ඉන්න ඇත්තො

3 මං ආසා ගී - මල් පිට මල්

මල පිට මල් හැලෙන දිගු මාවතේ 
පිය මත පිය තබමින් හිනැහෙන නුඹේ 
ඉඟි නලුවට වශී වී 
අත්තල නගයි තුරු පත් පවා
අත්තල නගයි තුරු පත් පවා


දිය පිට දිය රැළි නගන ගං දියේ
සැඩ රළ මතින් ඔරුවක නැගී 
එතෙරට යනු දැක ඔබයි මමයි 
සැඩ නල පවා හමන හැටි පුදුමයි
සැඩ නල පවා හමන හැටි පුදුමයි..  


මල පිට මල්.....

වැහි පිට වැහි හැලෙන රාත්‍රියේ 
උණුහුම් වෙමින් තුරුලත වෙලී 
මුදු රස විඳින සඳ ඔබයි මමයි 
හිරිකඩ පවා දැනෙන හැටි පුදුමයි 
හිරිකඩ පවා දැනෙන හැටි පුදුමයි..


මල පිට මල්.....

ප්‍රවීණ ගායක නැසී ගිය ම‍ර්ව්න් පෙරේරාගේ පුත් අමල් පෙරේරා ගායනය කරන මේ ගීතයට මම ගොඩක් ආසා කරනව... මම කලින් දැනන් හිටියෙ නෑ මේක ගායනය කරන්නෙ කව්ද කියල... අමල් පෙරේරා සමහර ගායන තරඟ වලදි නවක ගායක ගයිකාවන් පහත් විදියට විවේචනය කරද්දි නම් මට මේ ගායකව පේන්න බෑ.. (ඇත්ත කියන්න එපැයි පැත්ත ගියත්.) මොකද එතන හිටිය සමහර විනිසුරු වරුන්,වරියන් මෙයාට වඩා ගොඩක් ප්‍රවීන අය.. ඒ අය බොහොම හොඳ විදියට ප්‍රතිචාර දක්වද්දිත් මෙයා කැත විදියට විවේචනය කලා.. එ කොහොම වෙතත් අපි "මේ නගරය" නමින් සංගීත සැන්ඳෑවක් සාංවිධානය කලා අමල් පෙරේරා සහ ඉන්ද්‍රචාපා බුලත්සිංහල සමග... ඒක හොඳට තිබුණ... ඔහොම වෙතත් ඉතින්, මනුස්සයගෙ ගති ගුණ කෙසේ වෙතත් හොඳ දෙයක් තියෙන්වනම් ගේ කරන්න ඕනෙනෙ.... මම මේ ගීතයට කැමතියි... මෙයාගෙ ගොඩක් ගීත නෑනෙ... අනිත් ඒව තාත්තගෙ ගීත.. ඒවනම් ගොඩක් තියෙනව මම ආසා ගී...
මේ ගීතය ලීවෙ කව්ද කියලනම් මම දන්නෙ නෑ.. සංගීතය කාගෙද කියලත් දන්නෙ නෑ.

කොහොම හරි මෙන්න ගීතය අහන්න බලන්න ඕනෙනම් ඔයාලටත්...



3 comments:

  1. මේ සින්දුවට මං ආසා හේතු දෙකක් තියෙනවා.. ඒ කසුන් කල්හාරයන්ගේ සංගීතය.. අනික සුන්දර පද රචනය..

    ReplyDelete
  2. කසුන් කල්හාරගෙ සංගීතය කොහොම උනත් හිතට වදින විදියට තියෙනව හැමදාමත්...
    මේකෙ පද රචනය කාගෙද කියල දන්නෙ නැද්ද..?

    ReplyDelete
  3. අමල් මම ආසම ගායකයා............

    ReplyDelete

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...