගෙ වාසගම එක උනාට මම ජීවිතේ මල් අඳුන ගත්තෙ මූණු පොතෙන්.. අද වෙනකනුත් දැකල නැති උනාට, සිංහල බ්ලොග්කරණයේ ගොඩක් පාඩම් මම එයාගෙන් ඉගෙන ගත්ත.. මගෙ පළවෙනි බ්ලොග් පෝස්ට් එකට සුබ පතල පළවෙනි කමෙන්ට් එක දැම්මෙ ජීවිතේ මල්... ඒ දිරි ගැන්වීමට ගොඩක් පින්.
ඒ වගේම හැමදාමත් මගෙ දේවල් වලදි තිරේ ඉස්සරහ නොහිටියට, තිරේ පිටිපස්සට වෙලා ඉඳන් මට හයිය දෙන, මාව දිරි ගන්වන මගෙ පව්ලෙ අය, මිතුරු කමට එහා ගිය සහෝදර කමක් තියෙන මගේ මිතුරු මිතුරියන් (මට එහෙම ගොඩක් අය නෑ) මට අමතක කරන්න බෑ.
මට ගොඩක් පොස්ට් ලියන්න හේතු දුන්න චූටි මල්ලි, බුද්දි අමතක කරන්න බෑ.
මගෙ බ්ලොග් එකේ ගොඩාක් යාලුවො නැති උනත්, හැමදාම මම ලියන දේ කියවල, අඩු පාඩු කියන, හොඳ ලියන, කියන මගේ යාලුවො ටික, මගෙ අක්ක,ගොඩය මල්ලි, නෙල්...., නම් නොකීවත් තව ගොඩක් අය මට ලොකු ශක්තියක් දෙනව මේව ලියන්න...

අවුරුද්දක කාලෙකදි මම අර්ධ ශතකයක් ගැහුව... ටෙස්ට් ඉනිමක්... ගොඩක් ලියන්න දේවල් හිතේ තිබුනත් ලියන්න වෙලාව හොයා ගන්න එකත් වෙලාවකට ප්රශ්ණයක්...
ඒත් පුලු පුලුවන් වෙලාවට ලියන්න බලනව...
මෙච්චර කාලයක් මගෙ එක්ක හිටිය වගේම, ගල්,මල් එක්ක ඉස්සරහටත් මගෙ එක්ක ඔයාල ඉඳීවි කියල මම විස්වාස කරනව...

මොකක් හරි හේතුවක් නිසා කෙනෙක්ට හිත රිදුනනම්, අනේක වාරයක් මට සමාවෙන්න..
නියමයි පැතුම් අයියේ. ඇත්තටම මම ජිවිතේ නොදැක්ක සමහර පැතිකඩවල් අයියගේ සමහර පෝස්ට් වලින් දැක්කා. තවත් වෙලාවකට සමහර ප්රශ්නවල මට නොපෙනුන පැත්තක් අයියා පෙන්නුවා. ඒක මේ සයිබර් අවකාශයේ ඉන්න ගොඩ දෙනෙක්ගෙන් ( විශේෂයෙන් වැඩිහිටියන්ගෙන් ) අපට ලැබෙන දෙයක්. ඉතින් අයියේ මේ හාෆ් සෙන්චරිය ගහන වෙලාවේ අයියගේ අත්දැකීම සහ අදහස් අපිත් එක්ක බෙදාගත්තට, නොපෙනෙන පැති කඩක් පෙන්නුවට බොහෝම ස්තූතියි කියන ගමන්ම තව ගොඩාක් දුර යන්න අදහස් සහ කාලය ලැබේවා කියලා හදවතින්ම ප්රාර්ථනා කරනවා..... ජය!!!!!
ReplyDeleteහොඳයි. හොඳයි. තව හොඳට කරගෙන යන්න. අපෙන් සුබ පැතුම්!!! :)
ReplyDeleteසුභ පැතුම්...මගෙනුත්....
ReplyDeleteSir, You can write next 50 in very fast, Bcos now U have some good experience and encourage
ReplyDelete