ඉන්න ඇත්තො

3 ටිකක් හිතන්න....

ලියන්න හිතාගෙන හිටිය දේ මොන විදියෙන් පටන් ගන්නවද කියන එක හිතා ගන්න අමාරුයි ටිකක්.. ඒත්, මේක ලියන්නම ඕනෙ...ඒ වෙන කිසි දෙයක් හින්ද නෙවෙයි.... 
මටම ඇති වෙච්ච සිත් රිදීමක් හින්ද..
මම ඇත්තටම ලියන්නෙ මගෙ අදහස්.... ඒ ඇරෙන්න මම අලුතෙන් ලියන්න පටන් ගත්තෙ මම ආස කරන ගීත... මම හිතනව ඒක කාටවත් හානියක් වෙන්නෙ නෑ කියල.. අනික මම කිසිම කෙනෙක්ට මඩ ගහන්න, එහෙමත් නැත්නම් කිසිම කෙනෙක්ට කඩේ යන්නත් මගෙ මේ සිංහල පිටුව පාවිච්චි කරල නෑ තවමත්...
දැන් කෙනෙක්ට තර්ක කරන්න පුලුවන් පහුගිය දවසක "විදුර රලපනාව සහෝදරය වෙනුවෙන් ඡන්දයක් දෙන්න" කියල මම මගෙ පිටුවෙ ඇඩ් එකක් දැම්මෙ කඩේ යන්න නෙවෙයිද කියල. ඇත්ත.. මම එහෙම එකක් දැම්ම... ඒ අපේ සහෝදරයෙක්, අන්තර් ජාතික මට්ටමේ තරඟයකට සහභාගි වෙලා අපේ රටේ නම ජාත්‍යන්තරේ බබලවන්න කළ උත්සාහයකට ගරු කරන්න... සහයෝගය දක්වන්න... 
මේක කියවන ඕනෙම සහෝදරයෙක්, සහෝදරියක්, එහෙම උත්සාහයක් දරනවනම්, මම ඕනෙම වෙලාවක ලෑස්තියි ඒ වෙනුවෙන් සහයෝගයක් දෙන්න.. 
"කව්ද මේ.." ලිපියත් මඩක් නෙවෙයි කියන එක, ඒ අදාල මල්ලිම දන්නව.. 
හරි ඇඩ් ඇති..
මම ලියන ඕනෙම දේකට දාන විවෙචන වලට මම ගොඩක් ගරු කරනව... මොකද, ඒ දේවල් තමයි උදව් වෙන්නෙ මට හැදෙන්න... මම ලියන දේවල් වල අඩු පාඩු හදා ගන්න..
ඒ හින්දම මම කවදාවත් මගෙ ලිපියක් ගැන ඕනෙම කෙනෙක්, ඕනෙම දෙයක් කීවට තරහ වෙන්නෙ නෑ.. තරහ ගන්නෙ නෑ.. ඒ කියන දේ කොච්චර හිත රිදෙන විදියට මට කීවත්, මම ඉවසල ඉන්නව.. (ඒ මගේ හැටි නෙවෙයි. ඒක මම හිතල කරනව. නැත්නම් මම චුට්ට ඇත්නම් තද වෙන කෙනෙක් කියල තමයි මගෙ යාලුවො කියන්නෙ.)
මම පොඩි කලෙ, මගෙ තාත්ත එක්තරා ත්‍රස්තවාදී ක්‍රියාවක් ගැන ප්‍රසිද්ධ පුවත්පතකට ලියපු පුවතක් සම්භන්ධයෙන් උරණ වෙච්ච නිලධාරියෙක් තාත්තව ප්‍රශ්ණ කරන්න හමුදා කඳවුරකට අරන් යන්න දරපු උත්සාහය (අන්තිමේ අරන් ගියා. ඒත් තාත්ත කරදරයක් නැතුව ආපහු ආව) සහ ඒ වටා ඇති වෙච්ච සිද්ධි හරියට ත්‍රාස ජනක ජවනිකා වගේ මට අදටත් මතකයි.  
මම ඒ කතාව කීවෙ, ඒ නිලධාරියත් හරියට ඇත්ත මොකද්ද කියල නොදැන දඟලපු නිසා.
ඉතින් ඔන්න දැනුයි ප්‍රධාන මතෘකාව.
මම පහුගිය දවසක, "අපේ ජීවිතේ මග ඇරෙන දේවල්" කියල ලිපියක් ලීව. ඒ ලිපියෙ අන්තර්ගතය මොකද්ද කියල ඒක සම්පූර්ණයෙන් කියවපු කෙනෙක්ට තේරෙයි.
ඒ ලිපිය ලියන්න මට හිතුනෙ චූටි එවපු "උපුල් ශාන්ත සන්නස්ගලගෙ" අම්ම ගැන පුවත් පතකට ලියල තිබුන ලිපිය කියෙව්වම බව ඇත්තයි... ඒත් එතන මම එයා ගැන ලිපියක් ලීවෙ නෑ... උපුල් ශාන්ත සන්නස්ගල හොඳද, නරකද, කළ වැඩ හොඳද, නරකද කියන්න මම ගියෙ නෑ... මට එහෙම කරන්න ඕනෙත් නෑ....(අපි එහෙම බැලුවොත්, අපිට කිසිම කෙනෙක් කියන කරන හොඳ දෙයක් ගන්න බෑ.. මොකද මේ ලෝකෙ කිසිම කෙනෙක් නෑ සර්ව සම්පූර්ණ... ජීවිතෙ කිසිම දවසක, කිසිම වරදක් නොකරපු. අපි කරන්න ඕනෙ කාගෙන් උනත්, ජීවිතේට හොඳ දෙයක් ගන්න පුලුවන්නම්, පාඩමක් ඉගෙන ගන්න පුලුවන්නම් ඒ දේ ගන්න එකයි. නැතුව එයාගෙ ජාතකේ හොයන එක නෙවෙයි.. සිංහල අපිට සමහර වෙලාවට වරදින්නෙ එතන)
මට මගෙ ලිපිය ලියන්න අදහස ආවෙ එයාගෙ ලිපියෙ එක කොටසක් කියවපුවම... මම ඒ ගැන බොහොම පැහැදිලිව ලියල තියෙනව... ඒත් මම මුලින්ම "මූණු පොතේ" මගෙ ලිපිය ගැන දානකොට මම 
"සිංහල සන්නස්ගල (හැමෝම දන්නවනෙ එහෙම කීවම) එයාගෙ අම්ම ගැන එක පත්තරේකට ලියපු ලිපියක්... මට මතක හැටියට ඒක පත්තරේ තියෙනකොටම මම ඒක දැක්ක.. ඒත් කියෙව්වෙ නෑ... මට එදා ඒක කියවන්න කම්මැලි හිතුන... " 
කියන කොටස දැම්ම tag line එකක් විදියට.. මේක දැකපු ගමන් අපේ එක සහෝදරයෙක්, සන්නස්ගලගෙ ජාතකේම කියල , ඊට අදාල වෙබ් ලිපින දාල කොමෙන්ටුවක් දැම්ම මූණු පොතේ...
ඒක දාපු විදියට මට හොඳටම විස්වාසයි ඒ සහෝදරය මගෙ ලිපිය කියෙව්වෙ නෑ කියල...එයා ඒක කියෙව්වනම් කවදාවත් ඒ කල දේ කරයි කියල මම හිතන්නෙ නෑ. මොකද මගෙ ලිපියෙ කොතනකවත් මම කියල නෑ සන්නස්ගල "කලුද" නැත්නම් "සුදුද" කියල.. මට එහෙම කියන්න ඕනෙත් නෑ.
අන්න ඒ නිසා, මට ඇත්තටමට හිත රිදුන ඒක කියවපුවම.... මම ඒ දාල තිබුන සියලුම දේ මූණු පොතෙන් මකල, දැන් තියෙන එක ආයෙම දැම්ම ඉතින්... මම ඒ සහෝදරයට පුද්ගලිකවම පණිවිඩයක් දැම්ම... ඒත් එයා මට පිළිතුරක්වත් දැම්මෙ නෑ... මම තරහ නෑ ඒ සහෝදරය එක්ක...
ඒත් මම එක දෙයක් ඉල්ලන්නම් මේක කියවන අයගෙන්... (කියවයිද දන්නෙ නෑ..) අපි දෙයක්, කෙනෙක් ගැන පිටින් බලල නිගමන ව්ලට එළඹෙනවට වඩා, ඒ ගැන කියවල, කතා කරල, හොයල බලල, තීරණ වලට එන එක නේද හොඳ..?
මනුස්සයෙක් ඇඳන් ඉන්න ඇඳුම, කොණ්ඩෙ පීරන විදිය, දාල ඉන්න සෙරෙප්පු දෙක දිහා බලල ඒ මනුස්සය කව්ද කියන තීරණේ ගන්නවට වඩා, ඒ ඇතුලෙ ඉන්නෙ කව්ද කියන එක තේරුම් ගන්න එක නේද හරි..? 
ටිකක් හිතන්න..

3 comments:

  1. බ්ලොග් කියන්නෙ සයිබර් ස්පේස් එකේ දෙයක් ඒවාගෙ දේකට ඔය තරම් හිත තලාගන්න එක තේරුමක් නෑ..තමුන්ට දිරවනව අනුන්ට නොදිරවනව කියල බල බල ඉන්න එකේ වැඩක් නෑ..

    ReplyDelete
  2. සිංහල සන්නස්ගල ගැන ලියපු පෝස්ට් එකයි, ඊට කලින් ලියපු සමන්මලී ගැන පෝස්ට් එකයි ගැන මම ටිකක් කල් ඉඳන් මට දැනුනු දේ ලියන්න හිටියේ... ඇත්තටම හිතට කාවැදිච්ච පෝස්ට් 2ක්... මට ඒ 2ක කියවලා ලියන්නේ මොනවද කියලා එකපාරටම හිතා ගන්න බැරි වුනා. මොකද හිතට දැනෙන සමහර දේ ඒ විදියටම විස්තර කරන එක අමාරු නිසා.

    විශේෂයෙන්ම සිංහල සන්නස්ගල ගැන ලියපු පෝස්ට් එක... හරිම ලස්සනයි...

    ReplyDelete
  3. අනේ නෙල්...
    ඒක සිංහල සන්නස්ගල ගැන පෝස්ට් එකක්නම් නෙවෙයි...
    ඒක මට හිතුන දෙයක්... සිංහල සන්නස්ගලගෙ ලිපිය කියෙව්වම තමා මට හිතුනෙ ඒක ලියන්න...
    කොහොම වෙතත්, මටත් ඕනෙ මම ලියන දෙයක් හිතට දැනුන කෙනෙක්ගෙ හැබෑ අදහස්.. නැතුව නිකන් හොඳයි කියන ඒව නෙවෙ..

    ReplyDelete

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...