ඉන්න ඇත්තො

4 මං ආසා ගී - ලක් වැසියන්

ලක් වැසියන් කෙරෙහි 
නැමී අරහත් මහ මිහිදු හිමී 
පෙව්වෙ උතුම් සදහම් මී 
පුත නුඹටත් පොවමි පෙමී

ජාතිය රන් විමනක් වේ 
ආගම මිණි පහණක් වේ
එය රැක ගන්නනට මෙළොවේ 
සමත් වෙතොත් පුත නුඹ වේ


මේබඳු උතුම් ලංකාවේ 
දසතින් දුසිරිත් බෝවේ
මේ ගැන වැඩ කළොත් ළොවේ
නුඹෙත් මගෙත් නම කියැවේ

ඉටු කළ යුතු යුතුකම්
ලැබුණත් ලෝකෙන් ගැරහුම්
ඉවසන්නට පුලුවන්නම්
නුඹයි මගේ පුතා උතුම්

තමන් ලැබූ දිවි පෙවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුදනොකළොත් නුඹෙන් පුතේ
මෙළොවට කිසි පළක් නැතේ

මේ ගැන වැඩ කොට ඉමහත්
ලැබෙන දුකත් හිරිහැරයක්
නිවනට සරිකොට සිතතොත්
නුඹයි මගේ පුතා සමත්

කාටත් හිමි පොදු දේ නම්
නැතිබැරි හිඟ අවහිරකම්
මේ දේ මැඬගෙන දස්කම්
පෑම තමයි සුරු විරුකම්

උස්තැන් දැක හැකිලෙන්නේ
මිටිතැන් දැක පුප්පන්නේ
නිවටුන් බව සිතමින්නේ
මගේ පුතා ලොකු වෙන්නේ


සුනිල් එදිරිසිංහයන් ගායනා කරන මේ ගීතය පද රචනා කරල තියෙන්නෙ එස්. මහින්ද හිමියන්... රෝහණ වීරසිංහයන්ගේ සංගීතයෙන් රසවත් වෙච්ච මේ වගේ දේශාභිමානී ගීත දැන් ලියන්න, කියන්න කෙනෙක් නැති එක හරිම දුකක්... ඔහේ දඩ බඩ සංගීතෙකට එකට යන වචන ටිකක් කියන එක තමා දැන් ඉන්න බහුතර ගායකයො කරන්නෙ... අනේ කාලේ, වනේ වාසේ...

මේ ගීතය අහන්න

4 comments:

  1. ගොඩක් අර්ථවත් සින්දුවක්...
    අදයි මුලින්ම මේ පැත්තට ගොඩ උනේ..

    ReplyDelete
  2. ගොඩ උනාට බොහොම ස්තුතියි.. ආයෙත් ඇවිත් යන්න... සටහනක් තියන්නත් අමතක කරන්න එපා..

    ReplyDelete
  3. කාලීන ගීයක්

    ReplyDelete
  4. අදට ගැලපෙනවා එදාට වඩා

    ReplyDelete

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...